Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
"දඬුවම් කරනවා වෙනුවට එයාලට උසස් වීම් දුන්නා.." - බරපතල ලිංගික හිංසනයට ලක්වූ කාන්තා පාපන්දු කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩිකාව කියයි

- "දඬුවම් කරනවා වෙනුවට එයාලට උසස් වීම් දුන්නා.." - බරපතල ලිංගික හිංසනයට ලක්වූ කාන්තා පාපන්දු කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩිකාව කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,840 Views
මට පෙන්නන්න ඔයා කොයිතරම් ලස්සනද කියලා 
 
ලස්සන ගැහැණු ළමයි විතරයි කණ්ඩායමට ඇතුළත් කරගන්නේ 
 
තාලිබාන් සංවිධානයේ පාලනයෙන් මිදුණු ඇෆ්ගනිස්ථානයේ ආරම්භ කළ කාන්තා පාපන්දු කණ්ඩායම එරට කාන්තාවන්ගේ නිදහසේ සංකේතය ලෙස හඳුන්වනු ලබනවා. 
 
නමුත්, එම ක්‍රීඩිකාවන් නිරන්තරයෙන් ලිංගික හිංසනයට ලක් වන බව ඇෆ්ගනිස්තානයේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා නිලධාරීන් පිළිගෙන ඇත අතර පාපන්දු පමණක් නොව අනෙකුත් සියලු ක්‍රීඩාවලට සම්බන්ධ කාන්තාවෝ ද හිංසනයට ලක් වන බව ඔවුන් පිළිගන්නවා. 
 
සිය පුහුණුකරුවන් සහ ක්‍රීඩා නිලධාරීන් සිදු කරන ලිංගික හිංසන ගැන විවෘතව කතා කිරීමට බොහෝ ක්‍රීඩිකාවන් බිය පළ කළ නමුත්, කීපදෙනෙක් තමන් මුහුණ දුන් කටුක අත්දැකීම් ගැන විස්තර හෙළි කළා.

ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩිකාවන්ට සිදුව ඇතැයි පවසන හිංසන ගැන පරීක්ෂණ පැවැත්වීමට ෆීෆා ජගත් පාපන්දු පාලක මණ්ඩලය (Fifa) කටයුතු කර තිබෙනවා. 
 
ඉන්පසු, ඇෆ්ගනිස්තාන නීතිපති දෙපාර්තමේන්තුව ද මේ ගැන පරීක්ෂණ පවත්වන බව ප්‍රකාශ කළා. 
 
මෙම හිංසන ගැන අසා "ඇෆ්ගනිස්තානුවන් කම්පනයට පත් වුණා" යැයි එරට ජනාධිපති අෂ්රෆ් ගානි සදුඳා (දෙසැම්බර් 3) පැවසුවා. 
 
"මේ වගේ චෝදනා නිසා අපේ මිනිස්සු ඔවුන්ගේ පුරුෂයන් සහ කාන්තාවන් දරුවන් ක්‍රීඩාවන් සඳහා යොමු කිරීම නවත්වනවා. අපි ඉතා ඉක්මනින් පුළුල් ලෙස මේ ගැන සොයා බැලිය යුතුයි," ඔහු කියනවා. ඇෆ්ගනිස්තාන පාපන්දු සංගමයේ සභාපති සහ ලේකම්ට ද කාන්තා ලිංගික හිංසන චෝදනා එල්ල වී තිබීම විශේෂයි. නමුත් ඔවුන් දෙදෙනාම එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. "ඔවුන් බොරු කියන්නේ. කිසිම ක්‍රීඩිකාවකට ලිංගික හිංසන සිදු වෙලා නැහැ," යැයි පාපන්දු සංගමයේ ලේකම් සයෙඩ් අලිරේසා අක්සාදා පැවසුවා. 
 
මෙම චෝදනා පිළිබඳ ඇෆ්ගනිස්තාන පාර්ලිමේන්තුවේ සහ ඔලිම්පික් කමිටුවේ ද අවධානය යොමුව ඇති බව සඳහන්. "මේ වගේ දේවල් අසන්න ලැබීම ගැන ඇත්තෙන්ම දුකයි. ලිංගික හිංසනය පාපන්දු ක්‍රීඩාවේ විතරක් නෙමෙයි, අනෙක් ක්‍රීඩාවල ද දක්නට ලැබෙනවා. අපි මෙයට එරෙහිව සටන් කරන්න ඕනෙ," 
 
ඇෆ්ගනිස්තාන ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා වන හෆිසුල්ලා රහිමි පැවසුවා. 
 
පුහුණුකරුවන් සහ නිලධාරීන්ගේ ලිංගික හිංසනවලට ලක් වූ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ හිටපු ක්‍රීඩිකාවන් නැගූ චෝදනා ඉහළ නිලධාරියෙකු පිළිගත් ප්‍රථම අවස්ථාව මෙයයි. 
 
මේ තොරතුරුද කියවන්න: මෙම චෝදනා බොහොමයක් ඉදිරිපත් කර ඇත්තේ ඇෆ්ගනිස්තාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ හිටපු නායිකා කලිදා පොපාල් විසින්. 
 
ඇය කණ්ඩායම් අධ්‍යක්ෂකවරිය ලෙස ද කටයුතු කළා. සිය තරුණ කාලයේ දී ජීවිත අවදානම නොතකා පාපන්දු ක්‍රීඩාවේ යෙදීමට ඇය කටයුතු කළා. 
 
ඇෆ්ගනිස්තානය තාලිබාන් නීතිය යටතේ පවතින කාලයේ දී ඉතා රහසිගතව පාපන්දු ක්‍රීඩා කළා. 
 
පාසලෙන් එපිට සිටින තාලිබාන් ආරක්ෂක භටයන්ට ඇසේ යැයි බියෙන් ඇය ඇතුළු යහළුවන් පිරිස නිශ්ශබ්දව පාපන්දු ක්‍රීඩාවේ යෙදී තිබෙනවා. 
 
ඇයට දිගින් දිගටම මරණ තර්ජනවලට මුහුණ දීමට සිදු වීම හේතුවෙන් 2011 දී ඩෙන්මාර්ක් බලා පිටත් වී ඇති තිබෙනවා. 
 
වර්තමාන ඇෆ්ගනිස්ථානයේ පාපන්දු ක්‍රීඩාවේ නියැලී සිටින තරුණ කාන්තාවන් ඔවුන් මුහුණ දෙන ලිංගික හිංසන පිළිබඳ තමන්ට නිතර පවසන බව කලිදා පවසනවා. 
 
සමහර කාන්තාවන් දූෂණයට ලක් වී ඇති අතර, බොහෝ දෙනෙකු දරුණු ලිංගික හිංසනවලට ලක්ව තිබෙනවා. 
 
හිංසනවලට එරෙහිව කිසිවක් කළ නොහැකි යැයි ඇය සිතුවත්, පුහුණුකරුවන් දෙදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට ඇය සමත් වුණා. 
 
වසර කීපයකට පෙර ඇය සියලු සාක්ෂි ඇෆ්ගන් පාපන්දු සංගමය වෙත යොමු කරනු ලැබුවා. "ඔවුන්ට දඬුවම් කරනවා හෝ ඉවත් කරනවා වෙනුවට, උසස් වීම් ලබා දුන්නා," යැයි ඇය පැවසුවා. 
 
බොහෝ නිලධාරීන්ට ඇෆ්ගනිස්ථාන රජය සමග සමීප සම්බන්ධතා ඇති බව ඇය කියනවා. 
 
ජාතික කණ්ඩායම් සංචිතයට ඇතුළත් කර ගන්නවා යැයි පවසා, ක්‍රීඩිකාවන්ට මුදල් ලබා දෙමින් ඔවුන් සමග ලිංගික සේවනයේ යෙදීමට බොහෝ නිලධාරීහු කටයුතු කර තිබෙනවා. 
 
"මට පෙන්නන්න ඔයා කොයිතරම් ලස්සන ද කියලා. මොකද ලස්සන ගැහැණු ළමයි විතරයි කණ්ඩායමට ඇතුළත් කරගන්නේ," එක්තරා නිලධාරියෙකු තමන්ට පැවසූ බව ක්‍රීඩිකාවක සඳහන් කළා. 
 
2001 දී තාලිබාන් සංවිධානයේ බිඳ වැටීමත් සමග, මෙම කාන්තා පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර වශයෙන් හඳුන්වනු ලැබුවේ කාන්තාවන් ලැබූ නිදහසේ සංකේතයක් ලෙසයි. 
 
කාබුල් නගරයේ ඔවුන් පුහුණු වීම් සිදු කරන පාපන්දු ක්‍රීඩාංගණය මීට වසර කීපයකට පෙර තාලිබාන් සංවිධානය පුද්ගලයන් ඝාතනය කිරීමට යොදා ගත් ස්ථානයයි. 
 
කලිදා ඇෆ්ගනිස්ථාන පාපන්දු සංගමයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සමයේ ඇමරිකානු කාන්තා පුහුණුකාරියන් මෙන්ම තවත් ඇෆ්ගනිස්තාන කාන්තාවන්ගේ සහය හැකිතාක් ලබා ගැනීමට කටයුතු කළා. 
 
"නමුත් පුරුෂයන් අවාසනාවන්ත ලෙස අපේ ව්‍යාපෘතිය නැවැත්වීමට කටයුතු කළා," ඇය ඉදිරිපත් කරන චෝදනා පිළිබඳ 'ද ගාඩියන් (The Guardian)' පුවත්පතේ පළ වීමත් සමඟ, බොහෝ කාන්තාවන් සහ පුරුෂයන් තමන් අමතා ස්තුති කළ බව ඇය පැවසුවා. 
 
බොහෝ දෙනෙකු හැඬූ කඳුළින් පැවසුවේ මෙවැනි අත්දැකීම්වලට මුහුණ දී ඇතත්, ඒ කිසිවක් හෙළි කිරීමට බිය වූ බවයි. 
 
"මම දන්නවා මගේ හඬින් බොහෝ ජීවිත වෙනස් කළ හැකි බව." 
 
"මම දන්නවා මගේ හඬින් මේ ක්‍රමය වෙනස් කළ හැකි බව," ඇය කියනවා.
-බීබීසි
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,351 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,209 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,967 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  956 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,146 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,452 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,925 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  942,028 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  22,202 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  7,404 Downloads



Top 10 Commenters

Latest Comments

Top