සීතල නත්තල උණසුම් කරමින් ආදරණීය ප්‍රේක්ෂක ඔබට වින්දනීය අත්දැකීම් රැසක් මෙදා නත්තලේදීත් ඔබේ ආලින්දයට එක්කරන්නට හිරු TV කටයුතු යොදා තිබෙනවා. ඉන් එකින් එක ඔබේ දෙනෙත් මානයට ගෙන එද්දී අසිරිමත් නත්තල උදා වූ අද (25) දිනයේ උදෑසනින්ම හිරුගේ නත්තල් සාදය වන "හිරුත් එක්ක නත්තල්" විශේෂ වැඩසටහන වෙනදා වගේම ඔබ ආදරය කරන කලා ක්ෂේත්‍රයේ සියළුම කලා ශිල්පීන් ශිල්පිනියන් සමඟ එක්ව ප්‍රාසාංගිකව ගෙන එන්නට ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතා ප්‍රමුඛව හිරු TV කටයුතු කළා.