යහපාලන සංකල්පය රනිල් විනාශ කළා
මහින්ද පත් කිරීම අහම්බයක් නොවෙයි
ඔක්තෝම්බර් මස 26 වැනිදා රනිල් වික්රමසිංහ අග්රාමාත්ය ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ අග්රාමාත්ය ධූරයට පත් කිරීමට ගත් තීරණය රට වෙනුවෙන් ගත් නිවැරදි තීන්දුවක් බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රකාශ කළා.
සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගනයේ පැවති ශ්රී ලංකා නිදහස් පක්ෂ විශේෂ නියෝජිත සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
එහිදී පවතින දේශපාලන අර්බුදය සතියක කාලයක් තුළ අවසන් කරන බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ.
අර්බුදකාරී තත්වය නිර්මාණය කළේ තමා නොවන අතර, එහි වගකීම භාරගත යුත්තේ එක්සත් ජාතික පක්ෂ නායකයා බව ජනාධිපතිවරයා එහිදී ප්රකාශ කළා.
පවතින තත්ත්වය වෙනස් කරමින් රට ගොඩනැගීමට සියලූ දේශපාලන පක්ෂ සහ නායකයන් වෙත සාමයේ දෑත් දිගු කරන බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.
නිදහස් පක්ෂය සැමදා විශ්වාසය තබා ඇත්තේ රටේ ජනතාව පිළිබඳව බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රකාශ කළ අතර, රට විනාශ කරන අන්ත ලිබරල්වාදී දේශපාලන වැඩපිළිවෙල පරාජය කළ හැකි එකම දේශපාලන පක්ෂය නිදහස් පක්ෂය බවයි එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ රනිල් වික්රමසිංහ රට, යහපාලනය සහ එක්සත් ජාතික පක්ෂය විනාශ කළා මෙන්ම තමාවද යම් තරමකට විනාශ කළ බවයි.
මෙහිදී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිල පුවත් වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීමද සිදු කෙරුණා.