Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
04
"අම්මේ ගේ ඇතුළේ එක එක ශබ්ද ඇහෙනවා" - බිරිඳගේ අනියම් පෙමක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ ඇස් අන්ධ වූ සමන් ගැන අම්මා කියූ සංවේදී කතාව - Video

- "අම්මේ ගේ ඇතුළේ එක එක ශබ්ද ඇහෙනවා" - බිරිඳගේ අනියම් පෙමක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ ඇස් අන්ධ වූ සමන් ගැන අම්මා කියූ සංවේදී කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49,121 Views
අනියම් සැමියාව ගෙදරටම ගෙන්නගෙන ඔහුත් එක්ක ඉඳලා 
 
සියදිවි නසාගත්තා වගේ ඇඟවෙන්න ඝාතනය කරලා 
 
පී.ඩී. ගුණවර්ධන හා ඩබ්ලිව්. ඒ. ඉන්ද්‍රාණිට දාව දරුවන් දෙදෙනෙක් සිටියා. ලොකු පුතා සමන් ගුණවර්ධන. මල්ලි චාමින්ද ගුණවර්ධන. සැමියාගේ අභාවයෙන් පසු පියාගේ ව්‍යාපාර කටයුතු අතට ගත්තේ ඉන්ද්‍රාණි. 
 
නිලාන් පුතා අම්මාට සහය දුන්නා. ඒ වන විට සමන් අධ්‍යාපනය ලැබුවේ කොළඹ. පසුව අධික ලෙස නිදී මැරීමට නොහැකි නිසා එළවළු ව්‍යාපාරය කරගෙන යාම මල්ලි නිලාන්ට දුන් සමන්, දඹුල්ල නගරයේ සෙනිත් කොමිනියුකේෂන් නමින් ව්‍යාපාරයක් ආරම්භ කළා. 
 
ඉන්පසු දඹුල්ලේ බොහෝ දෙනා සමන් හැඳින්වූයේ ‘‘සෙනිත් මල්ලී‘‘ ලෙසයි. 
 
වාසනා කියන්නේ මේ ආයතනයට පැමිණී සේවිකාවක්. වැඩි කලක් යන්න කලින් ඇය එක්ක ආදරෙන් බැඳුනු සමන් පසුකාලීනව ඇයත් එක්ක විවාහ වෙනවා. 
 
විවාහයෙන් පස්සේ බිරියගේ මහගෙදර පදිංචි වන ඔවුන් වසර තුනකට පස්සේ එහි සිට සෙනිත් ගොඩනැගිල්ලේ එක තට්ටුවකට පදිංචියට යනවා.

කල් යත්ම සතුටින් කල් ගෙවූ සමන්ගේ දෙනෙත් නොපෙනී යනවා. ඒ නිසාම ව්‍යපාරවල නියැලීම දිගින් දිගටම කරන එක ඔහුට අපහසු වුණා. ඒ නිසා ඒ සියල්ල බලා කියාගත්තේ සමන්ගේ බිරිඳ විසින්. 
 
බිරිය ඔහුට අවශ්‍ය ආහාරපාන සකසා අනතුරුව ව්‍යාපාර කටයුතුවලට සෙනිත් ගොඩනැගිල්ලට යන අතර දිවා කාලයේදි ඔහුගේ මව ඉන්ද්‍රාණි, පුතා (සමන්) බැලීමට ඔහුගේ නිවසට ඒමෙන් පසු ඔහුගේ මව මහගෙදරට යනවා. 
 
කාලය මෙහෙම ගෙවෙද්දි සමන් හා බිරිඳ අතර නොයෙකුත් ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගත්තා. තමන්ගේ දෙනෙත් නොපෙනීම නිසා ඔහුට කිසි දෙයක් දකින්නට නොහැකි වුණත් ඔහුගේ කන් හොඳින් ඇහුණා. මේ නිසා මව නිවෙසට පැමිණි බොහෝ අවස්ථාවල ඔහු ඇයට පවසා තිබුණේ ඔහුට නිවෙස ඇතුළත් ශබ්ද ඇසෙන බවයි. 
 
2016 දෙසැම්බර් 3 වැනිදා සුපුරුදු ලෙස ඉන්ද්‍රාණි සිය පුතු බලන්නට ඔහු ගෙදරට ගියා. ඒත් සමන් පෙනෙන්නට හිටියේ නෑ. ඇගේ හිතට දැණුනේ සැකයක්. පසුව සොයා බැලු ඇයට දැක ගන්න ලැබුණේ සමන් බිම වැටී සිටින ආකාරයක්. 
 
“පුතේ....‘‘ 
 
සමන්ට අසනීපයක් යැයි සිතුවත් මුහුණ බලද්දි ඔහුගේ මව දුටුවේ ගෙල වට ඇති වයරයක්. එය ලිහිල් කළ මව මේ ගැන සමන්ගේ බිරිඳට දන්වා යැව්වා. 
 
පසුව ඇයත් එතනට දිව ආවා. ටික වෙලාවකින් දඹුල්ල අවටම මෙම ආරංචිය පැතිර ගියා. ඒ සමන් ගෙල වැළලාගෙන මිය ගියා කියන ආරංචිය. 
 
දඹුල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ඇරඹුවා. ඒ අනුව ජනේලයක ගැට ගසා තිබුණු තවත් වයරයක් සොයා ගැනීමට පොලීසියට හැකිවුණා. බොහෝ අය සිතුවේ සමන් ගෙල වැලලා ගන්නට තැත් කරද්දි වයරය කැඩී මිය යන්නට ඇති බවටයි. 
 
පොලීසිය සියලු දෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කරගැනීම ඇරඹුවේ එතනින්. පශ්වාත් මරණ පරීක්ෂණයෙන් පසුවත් මේ සම්බන්ධව විමර්ශනය කිරීම සිදු කෙරුණා. එහෙත් සියයට සියයක්ම නිවැරදි නිශ්චිත තීන්දුවක් එතනින් ලැබුණෙත් නැහැ. පොලීසිය ඊළඟට සැක කළේ බිරිඳ හා සමන් අතර ඇති වූ මතභේදයන් ගැනයි. එහි අවසාන ප්‍රථිපලය වුණේ මව විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමයි. 
 
‘‘එදා තිස් එක්වැනිදා සමන් පුතාගේ බිරිය මට කතා කළා. එතකොට උදේ දහය හමාරට ඇති. අම්මේ ගෙදර එනවද ඇහුවා. මම ඇහැව්ව පුතාට බෙහෙත් බැන්දද පුතා කෑවද මොනවද කෑවේ කියලා. එතකොට බිරිඳ කිව්වා ඔව් අම්මේ අයියා කෑම කෑවා කියලා....‘‘ 
 
‘‘ඒ පාර මම කිව්වා, මම දැන් එන්නේ නැහැ, හවස් වෙලා එන්නම් කියලා. මම ආයෙත් 12.45ට විතර පුතාලගේ ගෙදරට කෝල් කළා. එතකොට පුතා කෝල් එක ගත්තා. එයාගේ ඇස් නොපෙණුනාට ටැලිෆෝන් එක තියෙන තැනට එයා මතකෙන් එනවා. පස්සේ ආයෙමත් මම කෝල් කළා එනවා කියලා කියන්න. පස්සේ කෝල් ගත්තා වුණත් පුතා ඒ එකකටවත් ආනසර් කළේ නැහැ...‘‘ 
 
‘‘මම හිතුවා පුතා ඇයි කතා කරන්නේ නැත්තේ. ගෙදර නැතිවද කියලා හිතලා දවල් එකට විතර මම එහේ ගිහින් බලද්දි පුතා කාමරේ වැටිලා හිටියා. මම පුතේ කියලා කෑ ගහගෙන ගියා. ළඟට ගිහින් බලද්දි බෙල්ලේ වයර් එකක් තිබුණා. මම ඒක ලිහුවා...‘‘ 
 
දඹුල්ල පොලීසිය පවත්වන පරීක්ෂණ ගැන තමන් සෑහීමකට පත් නොවන බව සඳහන් කරමින්, ඇය පොලිස්පතිතුමාට මේ ගැන දන්වා තිබුණා. පසුව පරීක්ෂණය භාර වන්නේ මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයටයි. 
 
ඒ අනුව ස්ථානාධිපති එස්. ආර්. රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් උප පොලිස් පරීක්ෂක කේ. සිරිවර්ධන ඇතුළු නිලධාරින් කණ්ඩායම මෙහි මූලික විමර්ශන ආරම්භ කළා. 
 
‘‘අපි මුලින්ම කළේ මේ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගැනීමයි. ඒ අනුව 50 දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගන්න හැකිවුණා. දඹුල්ල පොලීසිය මියගිය පුද්ගලයාගේ බෙල්ලේ තිබුණු වයර් එක අධිකරණයට භාර දීලයි තිබුණේ. ඒ වයර් එක ක්‍රි ෆේස් වයර් එකක්. මේක අපි රස පරීක්ෂකවරයෙකුට දීලා පරීක්ෂා කළා. පස්සේ තමයි අපිට තේරුණේ මේක සූක්ෂම සැලැස්මක් වග. ඒ අනුව ගුණවර්ධන කියන පුද්ගලයාගේ මරණය සියදිවි නසා ගැනීමක් නෙමේ ගෙල සිරකිරීමෙන් සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් බව කුරුණෑගල ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා තීරණය කළා...‘‘ 
 
‘‘පස්සේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කරනු ලැබුවා. පොලීසිය ඒ අනුව එම මරණය මනුෂ්‍ය ඝාතනයක් හැටියට ලේඛන ගත කළා. මීට සම්බන්ධ අපරාධකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා මහේස්ත්‍රාත්වරයා නියෝගයක් දුන්නා..‘‘ 
 
මෙය හෙළි වීමත් සමඟ සමන් පාර්ශවය හා බිරිඳ පාර්ශවය අතර හිතහොඳකම් පළුඳු වුණා. ඔවුන් ඒ මරණය සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කිරීම පටන් ගත්තා. 
 
මෙහිදී බිරියගේ පාර්ශවයෙන් අදාළ නඩුව සඳහා කොළඹ ප්‍රසිද්ධ නීතිඥවරුන්ගේ සහය ලබාගෙන තිබීම දකින්නට ලැබුණු විශේෂත්වයක්. 
 
කෙසේ වෙතත් පරීක්ෂණ සූක්ෂමව ක්‍රියාත්මක වෙද්දි බොහෝ අය එය නතර කර ඇති බවටත් චෝදනා එල්ල කළා. ඊට හේතුව වූයේ සමන් මියගොස් වසර දෙකකට ආසන්න වුවත් ඊට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වූ නිසයි. එහෙත් එහි විමර්ශන රහසිගතව සිදු කෙරුණා. 
 
‘‘අපි ඉන් පස්සේ මේ ගෙදර තිබුණු සිසිටීවි කැමරා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා. අපි එහෙම කළේ මෙහි කිසියම් දෙයක් සැඟවිලා තියෙනවා නම් එහි සත්‍යතාවය දැනගන්නයි. ඒ සඳහා අපි අධිකරණයෙන් නියෝගයක් ලබාගෙනයි තිබුණේ. අපි බිරියගෙන් විමසුවා මේ කැමරා ක්‍රිකාකාරි තත්ත්වයෙන් තිබුණාද කියලා. බිරිඳ කිව්වා විටින් විට ඒවා වැඩ කරනවා පසුව ඒවා කැඩුණා කියලත්. සමහර දවස්වලට ෆෑන් එක දාන්න ඕනි වුණාම ඒකේ ප්ල්ග් එක ගලවනවා කියලත්...‘‘ 
 
‘‘අපි කෝකටත් ඒවායේ දත්ත පරීක්ෂා කරලා ජීබී 1000ක තැටි දෙකක් රස පරීක්ෂක කාර්යාලයට භාර දුන්නා. එහි යමක් ඇත්දැයි ඉන් දෙයක් අනාවරණය කරගන්න පුළුවන්ද කියලා බලන්න. පස්සේ ඒ රූපරාමු පරීක්ෂා කරලා ඉන් එකක් අපිටත් අනික මුද්‍රා තබලා අධිකරණයටත් බාර දුන්නා...‘‘ 
 
‘‘අපිට දුන්න තැටිය ඉදිරි විමර්ශනවලට යමක් හොයාගන්න පුළුවන්ද කියලා බලන්න අපි උත්සහ කරද්දි අපිට තේරුණා මේ දත්තවල කිසියම් ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙනවා කියලා. ඒත් කිසිම හෝඩුවාවක් ලැබුණේ නැහැ. ඊළඟට තමයි අපි දුරකථන පරීක්ෂා කළේ. බිරිඳගේ දුරකථනය බලද්දි කිසියම් වෙනස්කම් වගයක් තියෙනවා පෙණුනා...‘‘ 
 
‘‘ඊට හේතුව වුණේ ඇය වෙනත් සිම්පත් යොදාගෙන තිබීමයි. නොයෙකුත් සිම් වලින් එක දිගට කසියම් අයෙකුට කතා කරපු අංක තිබුණා. අපි ඒ අංක ගැන සියුම් ලෙස පරීක්ෂණ කළා. එහිදී අපි දැනගත්තා ඇයට අනියම් පුරුෂයෙකු සිටින බව. ඉන් පසු අපි ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ඇරඹුවා....‘‘ 
 
‘‘වැඩිදුරටත් සොයා බැලීමේදී මෙම අනියම් සම්බන්ධය සමන් මියයාමටත් කලින් තිබුණු එකක් බව අපි හොයාගත්තා. මේ දෙන්නා කතා කරලා තිබුණේ එක එක සිම්වලින්. නුවන් කියන පුද්ගලයා සමඟ තමයි බිරිඳ අනියම් ඇසුරක් පවත්වලා තිබුණේ. එකොළොස් වෙනි මාසේ විසි එක් වැනිදා අපි නුවන් කියන පුද්ගලයාව අත්අඩංගුවට ගත්තා...‘‘ 
 
‘‘අපි ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. බිරිඳත් ගෙන්වලා ප්‍රකාශ ලබාගත්තා.. ඒත් අපිට පැය විසි හතරෙන් විමර්ශනය අවසන් කරන්න බැරිවුණා...‘‘ 
 
‘‘විමර්ශනයේ අවසානයට අපිට ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන් වුණා....‘‘ 
 
කෙසේ වෙතත් නුවන් ගැන තොරතුරු අනාවරණය වුණේ ඉන් අනතුරුවයි. නුවන් යනු විවාහක දරු තිදෙනෙකුගේ පියෙකු බවත් එම කාන්තාවටද ඊට කලින් විවාහයේදී තවත් දරුවෙකු සිටින බවද අනාවරණය වුණා. 
 
මොහු මුලින් කොමිනියුකේෂන් වලට දුරකථන සිම්පත් දැමීමේ කාර්යය සිදු කර ඇති බවත් එලෙස සෙනිත් කොමිනියුකේෂන් එකට පැමිණි මොහොතේ මෙම අනියම් සබඳතාවය ඇති වී තිබෙන බවත් සඳහන්. 
 
ඔහු තිස් පස් හැවිරිදියි. ඇය තිස් නව හැවිරිදියි. අනියම් ප්‍රේමයෙන් පසු මොහු යමක් සමන් ගුණවර්ධනගේ නිවෙසට යාම් ඒම්ද කර ඇති අතර කාලය ගත කර තිබෙන බවද ප්‍රශ්න කිරීමේදී පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා. 
 
සමන්ගේ අන්ධභාවය නිසා ඔවුන්ට රිසිසේ හැසිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇති බවද පොලීසිය පවසනවා. 
 
‘‘කොහොම වුණත් මේ විමර්ශනයෙන් පස්සේ සැකපිට නුවන් කියන පුද්ගලයා අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ තමයි සමන් පාර්ශවය වගේම ඔහුගේ බිරියගේ පාර්ශවයන් දැනගන්නේ මෙහෙම අනියම් සබඳකම් තිබුණු බවට. අනික තමයි මේ අනියම් පුරුෂයා සමන්ගේ මරණයටත් සහභාගි වෙලා තියෙනවා. අවශ්‍ය කටයුතු වලටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් කිසිම පාර්ශවයක් මේ ගැන දන්නේ නෑ. මොහු ගැන අපි දැනගන්නේ කුරුණෑගල පැත්තේ ඉන්න තවත් අනියම් බිරිඳකගෙන් ඒ කාන්තාවගේ නමට ගත් දුරකථන සිම්පතක් නිසා...‘‘ 
 
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වන සියලුම චෝදනා සමන්ගේ බිරිය ප්‍රතික්ෂේප කරනවා. 
 
නමුත් පොලීසිය පවසන්නේ සාක්ෂි ඔස්සේ විමර්ශනය ඉදිරියටත් අඛණ්ඩව සිදු කරන බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  3,364 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  155 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,773 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,989 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,285 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,703 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,205 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,966 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,989 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top