Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
04
"සටන තවත් ඉවර නැහැ.." - පිළිකාවට එරෙහිව සටන් කරන බොලිවුඩ් නිළි සොනාලි බෙන්ද්‍රේ තැබූ සටහන

- "සටන තවත් ඉවර නැහැ.." - පිළිකාවට එරෙහිව සටන් කරන බොලිවුඩ් නිළි සොනාලි බෙන්ද්‍රේ තැබූ සටහනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31 Views
දරුණු පිළිකා රෝගී තත්වයකට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බොලිවුඩ් නිළි සොනාලි බෙන්ද්‍රේ නිව්යෝක් නුවර සිට නැවත ඉන්දියාවට පැමිණ තිබේ.

ඇය තමන් පීඩා විඳින පිළිකා රෝගයට එරෙහිව ගෙන යන සටන සහ අත්දැකීම් ගැන නිතර සටහන් ලියුවාය. මේ හේතුවෙන්, 43 හැවිරිදි රංගන ශිල්පිනිය ගැන ප්‍රශංසා කරමින් සමාජ මාධ්‍ය ජාලවල බොහෝ වැකි පළ වී තිබේ.

සොනාලි බෙන්ද්‍රේ "සුව අතට හැරෙමින්" සිටින බව ඇගේ සැමියා ගෝල්දි බේල් පැවසූ නමුත්, ඇය නිතර වෛද්‍ය පරීක්ෂණවලට සහභාගී වෙමින් සිටින්නීය.

ඇය මෙම රෝගය පිළිබඳ විවෘතව කතා කිරීම සැබවින්ම තමන් "ධෛර්යමත්" කරන බව සමහර පිළිකා රෝගියෝ පවසති.

පිළිකා වැනි "වසන් කෙරෙන මාතෘකා" ගැන ප්‍රසිද්ධ පුද්ගලයන් විවෘතව කතා කිරීම "වෙනසක් පිළිගැනීමක්" යැයි පියයුරු පිළිකා රෝගයෙන් මිදී වර්තමානයේ ඉන්දියානු පිළිකා සංගමයේ රැකියාවේ නිරත රේණුකා ප්‍රසාද් සඳහන් කළාය.

"මෙම රෝගයට පත් වූවන්ගේ ජීවිත කතාව අනෙක් රෝගීන්ට බොහෝ විට අසන්න ලැබෙන්නේ නැහැ. නමුත් සොනාලි බෙන්ද්‍රේ වැනි කෙනෙකු ජීවිතය විඳිමින් සිටිනවා දකින එක ඇත්තටම ඔවුන් ධෛර්යමත් කරනවා."

"එයින් ඔවුන්ට හැඟවෙනවා පිළිකාව කියන්නේ මරණ වරෙන්තුවක් නොවන බවත් රෝගයෙන් පසුවත් ජීවිතයක් තියෙනවා වගේම එය ඉතා හොඳ එකක් වන බවත්," රේණුකා ප්‍රසාද් පැවසුවාය.

පසුගිය ජූලි මස දී සොනාලි බෙන්ද්‍රේ පිළිකා රෝගයට ගොදුරු වෙලා යැයි පළමු වරට දැනගත් සැණින් මගේ මතකයට පැමිණියේ අතිශය ජනප්‍රිය වූ 'කල් හෝ නා හෝ' බොලිවුඩ් චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතයයි.

චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස රඟපෑ ෂාහ් රුක් ඛාන් හදවත් රෝගියෙකුගේ චරිතයට පන පෙවූ අතර, සොනාලි ඔහුගේ වෛද්‍යවරිය ලෙස මහත් පෞරුෂයකින් හෙබි චරිතයක් රඟපෑවාය.

මෙම චිත්‍රපටය රූගත කර ඇත්තේ නිව්යෝක් නුවර වන අතර, ෂාහ් රුක් ඛාන්ට සිය දුර්වල හදවත සමඟ ජීවත් වීමට සොනාලි බෙන්ද්‍රේ උපකාර කරනු දැකිය හැකිය. කෙසේවෙතත්, අවසානයේ දී ඔහුට සුවයක් නොලැබෙන හෙයින් ඇයට ප්‍රතිකාර කිරීම් නැවැත්වීමට සිදු වූ අතර, සියල්ලන්ගේම කඳුළු මධ්‍යයේ ඔහු ජීවිතයෙන් සමුගන්නා ආකාරය චිත්‍රපටයේ අවසාන දර්ශන පෙළෙහි දක්නට ලැබේ.

චිත්‍රපටය එළි දක්වා වසර පහළොවකට පසු වෛද්‍යවරියකගේ සිනමා චරිතයෙන් සැබෑ ජීවිතයේ රෝගියෙකු බවට පත්වීමට සොනාලිට සිදු විය. පසුගිය මාස ගණනාවක් පුරා "දරුණු ගණයේ පිළිකා රෝගයක්" සමග සටන් වදිමින් ඇය නිව්යෝක් නගරයේ ජීවත් වූවාය.

ෂාරුක් ඛාන් ඇතුළු ඇය සමග රඟපෑ තවත් බොලිවුඩ් රංගන ශිල්පියෝ ඇයගේ සුව දුක් විමසීමට රෝහලට පැමිණියහ.

ඊයේ ඇය පිළිකා රෝගය මර්දනය කළ බව පුවත ඇසීමට ඉන්දියානුවන්ට හැකි විය.

සිය සැමියා සමග දෑත් පටලවාගෙන සිනාමුසු මුහුණින් සඳුදා උදෑසන ඇය මුම්බායි ගුවන් තොටුපලට පැමිණියාය.

එය ඇත්තෙන්ම ප්‍රීතිමත් අවසානයක් විය.

"ප්‍රසිද්ධ පුද්ගලයන් මෙවැනි රෝග ගැන කතා කිරීම ඉතා වැදගත්. එයින් මේ රෝග ගැන අන් අය දැනුවත් වෙනවා" යැයි පිළිකා රෝගීන් සමග ක්‍රියා කරන රේණුකා ප්‍රසාද් පැවසුවාය.

"සටන තවත් ඉවර නැහැ" යැයි ඉරිදා (2) සොනාලි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් පළ කර තිබිණි.

ප්‍රතිකාර අවසන් වුවත් "රෝගය නැවතත් මතු විය හැකියි" යනුවෙන් ඇයගේ සැමියා වාර්තාකරුවන්ට පැවසීය.

"සටන් කිරීමට සූදානම්" යනුවෙන් පිළිකා රෝගය හඳුනාගත් පසු ඇය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර ඇති අතර, සිය දෙමාපියන්ට සහ මිතුරන්ට ද ස්තුති කර තිබිණි. එමෙන්ම ඇයගේ "දරුණු ගණයේ පිළිකාව" ශරීරයේ පැතිරී ඇතැයි ද සඳහන් කර ඇත.

බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙනු දක්නට හැකිය.

මෙම රෝගය ගැන සිය දොළොස් හැවිදිරි පුතාට පැවසූ ආකාරය ගැන ද ඇය එක් සටහනක් පළ කර කළාය.

"අපිට ඔහු ආරක්ෂා කරන්න ඕනෙ වගේම, අපි දන්නවා ඔහුට හැමදේම පැවසීම වැදගත් කියලා.... ඔහු මේ ආරංචිය වැඩුණු පුද්ගලයෙකු ලෙස භාර ගත්තා... සැණකින් මගේ ශක්තියේ සහ ධනාත්මක බවේ ප්‍රභවය බවට ඔහු පත්වුණා," යැයි සොනාලි ජූලි මස දී ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබිණි.

රෝගය සමග ජීවත් වීම ගැන ඇය පළ කළ සටහන්වලට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. "නරක දවස්" යැයි සඳහන් කර ඇති එක් වීඩියෝවක ඇය සිය හිස මුඩු කරන ආකාරය දැකිය හැකිය. තවත් විටෙක ඇය පවුලේ ඥාතීන් සහ යහළුවන් සමග සතුටින් සිටින ඡායාරූප පළ කර ඇත.



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top