ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේදී නිපදවන ලද S13 බලවේග කට්ටල දුමිරිය ඊයේ (02දා) කොළඹ වරායට නැව් මගින් ගෙන්වා තිබෙනවා.
මෙම දුම්රිය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන කටයුතු සඳහා යෙදවීමට නියමිතයි.
දුම්රිය මැදිරි 13කින් සමන්විත වන අතර එයට වායුසමණකය කළ මැදිරිද අයත් වනවා.
විදුලියෙන් හා ඩීසල්වලින් ධාවනය වන දුම්රියට එන්ජින් දෙකක් ඇති බව සඳහන්. නවීතම ආසන මෙන්ම වයිෆයි පහසුකම්ද මෙයට ඇතුළත් කර තිබෙනවා.