ඔෆිස් එකේ හැම කොල්ලෙක් එක්කම සම්බන්ධකම් තිබිලා
එකට ඉන්න අතරේ තව කොල්ලෙක්ගෙන් මැසේජ් එකක් ආවා
හමුවීම් වෙන්වීම් අපේ ජීවිතයේ ඇතිවන සම්බන්ධකම් අතර විශේෂයි.
ව්‍යාජ බැඳීම් අව්‍යාජ බැඳීම් අතර සමහර සම්බන්ධතා අවසරයකින් වගේම අවසරයකින් තොරවත් හටගන්නවා.
ඒක නිසාම තමයි සම්බන්ධකම් අපේ ජීවිතයට වැදගත් වෙන්නේ.
බැඳීම් අපේ ජීවිතයට අලුත් අත්දැකීම් එකතුකරනවා.
සම්බන්ධකම්වලට බොරු කරන්න කරන්න සම්බන්ධතා පෙරළා අපට බොරු කරනවා. ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ.
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 46 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
මේ කතාවේ කතා නායකයා මතීෂ. මතීෂ කියන්නේ විවාහකයෙක්.
තමන්ගේ බිරිඳ, දුව, පුතා එක්ක බොහෝම ලස්සනට ජිවත් වුණ කෙනෙක්.
රැකියාවත් එක්ක අතේ මිටේ හිඟයක් නොවුණු මතීෂට චමරිව හම්බවෙන්නේ මුහුණු පොතෙන්.
මුහුණු පොත තමන්ගේ ව්‍යාපාර වලට පාවිච්චි කළා වුණත් චමරිව මුණ ගැහුණට පස්සේ මතීෂගේ ලෝකෙම වුණේ චමරී.
හැබැහින් නොදැක ආදරේ කරපු මේ දෙන්නා දවසක මුණ ගැහෙනවා.
ඒත් තමන් විවාහක කෙනෙක් කියන කතාව මතීෂ ඇයට හංඟනවා. තමන්ගේ බිරිඳටත් නොදන්වා නිතරම වගේ ඔහු ඇය එක්ක අඹුසැමියන් විදිහට හිටියා.
චමරි වෙනුවෙන් හිතේ හැටියට වියදම් කරන්නත් මතීෂ දෙපාරක් හිතුවේ නැහැ.
දවසක් අහම්බෙන් වගේ චමරිගේ ෆේස් බුක් එකට ආපු මැසේජ් එකක් නිසා මතීෂට ඇය ගැන ලොකු සැකයක් ඇති වෙනවා.
ඒ අතරෙ තමයි චමරිට තවත් සම්බන්ධකම් බොහෝමයක් තියනවා කියලා මතීෂට සමීප පිරිසගෙන් දැනගන්න ලැබෙන්නේ.
ඒත් ඒ වෙනකොටත් සිද්ධ වෙන්න තියෙන දේවල් සිද්ධ වෙලා ඉවරයි.
මතීෂ මොන හැඟීමකින් චමරිට ළංවෙලා හිටියා වුණත්, චමරි මතීෂට ලස්සන තෑග්ගත් දීලයි අතුරුදහන් වෙලා තිබුණේ. ඒ සමාජ රෝගයක්.
තමන්ගේ බිරිඳවත්, දරුවනුත් අමතක කරලා අනියම් සුව හොයන්න ගිය මතීෂගේ ජිවිතේ ඛේදාන්තයක් වුණේ එහෙමයි.
අතරමගදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
මතීෂගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...