Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
"අපි හිටියෙත් මුහුදට ආසන්න පුංචි පැලක, අපි හැමෝම බේරුණත් එයාව බේරා ගන්න බැරි වුණා.." - මාසික ඔසප් දිනයට මඩුවක හිර කරන තරුණියන්ගේ සංවේදී කතාව

- "අපි හිටියෙත් මුහුදට ආසන්න පුංචි පැලක, අපි හැමෝම බේරුණත් එයාව බේරා ගන්න බැරි වුණා.." - මාසික ඔසප් දිනයට මඩුවක හිර කරන තරුණියන්ගේ සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,403 Views
"වැසිකිළි හොයාගෙන දුර ඈතට ඇවිදගෙන යන්න ඕන.."

"සීතල වැඩිනිසා ගැබිණි මව්වරු නිදා ගන්නේ ගව මඩුවේ.."

පාලනය කළ නොහැකි වුණත් කල් තබා හඳුනා ගත් තැනකදී ඒ වෙනුවෙන් විකල්ප සැලසුම් සූදානම් කර ගැනීමට හැකියාවන් නොමැත්තේම නැත. මේ එවන් සිදුවීමක තවත් එක් ඛේදවාචකයක් පමණි.

  ‘‘ ගජ .. සුලි කුණාටුව තමිල්නාඩුව හරහා හමා ගියේ දිස්ත්‍රික්ක දොළහක හෙක්ටයාර් අටදහසක වපසරියක් තුළ දැවැන්ත විනාශයක් කරමින්ය. සමාජ සම්ප්‍රදායන් නිසා මේ විනාශයට තමිල්නාඩුවේ තවත් හිරිමල් යෞවනියක් බිලි වී ඇත්තේ දැවැන්ත වූ ව්‍යසනය ඉතාම හොඳින් ඇස් මානයේ පෙනි පෙනීය.

 14 හැවිරිදි විජයලක්‍ෂ්මීගේ මාසික ඔසප්වීමත් ගජ සුලි කුණාටුවේ ආගමනයත් එකම දිනක සිදු වුණේ එයින් එකදු හේතුවක්වත් පාලනය කිරීමට අපොහොසත්වීම නිසාය. තමිල්නාඩුවේ සමාජ සම්ප්‍රදායන්ට අනුව මාසික ඔසප්වුණ දැරියන් නිවසින් පිටත අතු මඩුවක ඔසප් අවසාන වෙන තෙක් එම දින ගණන ගෙවිය යුතුය. විජයලක්‍ෂ්මීටත් මේ දින ගණන එසේ ගෙවන්න සිදුවුණේ නිවසට නුදුරු පොල් ගසක් අසල වූ අතු මඩුවකයි. එහෙත් ගජ සුලි කුණාටුව හමා යන නිමිති ගැන කාලගුණ අනාවැකි නිසා ඇගේ අත්තම්මා විජයලක්‍ෂ්මීගේ දෙමවුපියන් දැනුවත් කරමින් කියා සිටියේ ‘‘මේ පොල්ගස යට දැරිය රඳවා තැබීම අනතුරුදායක බවයි..”.එහෙත් දෙමවුපියන් ඒ ගැන එතරම් තැකීමක් නොකළ බව ඇගේ අත්තම්මා Visalakshi කියන්නීය.
 
 ”අපි හිටියෙත් මුහුදට ආසන්න පුංචි පැලක...ඒත් අපි හැම දෙනෙක්ම බේරුණා. දියණිය රඳවා තිබුණ මඩුව අසල පොල් ගහක් තිබුණා. මම එයාගේ දෙමව්පියන්ට ඒ බව කිව්වා. නමුත් මේ වගේ විපත්තියක් වෙයි කියල ඒ අය හිතුවෙත් නැහැ. නමුත් යම් තරමකට හෝ එහෙම අවදානමක් ගැන හිතුවානම් අදටත් අපේ දියණිය ජීවත් වෙනවා..” රටක සමාජ සම්ප්‍රදායන් සහ සිරිත් විරිත් තුලින් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ නම් නීති මගින් හෝ එම සමාජ අසාධාරණ සහ අන්තවාදී සම්ප්‍රදායන් හෝ සිරිත් විරිත් සමාජයෙන් බැහැර කළ යුතුව ඇත. ඉන්දියානු කලාපය තුළ තවමත් මුල්බැස ගත් සම්ප්‍රදායන් ඉතාම අන්තවාදී ලෙසින් ක්‍රියාත්මක වෙමින් පවතී.
 
 මේ අනුව නේපාල පාර්ලිමේන්තුව විසින් පසුගිය දිනක පනවන ලද පනතකට අනුව මෙතෙක් සමාජගතව පවතින ඔසප් කාලයේදී කාන්තාවන් නිවසින් පිටත රඳවා තබන චාරිත්‍රය තහනම් කරන ලදී.
 
නේපාල භාෂාවෙන් ‘‘චෞපඞී.. (chhaupadi) යනුවෙන් හැඳින්වෙන මෙම චාරිත්‍රයට අනුව මාසික ඔසප් කාලයේදී එම කාන්තාවන් නිවසින් පිටත කාලය ගත කළ යුතු වේ. මේ නිසා ඔවුන් බොහෝ විට කාලය ගෙවන්නේ ගව මඩුවක් වැනි අනාරක්ෂිත ස්ථානයකය. මාසික ඔසප් කාලය මෙන්ම දරුවන් ප්‍රසුත කළ කාලය නේපාලයේ හැඳිින්වෙන්නේ අපිරිසිදු හෙවත් අවාසනාව ගෙනෙන ලද කාලය ලෙසින්ය. මෙම කාලසීමාවේදී ඔවුන් කාලය ගෙවන්නේ ගවමඩුවක වුණත් ඔවුන්ට ගවයන් අතගෑමටත් අවසර ලැබෙන්නේ නැත. එමෙන්ම දැරියන්ට පාසල් යෑමටත් අවසර නැත. වෙනතක් තබා නිවසේ ආහාර ගැනීම පවා තහනම් අතර වැසිකිළිිය පවා පාවිච්චියට අවසර නැත. එබැවින් මෙම දරුවන් ලද කාන්තාවන්ට පවා වැසිකිළි සොයමින් බොහෝ ඈතට ඇවිද යෑමට සිදුව ඇත.

ශීත කාලයේ දරුවන් ලද කාන්තාවන් මේ නිසා දැඩි අපහසුතාවයට පත්වන්නාහ. ඊට හේතුව දරු ප්‍රසුතිය සමග ඇති වෙන ශාරිරික අපහසුතාවයන් සමග මෙම සීතල ඔවුන්ට ඔරොත්තු නොදෙන නිසාය. 2017 වසරේ ජූලි මාසයේදී මේ අන්දමින් කාන්තාවන් දෙදෙනෙක් ගව මඩුවක නිදා සිටියදී සර්පයෙක් දෂ්ට කිරීමෙන් මරණයට පත්වීමත් සමග මේ පිළිබඳව ආන්දෝලනය ගොඩනැගෙන්නට විය. 2016 වසරේ දෙසැම්බර් මාසයේදිත් ඔසප් කාලයේ ගව මඩුවක නිදාසිටි දැරියක් එම ගවමඩුවට ගිනි ඇවිලීම නිසා හුස්ම හිරවී මරණයට පත්විය. මින් ඉදිරියට කාන්තාවන් ඔසප් කාලයේදී නිවසින් පිටුවහල් කරන පුද්ගලයන්ට එරෙහිව මාස තුනක සිරදඬුවමක් හෝ ඇමරිකානු ඩොලර් තිහක හෙවත් පවුම් විසි තුනක දඩයක් නියම කරනු ලැබේ. ඒ අනුව ඔසප්වීම හෝ දරුවෙක් ලැබීම නිසා දැරියක් හෝ කාන්තාවක් ස්පර්ශ නොකළ යුතුය හෝ වෙන් කර තැබීම දඬුවම් ලැබිය යුතු වරදක් සේ සලකනු ලැබේ.
 
 ‘‘චෞපඞී.. (chhaupadi) චාරිත්‍රය තහනම් කිරීම 2005 වසරේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් වුණත් එම නීති කඩකරන්නන්ට දඬුවම් නියම නොකිරීම නිසා එය ක්‍රියාත්මක වූයේ නැත. බටහිර නේපාලයේ මෙම චාරිත්‍රය තවමත් ක්‍රියාත්මක මට්ටමින් පවතී. 2010 වසරේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද මානව හිමිකම් වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ නේපාලයේ වයස අවුරුදු 15-49 අතර වයසේ පසුවෙන නේපාල කාන්තාවන්ගෙන් 19 %ක්ම මෙම චාරිත්‍රයෙන් අපහසුතාවයට පත්ව සිටින බවයි.
 
 එහෙත් සමාජ මුල්බැසගත් මෙම සම්ප්‍රදාය සමාජයෙන් බැහැර කිරීම සඳහා නීතියක් පමණක් ප්‍රමාණවත් වේද යන්න කාන්තා ක්‍රියාකාරිනියක වූ පේමා ලාකි (Pema Lhaki) විසින් අදහස් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත. මේ නිසා මෙම අසාධාරණ සිරිත බැහැර කිරීම වෙනුවෙන් උපායශීලී මැදිහත් වීමක් අවශ්‍ය අතර ඒ වෙනුවෙන් තව පරම්පරාවක් පසුවිය යුතු බව ඇගේ අදහසයි.
 
 පුන්‍යා චාන්දනී




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  986 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,817 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  994 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  402 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,206 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,639 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,921 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,341,351 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,556,072 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,444 Downloads



Top 10 Commenters

Latest Comments

Top