Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
"මම සිංදුවක් හැදුවත් මුලින්ම අහන්න දෙන්නේ මගේ පෙම්වතියට.." - දිල්හානි ප්‍රියංකර යුවළගේ එකම පුතු දිල්මින් කියයි

- "මම සිංදුවක් හැදුවත් මුලින්ම අහන්න දෙන්නේ මගේ පෙම්වතියට.." - දිල්හානි ප්‍රියංකර යුවළගේ එකම පුතු දිල්මින් කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,881 Views
"මට එහෙම විශේෂයක් හිතෙන්නෙ නෑ. ඒ ඉතින් මගේ අම්මයි තාත්තයිනෙ..."

"එයාවම ඒ වීඩියෝ එකට දාන්න ඕන කියල දෙයක් නෑ.."
 
ඔහු නමින් දිල්මින් පෙරේරා. එහෙම කිව්වට ඔහුව කවුරුත් හඳුනන එකක් නෑ. මොකද කාලෙක ඉඳල අධ්‍යාපන කටයුතු නිසා විදේශ ගතවෙලා සිටින නිසා. දිල්මින් කියන්නෙ අපේ රටේ ප්‍රවීණ කලාකරුවන් දෙපළක් වන ප්‍රියංකර පෙරේරාගෙත් දිල්හානි අශෝකමාලාගේත් එකම පුතා. මේ දිනවල නිවාඩුවකට ලංකාවට ඇවිත් ඉන්න දිල්මින් රංගන කටයුත්තකට අත ගහලා. ඉදිරියේදී දිල්මින් ගායකයෙක් විදියට ද රංගන ශිල්පියෙක් විදියට ද අපි අතරට එන්නෙ කියලා දැනගන්න ලැබුනා.  මේ ඔහු ගැනයි

දිල්මින් කවදද ලංකාවට ආවේ?
දැන් මාස දෙක තුනක් වෙනව මම ඇවිල්ල.
 
විදේශගතවෙලා මොනවද කරන්නෙ?
මම ඇමරිකාවෙ මිනසෝටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක ඒවියේෂන් මැනේජ්මන්ට් උපාධිය හදාරනවා. දැනට අවසන් වසරේ අධ්‍යාපන කටයුතුවල මම නිරතවෙලා ඉන්නෙ.
 
කොච්චර කාලෙකට පස්සෙද මෙවර ලංකාවට ආවෙ
වැඩි කාලයක් නෑ. අවුරුද්දකට පස්සෙ. හැම අවුරුද්දෙම මම ලංකාවට ඇවිත් ගියා.
 
ඒ විදියට ඇවිත් යන්න නිවාඩු ලැබෙනවද
මේ වතාවෙනම් පොඩි බ්රේක් එකක් ගත්තෙ වෙනසකටත් එක්ක.
 
අපිටනම් ආරංචි ගර්ල් ෆ්‍රෙන්ඞ්ගෙ ආරාධනාවකට ලංකාවට ආව කියලයි.
නෑ නෑ එහෙම ආරාධනාවක් ලැබුණෙ නෑ. ඒත් මම එනකම් එයා බලාගෙන හිටියා.
 
එයා කවුද කියල කියමුද?
එයාද” එයා ගෑනු ළමයෙක්. නර්තනය වැඩිදුර හදාරමින් සහ උගන්වමින් ඉන්නවා.

දිල්මින්ගෙ වැඩවලට ගොඩක් උදව් කරනවත් ඇති
ඔව් පුළුවන් හැම උදව්වක්ම කරනව. සිංදු ලියන්නත් අදහස් දෙන වෙලාවල් තියෙනවා. කොහොමත් මම සිංදුවක් හැදුවම මුලින්ම යවන්නෙත් එයාට.
 
ඔයාගෙ සිංදුවකට එයාගෙ විෂුවල් එකක් කරන්න අදහසක් නැද්ද?
නිර්මාණය අනුව තමයි එහෙම දෙයක් වෙනවනම් වෙන්නෙ. නැතුව එයාවම දාන්න ඕන කියල දෙයක් නෑ. ඉදිරියේදී බලමු ඉතින්.
 
මේ නිවාඩුවෙත් ගීත කිහිපයක්ම කරාලූ නේද?
ඔව්. ආලෙන් මා කියල මමම රචනා කරල තනුවක් දාපු ගීතයක් සනුක වික්‍රමසිංහ සංගීතවත් කරල යූ ටියුබ් හරහා එළිදැක්වූවා. දේවිකා කුමාරි කියල මගේ හිතවත් අක්ක කෙනෙක් ලියපු ගීතයක් තියෙනවා එහි තනු නිර්මාණය සහ සංගීතය මගේ. අනිත් ගීතයට මම තනුව දාල ඉවරයි උමා අසේනි කියන ගීත රචකය එය රචනා කරමින් ඉන්නවා. ඒ වැඩ ඉක්මනින්ම නිමා කරනවා.
 
ආයේ කවදද ඇමරිකාවට යන්නේ?
තව මාස දෙකකින් විතර මට යන්න වෙනවා.
 
ඒ යන්න ඉස්සෙල්ල මේ ගීත මාධ්‍යයට දීලද යන්නෙ?
අනිවාර්යයෙන්ම. මේව හැමෝටමම අහල බලන්න දීල තමයි යන්නෙ. නැත්නම් මට මේ ගීතවලට මොනවගේ ප්‍රතිචාර ලැබෙයිද කියල දැනගන්න විදියකුත් නැහැනේ.
 
වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද ඇමරිකාවෙද?
විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ.
 
දිල්හානි අශෝකමාලා - ප්‍රියංකර පෙරේරා කියන්නෙ අපේ රටේ ප්‍රසිද්ධ චරිත දෙකක්. මේ දෙන්නගෙ පුතා වීම ගැන මොකද හිතන්නෙ.
මට එහෙම විශේෂයක් හිතෙන්නෙ නෑ. ඒ ඉතින් මගේ අම්මයි තාත්තයිනෙ. එච්චරයි.
 
අම්ම තාත්තගෙ ජනප්‍රියත්වය හරහා ප්‍රයෝජන ගන්න අදහසක් නැද්ද?
ඒ දෙන්නගෙ ප්‍රසිද්ධිය හරහා මම ප්‍රයෝජන ගන්න ඕන නෑ. මගේ මහන්සියෙන් මගේම දෙයක් කරගෙන ඉදිරියට යන්නයි මම ආස. හැබැයි ඒ දෙන්න නිසා මට සමහර දොරවල් ඇරිල තියෙනවා. මේ ආර්ටිකල් එක වුණත් ඒ දෙන්නගෙ නම හරහා තමයි මට ලැබෙන්නෙ කියන එක මම දන්නවා.
 
ඔබ පියාගේ ගීත ගායනා කරනව අපට ඇහෙන්නෙම නැති තරම්?
තාත්ත බොහෝ වෙලාවට කියන්නෙත් ඔහුගෙන් රසිකයො ඉල්ලන්නෙත් මම දකින විදියට සීයගෙ ගීත. අවස්ථාවක් ලැබුණම මමත් ඒ ගීත ගායනා කරනවා. මේ කාලෙ මහන්සි වෙන්නෙ මගේම ගීත හදාගන්න. මගේ ගීත ගායනා කරන අතරේ තමයි මම සීයගෙ සිංදුවක් කියන්නේ.
 
අම්ම නිසා රඟපෑමට ආරාධනා ලැබුණොත්?
මේ දිනවල රඟපෑමට ආරාධනාවක් ලැබිල මම ඒ ආරාධනාව භාරගෙනයි ඉන්නෙ. හැබැයි ඒ අම්ම නිසාම නෙමෙයි. වෛද්‍ය නියෝමාල් පෙරේරා අධ්‍යක්‍ෂණය කරන දඩඉඩ චිත්‍රපටය තමයි ඒක. සංගීතඥයකුගෙ චරිතයක් මට තියෙන්නේ.
 
තාත්තගෙන් ඔබේ සංගීත කටයුතුවලට ලැබෙන්නෙ මොන වගේ සහයෝගයක්ද?
කුඩා කාලෙ ඉඳල තාත්ත මාව සංගීත අංශයෙන් හරි මාර්ගයට ගේන්න ගොඩක් මහන්සි වෙලා මා තුළ තිබුණ දක්‍ෂතා ඔපමට්ටම් කරල දුන්නා. අද මට ඕන දේ කරන්න නිදහස තියෙනවා. ඒත් අදටත් මම කරන කියන දේ ගැන අවබෝධයෙන් තමයි ඉන්නෙ.

ධම්මික හේවාවසම්
දිවයින
 




 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  207 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  106 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  36 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,572 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,676 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,150 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  984 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,315 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,528 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,108 Downloads



Top 10 Commenters

Latest Comments

Top