Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
"මම රෑට නිදාගත්තේ වීදියක බංකුවක් උඩ" - බොලිවුඩයේ සුපිරි තරුව ජිවිත කතාව හෙළි කරයි - Photos

- "මම රෑට නිදාගත්තේ වීදියක බංකුවක් උඩ" - බොලිවුඩයේ සුපිරි තරුව ජිවිත කතාව හෙළි කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,165 Views
මම මුලින්ම බ්‍රෝකර් කෙනෙක් විදිහට වැඩ කළේ 
 
පළවැනි චිත්‍රපටියට මට හම්බවුණේ රුපියල් දාහයි 
 
මේ වනවිට 76 වැනි වියේ පසුවුවත් ඔහු තවමත් ක්‍රියාශීලි තරුණයෙක් තරම්ම ශක්තිමත්ය. 
 
ඔහු සතු ජවසම්පන්න රංගන හැකියාව කෙතෙක්දයත්, ඒ නිසාම ඔහු හැඳින්වෙන්නේ “හින්දි තිරයේ කෝපාවිෂ්ඨ තරුණයා” හැටියටය. 
 
බොලිවුඩයේ මහා සක්විත්තා ඔහුය. සියවසේ මහා රංගධරයා ඔහුය. මිලේනියම් තරුව විරුදාවලිය ලබා ඇත්තේ ද ඔහුය. ඔහු ඉන්දියාව පුරාත් ලොව පුරාත් ඔහුට පිස්සු වැටුණු රසික පිරිස අතරත් ප්‍රසිද්ධව ඇත්තෙ Big- B හැටියටය. 
 
ලස්සෙට කොඩි දමා ජීවත් වුවත් තමන් උපන් ගමේ ගොයියන්ගෙ දුක වේදනාව බෙදාගන්නට තරම් සද්ගුණවත් බවකින් පිරුණු ඔහු නම කී පමණින් ඔබ සැම හඳුනන අමිතාබ් බච්චන්ය. අමිතාබ් තමන්ගෙ රංගන හැකියාව පිළිබඳ ෆැන්ටසි සිහිනවලින් මිදුණු ජීවිතයේ යථාව හඳුනාගත් සැබෑ මිනිසෙකි. 
 
සිය ජීවිත චාරිකාවේ හත්වැනි දශකය ළඟාවෙද්දී ඔහු කියා තිබුණේ වයසට යාම නිසිකලට සිදුවන තාක් කිසිදු ගැටලුවක් නැති බවයි.

“වයස යන එක වළක්වන්න බෑ. මේ රස්සාවේදී තමන්ගේ මුහුණ තමයි වාසනාව ගෙන දෙන සම්පත. අපි එක ආරක සිනමාවක ඉඳලා තව ආරක සිනමාවකට මාරුවෙනවා. මම දැන් ඉතින් ගොඩක් කරන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසි චරිත. එත් තාම දහ දෙනකුට වුණත් හොඳට තඩිබාන්න පුළුවන්” 
 
සැබෑ ජිවිතය රංගනය සමඟ කිසිදා පටලවා නොගත් අමිතාබ් පසුගියදා ලොකු කතාබහකට ලක්වූයේය. ඒ සිය උපන් ප්‍රදේශය වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොවීන් 1398 දෙනෙකු විසින් රජයේ බැංකු වෙතින් ලබාගෙන තිබූ වගා ණය සිය පෞද්ගලික ධනයෙන් පියවා දැමීමට කටයුතු කිරීම හේතුවෙනි. එය යුතුකම් ඉටුකිරීමක් ලෙස තමන්ට දැනෙන බව ඔහු සඳහන් කර තිබිණි. අදාළ ණය මුදල් ගෙවීම සඳහා ඔහු විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 05 ක මුදලක් වැය කර තිබුණි. 
 
ප්‍රධාන චරිතය අමිතාබ් බච්චන් රඟපාන 1795 කාලය ගැන කියැවෙන දැවැන්ත හොලිවුඩ් නිර්මාණයක් වන “හින්දුස්ථාන් දඩබ්බරයෝ” Thugs of Hindostan තිරගතවීම ඇරැඹීම දෙවැනි කාරණාවයි. මේ සුපිරි මිනිසාගේ අපුරු ජීවන විලාසය ගැන කතාබහකට ඉතින් මේ සුදුසුම අවස්ථාවයි. සුප්‍රකට හින්දු කවියෙකු වන ශ්‍රී හරිනිවාෂ් රායි ශ්‍රී වාස්තව සහ තේජි ශ්‍රී වාස්තව අමිතාබ්ගේ මව්පියන්ය. ශ්‍රී හරිනිවාෂ් තම පවු‍ලේ වාසගමවූ ‘ශ්‍රී වාස්තව’ යන කොටස ඉවත් කර ‘බච්චන්’ යන්න ඈඳා ගැනීමත් සමඟ ඔහු ශ්‍රී හරිනිවාෂ් බච්චන් සහ බිරිය තේජි බච්චන් බවට පත්විය. 
 
ඔවුන්ගේ පුතු අම්තාබ් හරිනිවාස් බච්චන් නම් විය. මුලදී මව්පියන් තීරණය කර තිබුණේ තම පුතුට “ඉන්කියුලාබ්’ නොහොත් ‘විප්ලවය දිනේවා’ යන අරුත දෙන නම තැබීමටය. නමුත් අවසානයේ ඔහු අමිතාබ් නොහොත්, “සදාතනික ආලෝකය” බවට පත්විය. විද්‍යා මෙන්ම කලා විෂය ධාරාවෙන්ද ඉගෙනුම ලබා ඇති ඔහුට ශාස්ත්‍රපති උපාධි දෙකක් හිමිය. 2009දී ඕස්ට්‍රේලියාවේ සිටින ඉන්දීය ශිෂ්‍යයන්ට සිදුවන කරදර සහ ජාතිවාදය නිසා එරට ක්වින්ස්ලන්ඩ් තාක්ෂණ ආයතනයෙන් ඔහුට ප්‍රදානය කළ ආචාර්ය උපාධිය ඔහු ප්‍රතික්ෂේප කළේය. 
 
අමිතාබ් ගුවන් හමුදාවට බැඳීමේ අරමුණින් මුලින් අධ්‍යාපන කටයුතු සිදුකරන ලදී. ඔහුට වමතින් මෙන්ම දකුණතින්ද අකුරු ලිවිය හැකිය. ෂෝ ඇන්ඩ් වෝල්ස් සමාගමේ විධායක නිලධාරියෙකු ලෙස සිය මුල්ම රැකියාව ඇරඹූ අමිතාබ් පසුව බර්ඩ් සහ සමාගමේ බ්‍රෝකර්වරයකු ලෙසද කටයුතු කළේය. පළමු රැකියාවෙන් ඔහු ලද වැටුප මසකට ඉන්දියානු රැපියල් 500කි. 
 
1969 භූවාන් ෂෝම් (Bhuvan Shome) චිත්‍රපටයට පසුබිම් හඬ සපයමින් සිනමාවට පිවිසියේය. ඔහු රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටය ‘සාත් හින්දුස්ථානි’ ය. එය ඔහු රඟපෑ එකම කළු සුදු චිත්‍රපටයයි. එහි රඟපෑම වෙනුවෙන් ඉන්දියානු රුපියල් දහසක් පළමුවරට ඔහුට ගෙවා තිබිණි. හොඳම නැගී එන නළුවා ලෙස ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානයද ඒ වසරේ ඔහුට හිමිවිය. ඔහුගේ නම යෝජනා වූ ෆිල්ම්ෆෙයාර් සම්මාන ගණන 37කි. එයින් ඔහු ලද ෆිල්ම්ෆෙයාර් සම්මාන ගණන 14කි. පසුගිය වසර 15 තුළ ඔහුගේ එක් චිත්‍රපටයක් හෝ බොක්ස් ඔෆිස් වාර්තා තබා තිබේ. 
 
ප්‍රසිද්ධ නළුවන් රැසක් නිෂ්පාදනය කළ චිත්‍රපට රැසක ප්‍රධාන නළුවා වූයේ ඔහුය. සිනමාවට ආ මුල් කාලයේ ඔහු මුම්බායි වීථියක බංකුවක් මත රාත්‍රී කීපයක්ම ගතකර තිබිණි. දැන් දින 10ක රූගත කිරීමකට ඇතැම් අවස්ථාවල ඉන්දීය රුපියල් කෝටි 10 ක් පවා ඔහු අයකළ අවස්ථා වාර්තා වේ. 
 
එසේ වුවද අමිතාබ් රඟපෑ පළමු චිත්‍රපට 12 ම අසාර්ථක වූ අතර 13 වන වරට රඟපෑ ‘සංජීර්’ ඔහුට වාසනාව ගෙනාවේය. එසේම සංජීර්හිදී හමු වූ ජයා බහාදූර් අමිතාබ්ගේ ජීවිතයට වාසනාව ගෙනාවාය. වසර 30ක් රිදී තිරයේ අඹුසැමියන් වූ අමිතාබ් ජයා දෙපළ දැන් සැබෑ ජීවිතයේදී ද අඹුසැමියන්ය. ඔහු සිනමාවේ කෙතරම් විවිධ වූ චරිත රඟ දක්වා තිබේද යත්, දෙවියන් ලෙසද, අවතාර ලෙසද, භූතයෙක් ලෙසද රඟපා තිබේ. 
 
එසේම හින්දි සිනමාවේ ද්විත්ව චරිත වැඩිම ප්‍රමාණයක් රඟපා ඇත්තේ ඔහුය. ‘මහාන්’හි ත්‍රිත්ව චරිතයක්ද රඟපා තිබේ. ඔහු රඟපෑ චිත්‍රපට අතරින් 2ක් තිරගතවී නැත. ඔහු ගරු රඟපෑම් කළ චිත්‍රපට ගණන 27කි. ඔහු රඟපෑ පළමු හොලිවුඩ් චිත්‍රපටය බාස් ලුහර්මන්ගේ ‘ග්රේට් ගැට්ස්බි” ය. 
 
හින්දි චිත්‍රපට වැඩි ගණනකදී ඔහු රඟපා ඇති චරිතයේ නම ‘විජේ’ ය. ඔහු රඟපෑ සුළු චරිත ගණන 12කි. අඩි 6.7 ක් උසැති ඔහු ඉන්දියාවේ උසම නළුවාය. ඒ නිසා ඔහු මුළු ඉන්දියාවටම Big- B ය. 
 
ආරම්භයේදීම පසුබිම් හඬ එක් කරමින් සිනමාවට එක්වූ ඔහු මේ වනවිට පසුබිම් ගායනා සඳහා දායක වී ඇති චිත්‍රපට ගණන 30කි. එහෙත් නළුවකු බවට පත්වීමට පෙර අමිතාබ් ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු වීමට කැමැත්තෙන් සිටි අතර, වරෙක සමස්ත ඉන්දීය ගුවන් විදුලියේ හඬ පරීක්ෂණයක් සඳහාද සහභාගි විය. නමුත් ඔහුගේ කටහඬ රළුවීම නිසා ඉන් අසමත්ව තිබුණි. දැන් ඔහු කෙතරම් දක්ෂයෙක්ද යත් ‘ෂූට් අවුට් ඇට් ලෝකන්ද්වාලා’ චිත්‍රපටයේ දර්ශන 23කට හඬ කැවීමට ඔහුට ගතවී තිබුණේ පැය 5කි. 
 
අමිතාබ් මේ වනවිට චිත්‍රපට 191ක රඟපා තිබේ. ‘බොලිවුඩ්’ යන වචනයට ඔහු කිසිසේත්ම කැමැති නැත. ඒ වෙනුවෙන් ඔහු එයට භාවිත කරන්නට කැමැති '‘හින්දි චිත්‍රපට කර්මාන්තය’ හැටියටය. සිනමා ලොව ඉහළ හිණි පෙත්තටම නැගි ඔහු අද වනවිට ඉන්දියානු ප්‍රේක්ෂකයන් පමණක් නොව ලොව පුරා සිනමාලෝලීන් අතර සිනමාවේ රජෙකු ලෙස සැලකෙයි. මොහු සියසින් දැක ගැනීමට පමණක් දවසක් හෝ ගෙවා අම්තාබ් පසුපස යන රසිකයන් එමටය. 
 
මේ නිසාම ඔහු ඉන්දියාවේ සිටින්නේ නම් සෑම ඉරිදා දිනකම සවස්වරුවේ සිය ‘ජල්සා’ බංගලාවෙන් පිටතට විත් රසිකයන් හමුවේ. ඔහුට මෙම ජල්සා බංගලාව ලැබුණේ චිත්‍රපට අධ්‍යක්ෂ රාජ් සිප්පිගෙන් තිළිණයක් ලෙසය. ඉන්දියාවේ ඔහු සතුව බංගලා 3කි. ප්‍රතීක්ෂා , ජල්සා සහ ජනක් යනු ඒවාය. තම කාර්යාලය පවත්වාගෙන යන්නේ ජනක් බංගලාවේය . ඔහු සතු මෙම බංගලාවල මිල ඉන්දීය රුපියල් කෝටි 200 ඉක්මවන බව වාර්තාවේ .බංගලා සඳහා අවශ්‍ය සෑම අමුද්‍රව්‍යයක්ම ඔහු වෙනත් රටවලින් ආනයනය කළ ඒවාය. ඉන්දියානු රුපියල් කෝටි 260ක් වටිනා පෞද්ගලික එයාර් බස් ජෙට් යානයක්ද ඔහු සතුය. 
 
කොතරම් දේපල වත්කම් තිබුණත් අමිතාබ් - ජයා මෙන්ම අභිෂේක් - ඓශ්වර්යා යුවළගේත් ‘මහගෙදර’ ලෙස සැලකෙන්නේ ‘ප්‍රතීක්ෂා’ බංගලාවයි. එයට යාබදව පූජනීය ස්ථානයක්ද තිබේ. ‘ප්‍රතීක්ෂා’ බංගලාව ඉදිකළේ අමිතාබ් ගේ පියා වන ශ්‍රී හරිනිවාෂ් බච්චන් ය. බොලිවුඩයේ ඉහළම උපයන්නා ලෙස නම සඳහන් වන්නේ බච්චන්ගේය. 
 
ඔහු දෙවැනි වන්නෙ ලෝකයෙන්ම වැඩියෙන් උපයන්නා වන ෂාරුක් ඛාන්ට පමණි. එය වසරකට ඩොලර් මිලියන 400කි. නමුත් අමිතාබ්ගේ වත්කම ගැන කතා කරන්නට සිදුවන්නේ ඔහු සහ ඔහුගේ බිරිය, ජයා බච්චන් ගේ වත්කම්ද එකතු කර ගෙනයි. එයට හේතුව, ඉන්දීය පාර්ලිමේන්තුවේ ‘රාජ්‍ය සභා’ මන්ත්‍රීවරියක ලෙස දැනටත් කටයුතු කරන ජයා බච්චන්, සැමවිටම මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීමට කලින් තම වත්කම් ප්‍රකාශයට සැමියාගේ වත්කම්ද එකතු කර තිබීමයි. එම දිවුරුම් ප්‍රකාශයට අනුව නම් ඇය සහ අමිතාබ් ගේ වත්කම්වලට වර්ග මීටර 3175 ක් වූ ප්‍රංශයේ නිවසක් ද, බෝපාල්, නොයිඩා, දිල්ලි, මුම්බායි සහ අහමදාබාද් නගරවල පිහිටි නිවෙස් ද ඇතුළත් විය යුතුය. මේ හැරුණු විට දොලාහ්පූර් ගාන්ධි නගර් සහ ලක්නව් යන ප්‍රදේශවල ඉඩම් අක්කර ගණනාවක්ද ඔවුන් දෙදෙනා සතුය. 
 
නිර්මාංශ පුද්ගලයෙකු වන ඔහුගේ ප්‍රියතම පානය ‘තේ’ය. ඔහුගේ ප්‍රියතම ආහාරය එළවළු මුසුවක් වන බින්දි සාබ්ෂිය. ඒ හැර ජිලාබ් හෙවත් පැණිවළලු කන්නටත් ඔහු ඉතා කැමතිය. අමිතාබ් ඉතා තදින් ඇදුම රෝගයෙන් පෙළේ. මැඩම් තුසාඩ් ඉටි රූ කෞතුකාගාරයේ නිර්මාණ අතරට එක්කළ පළමු ආසියානු ජාතිකයාගේ ඉටි රුව අමිතාබ්ගේය. ඔහු කැමතිම විදේශ රට ස්විට්සර්ලන්තයයි. කැමතිම නගරය ලන්ඩනයයි. 
 
2012.07.27 දින ඔහු ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවයට ද පත්විය. 2003 දී ඔහුට ප්‍රංශයේ ඩ්‍යූ වි‍ලේ නගරයේ පුරවැසිකම ලැබිණි. ඒ ගෞරවයක් ලෙසය. 1984 දී පද්ම ශ්‍රී සම්මානයද 2001 දී පද්මභූෂණ සම්මානයද ඔහුට ලැබිණි. 
 
අමිතාබ්ගේ ඇඳුම් කට්ටල සකසන්නේ ඉතාලියානු ‘ඩොල්සෙ ඇන්ඩ් ගබානා’ ඇඳුම් විලාසිතාගාරයෙනි. ඔහුගේ ඇඳුම් සඳහා රෙදි ඉතාලියෙන් ගෙනයි. නූල් ප්‍රංශයෙන්ය. බොත්තම් ජර්මනියෙනි. 
 
ඔහු සතුව මෝටර් රථ 11කි. ඒ අතර මර්සීඩීස් බෙන්ස් 3කි. ඔහු සතු ලෙක්සස් රථය වෙඩි නොවදින ආවරණ සහිතය.එහි එක් ටයරයක පමණක් මිල ඉන්දියන් රුපියල් ලක්ෂ 2.5කි. එම රථ අතරට Bentley Continental GT, Rolls Royce Phantom, Mercedes-Benz SL500, Range Rover Vogue මාදිලිද ඇතුළත්ය. 
 
අත් ඔරලෝසු එකතු කිරීම විනෝදාංශය කරගත් ඔහු පළඳින ‘ලෝන්ගිනස්’ ඔර්ලෝසුවක මිල ඉන්දීය රුපියල් ලක්ෂ 2 ඉක්මවයි. එමෙන්ම විවිධ වර්ගවල පෑන් එකතුවක්ද ඔහු සතුව තිබේ. 
 
අමිතාබ් සමඟ එකට රඟපෑ රූමත් බොලිවුඩ් නිළියන්ගේ ප්‍රමාණය අතිවිශාලය. ඒ අතරින් රේඛා සමඟ ලොකු සම්බන්ධයක්‌ තිබුණා කියන කතාවට ලොකු ප්‍රචාරයක් ලැබී තිබුණි. අමිතාබ් ජයා බහදුරී සමඟ විවාහ වුණාට පසුවත් රේඛා සමඟ හොරෙන් හොරෙන් සබඳතා පැවැත්වූ බවද ප්‍රචාරය විය. මේ නිසා ජයා, අමිතාබ් එක්‌ක අමනාප වී සිටි බවද වාර්තා විය. ඒ හැර ඔහු ගැන කටකතා අවමය. 
 
1995 වසරේ ඔහු ලෝක රූ රැජින තරගයේ විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කළේය. ඔහුගේ ජනප්‍රියත්වය කෙතරම්ද යත් වරෙක ඊජිප්තු බලධාරීන්ට ඔහුගේ ගමන් බලපතර පරීක්ෂාව කයිරෝ නුවර හෝටල් කාමරයක සිදුකරන්නට සිදුවූයේ එරට සිනමා ලෝලීන් ගුවන් තොටුපල ආක්‍රමණය කළ නිසාය. ඔහුගේ පුතා අභිෂේක් හා දුව ශ්වේතා සිය පියා පාසලට පැමිණෙනවාට කිසිදා කැමති වූයේ නැතිලු. ඒ පාසල තුළ එදාට මහා කලබැගෑනියක් ඇතිවන බැවිණි. 
 
►සුගත් පී. කුලතුංගආරච්චි


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,321 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,159 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,956 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  955 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,125 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,443 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,907 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  941,452 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  22,069 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  7,378 Downloads



Top 10 Commenters

Latest Comments

Top