කෑම කන එක නම් කරන්න පුළුවන්.
ඒත් ඉතින් මෙහෙමත් කෑම කන්න පුළුවන්ද කියලා හිතෙනවා.
මේ කියන්න හදන්නේ ලෝක වාර්තාවලට හිමිකම් කියපු ආහාර පාන ගැනයි.
ලොව පුරා පිරිස් බොහෝමයක් විවිධ වර්ගයේ ආහාර නිෂ්පාදන වලින් ගිනස් පොතට හිමිකම් කියා තිබෙනවා.
ඒ අතරින් තවත් පිරිසක් ආහාර පාන වැඩිපුර අනුභව කරලත් ගිනස් පොතට ගිහින් තියනවා.
මේ ජායාරූප වලින් දැක්වෙන්නේ ඒ අතරින් කිහිපයක්...
ඩොනල්ඩ් ඒ ගෝර්ක්ස් විසින් ලෝකයේ වැඩිම බර්ගර් සංඛ්‍යාවක් අනුභව කර තිබෙනවා. 2012 දී ඔහු තැබූ වාර්තාවකට අනුව ඔහු එතෙක් අනුභව කළ බර්ගර් ගණන 26 000ක්.
ලෝකයේ ලොකුම කප් එක නිර්මාණය වූයේ වර්ෂ 2011 ජෝර්ජ්ටවුන් හි දී. එම කප් කේක් ගෙඩිය අවුන්ස 2594 ක් වූ අතර වට ප්‍රමාණය අඟල් 50ක්. උස අඟල් 36 ක්.
බිස්කට්ටුවක් වැඩිම උසක සිට ආහාරයට ගැනීමේ වාර්තාව පිහිටුවීමට 2017 දී බ්‍රිතාන්‍ය තරුණයෙක් සමත් වුණා. ඒ අඩි 240 ක උසක සිට පහලට පැමිණ එල්ලීගෙන ආහාරයට ගැනීමයි. ඔහු මෙලෙස බිඳ දැමූයේ 2013 දී රොන් ජෝන්ස් අඩි 198 ක් පහළට පතිතව ආහාරයට ගත් බිස්කට් වාර්තාවයි.
මේ ආරංචිය හොට් ඩෝග් ආහාරයට ගන්නා සියලු දෙනාටයි. මෙතෙක් නිම වුණු විශාලතම හොට් ඩෝගය ගෝරිල්ලා ටැන්ටෝ නවල්ටි මීට් ආයතනය විසින් සකසා තිබෙනවා. එහි බර කිලෝ ග්‍රෑම් 3.18 ක්. මෙය සාමාන්‍ය බල්ලෙකුට වඩා බරකින් යුතු බවයි සඳහන් වන්නේ.
ලෝකයේ ලොකුම විස්කෝත්තුව නිපදවීමට 2003 දී සමත් වුණා. එම විස්කෝතුව අඩි 102 ක් පළල වන අතර අවුන්ස 40 000ක් බරැතියි. මාස 8කට පෙරාතුව සිට එය සැකසීමට ලොව විශාලතම අවන් එක නිර්මාණය කර තිබෙනවා. මෙම විස්කෝතුව පිළිස්සීමේ දී උස අඩි 50ක් වන තෙක් එහි සුවඳ පැතිරෙනවා.
ලෝකයේ විශාලතම අයිස් කෝපි බඳුන ලීටර් 14 228 ක්. මෙය සකසා ඇත්තේ දකුණු කොරියාවේ යැන්ගුජු හි දී. ඒ 2014 ජූලි මාසයේ දී.
ලෝකයේ විශාලතම චොකලට් බිස්කට්ටුව මොන්ඩලීස් බහරේන් බිස්කට් සමාගම විසින් නිමවන ලැබුවා. මෙහි බර කිලෝ ග්‍රෑම් 73.4 ක්. මෙම බිස්කට්ටුව සාදා ඇත්තේ ඔරියෝ නම් බිස්කටිටුවකට අනුව යි. එමෙන්ම සාමාන්‍ය ඔරියෝ බිස්කට්ටුවක මෙන් 6495 ගුණයක් මෙන් විශාල යි. මෙම සුවිශාල බිස්කට්ටුව බිඳ දමා ඇත්තේ 2011 නෙදර්ලන්තය විසින් නිමවුණු කිලෝ 28 කින් යුතු විශාල බිස්කට්ටුවක්. මෙම බිස්කට්ටුව එදින පැමිනි අමුත්තන් 150 දෙනෙකු අතරේ බෙදා දෙනු ලැබුවා.
උත්පලා ප්‍රබුද්ධිකා
ලක්බිම