Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
බලාපොරොත්තු නොවූ විදිහට මාස හතක් ගුවන් තොටුපළක ජිවිතය ගෙවන්න වුණු අරුම පුදුම තරුණයාගේ කතාව - Video & Photos

- බලාපොරොත්තු නොවූ විදිහට මාස හතක් ගුවන් තොටුපළක ජිවිතය ගෙවන්න වුණු අරුම පුදුම තරුණයාගේ කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,148 Views
නිදාගත්තේ ගුවන් තොටුපළේ බිම 
 
කුසගිනි නිවාගත්තේ නිලධාරින් දුන් ආහාරපාන වලින් 
 
මැලේසියාවේ ගුවන් තොටුපළක මාස හතක කාලයක් තිස්සේ කොටු වී දිවි ගෙවන අපූරු සරණගතයෙක් පිළීබඳව පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කර තිබුණා. 
 
මෙම අපූරු පුද්ගලයාගේ නම හසන් අල් කොන්ටාර්. 
 
ඔහු සිරියානු ජාතිකයෙක්. හසන් මේ ගුවන් තොටුපළට එන්නේ පසුගිය මැයි මාසයේ 7 වැනිදා. 
 
එදා පටන් ඔක්තොම්බර් 1 වැනිදා දක්වාම මාස 7ක කාලයක් ඔහු ගත් කරන්නේ මේ ගුවන් තොටුපළේ.

මෙය අනුවේදනීය කතාවක් වන අතරම එහි ඉතිහාසය 2006 වසර දක්වා දිව යනවා. එම වසරේ ඔහු සිරියාවේ සිට එක්සත් අරාබිය දක්වා ගොස් තිබෙනවා. ඒ රක්ෂණ නියෝජිතයෙකු ලෙස රැකියාවේ නිරත වීම සඳහායි. 
 
එයින් වසර පහකට පසු, 2011 දී ඔහුගේ රැකියා වීසා බලපත්‍රයේ කාලය අවසන්ව තිබෙනවා. එම අවස්ථාවේ සිරියාව ඔහුගේ වීසා අලුත් කිරීමත් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව හසන්ට තිබුණූ එකම විසඳුම ආපහු සිරියාව බලා ගමන් කිරීම. 
 
නමුත් ඒ වන විටත් ඔබට මතක නම් සිරියාවේ සිවිල් යුද්ධය නිසා ගැටුම් උත්සන්න වෙලා තිබුණා. 
 
හසන් ඒ නිසාම සිරියාවට යන්න කැමති වුණේ නැහැ. එසේ තමන් සිරියාවට ගියොත් හමුදා සේවයට යොදවන බවත් ඔහු දැනගෙන හිටියා. ඒ නිසාම වෙනත් විකල්පයක් නොමැති තැන ඔහු කළේ එක්සත් ආරාබී එමීර් රාජ්‍ය තුළ නීති විරෝධීව රැඳි සිටීමයි. 
 
කෙසේ වෙතත් මාස 3ක සංචාරක වීසා ලබා දී මැලේසියාවට ඔහු පිටත් කර හැරීමට එක්සත් ආරාබිය ක්‍රියා කළා. එහි වීසා කාලය අවසන් වීමෙන් පසු තුර්කිය බලා යන්න හසන් සුදානම් වෙලා තියනවා. නමුත් ඔහුට එහිදී ගුවන් යානයට ගොඩවෙන්න අවසර ලැබෙන්නේ නැහැ. 
 
ඉන් අනතුරුව ඔහු පිටත්ව යන්නේ කාම්බෝජයට. ඒ වුණත් කාම්බෝජයෙන් නැවත වතාවක් ඔහුව මැලේසියාවට හරවා එවනවා. මැලේසියානු සංචාරක වීසා පතත් අවලංගු වූ පසු විකල්පයක් නැති හසන්ට සිදු වුයේ ගුවන් තොටුපළ තුළ රැඳී සිටීමටයි. 
 
ඒ ආකාරයෙන් ඔහු මාස 7ක්ම ගුවන් තොටුපළ තුළ සිරකරුවෙක් බවට පත් වුණා. 
 
හසන් වඩාත් ප්‍රචලිත වන්නේ සමාජ මාධ්‍ය හරහායි. ඔහු සමාජ මාධ්‍ය තුළ සටහන් කළ දේ, බොහෝ සෙයින් දුක්මුසු වූ අතර තවත් ඒවා හාස්‍ය මුසු වුණා. වරෙක ගුවන් තොටුපළේ පඩිපෙළ ළඟත්, සීත කාලයේදි වූල් ඇඳුමක් ගොතමින් සිටින අන්දමත් ඔහුගේ බොහෝ වීඩියෝවල දකින්නට ලැබුණා. 
 
මේ කාලය තුළ හසන් කුසගිනි නිවාගෙන ඇත්තේ ගුවන් තොටුපළ නිලධාරින් ලබා දුන් ආහාර පාන වලින්. කෙසේ වෙතත් මුහුණු පොත හරහා ඔහුට විශාල රසික පිරිසක් නිර්මාණය වුණා. ඔහු අතිශය ජනප්‍රිය වූ නමුත් මෙපමණක් දුක් විඳිමින් සිටින්නේ, ආත්ම ශක්තිය, මානසික මට්ටම යහපත්ව පවත්වාගෙ යන්නේ කෙසේ දැයි මාධ්‍යවේදීන් පවා ඔහුගෙන් විමසා තිබුණා. 
 
නමුත් තමා එයින් තෘප්තියක් ලබන බව හසන් කියා ඇත්තේ සිනාමුසු මුහුණින්. 
 
‘‘ජිවිතය කියන්නේ හැම දිනෙකම උදෑසන අවදි වී අපේ සිහින පසුපස නැවත මුල සිට හඹා යාමයි. අරගලය දුෂ්කර වන තරමට ජයග්‍රහණයේ මිහිරත් වැඩි වෙනවා. හැම දෙයක් ගැනම ධනාත්මකව හිතන එක මගේ චරිතේ ස්වභාවයක් කියා මට හිතෙනවා..‘‘ 
 
මුල් දිනවට හසන් නිදාගෙන ඇත්තේ ගුවන් තොටුපළේ බංකු මත සහ බිමයි. නමුත් ඔහුගේ කතාව සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වීමත් සමඟ බොහෝ දෙනෙකු ඔහුට උදව් කරන්න ඉදිරිපත් වී තිබෙනවා. 
 
ඔහු පසුකාලයේ කොතරම් ජනප්‍රිය වූවාද කියතොත් විවාහ යෝජනා පවා ලැබුණු බව හසන් පවසා සිටියා. 
 
කෙසේ හෝ ඔක්තෝම්බර් පළමු දින හසන්ට තීරණාත්මක දිනයක් වුණා. දිගින් දිගටම ගුවන් තොටුපළේ රැඳී සිටීමට බලධාරින්ට ඉඩ දිය නොහැකි වූ අතර ඔහුව එයින් ඉවත් කිරීමට පියවර ගත්තා. 
 
එදා පටන් මාස දෙකක් ඔහු සිටියේ අත්අඩංගුවේ. 
 
කෙසේ වෙතත් හසන්ගේ කතාව ඇසූ කැනඩාවේ කණ්ඩායමක් යමක් කිරීම සඳහා සංවිධානය වුණා. 
 
අවසානයේ තීරණය වුණේ හසන්ට කැනඩාවේ දේශාලන රැකවරණ ලබා දීමටයි. මෙම සංවිධානයේ ප්‍රධාන මෙහෙයවන්නිය වූයේ ලෝරි කුපර්. මේ අනුව පසුගය නොවැම්බර් 26 වැනිදා ඔහු කැනඩාව වෙත ගොඩ බැස්සා. 
 
මාස නවයකට ආසන්න කාලයක් බිත්ති අතර කොටු වී සිටි තමාට දැන් නින්ද නොයන බවත්, තමා ලැබූ නිදහස් ජිවිතය රස විඳිමින් නිතරම එළිමහනේ ඇවිදින්නට සිතෙන බවත්, ඔහු පවසා තිබෙනවා. 
 
-සනත් වික්‍රමගේ
මව්බිම

මාස හතකට ආසන්න කාලයක් ගුවන් තොටුපළේ සිරවී සිටි හසන් යූටියුබ් හරහා කළ වීඩියෝව පහතින්
 
 
නෑෂ් ඩේයිලි සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ජාව පහත වීඩියෝවෙන්...
 

පහත ජායාරූපයේ හසන්, විදුලි සෝපානය යට නිදාගැනීමට සුදානම් වන අයුරු දැක්වෙනවා. ඔහුගේ අතේ තියෙන්නේ ඒ සඳහා භාවිතා කරන සැහැලුල් මෙට්ටයයි.
 
 
හසන්, එදිනෙදා වැඩකටයුතු ගුවන් තොටුපළේ වැසිකිළි තුළින් ඉටුකරගන්නා ආකාරය පහතින්..
 
 
පහත ජායාරූපයේ සිටින්නේ හසන්ට උපකාර කරන්නට පැමිණි ලෝරි කූපර්...
 
 
හසන් ගුවන් තොටුපළේ කාලය ගත කළ අයුරු පහත ජායාරූප වලින්...
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  713 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,352 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  936 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  358 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,119 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,284 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,848 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,340,437 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,554,824 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,410 Downloads



Top 10 Commenters

Latest Comments

Top