Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
02
මොන මොන හොර රහසේ සාකච්ඡා පැවැත්වුවත් ඒ සියල්ල අපි දන්නවා - ඇල්ලේ ගුණවංශ හිමි - Video

- මොන මොන හොර රහසේ සාකච්ඡා පැවැත්වුවත් ඒ සියල්ල අපි දන්නවා - ඇල්ලේ ගුණවංශ හිමි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30 Views
විදේශීය මැදිහත්වීමකට ඉඩ නොතබා සියලු පක්ෂ එක්ව පවතින දේශපාලන අර්බුදයට විසඳුම් සෙවිය යුතු බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සදහන් කළේ මරදාන ශ්‍රී ලංකා මහ පිරිවෙන් විහාරස්ථානයේ අද පැවැති උත්සවයකදී.

පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

"එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ලේකම්තුමාගේ උපදෙස් පිට 4 දෙනෙක් පසුගිය දවසක ලංකාවට පැමිණ සිටිනවා. මේක පැහැදිලිව කිව යුතුයි මේ රටේ ජනතාවට උතුරේ දේශපාලන පිරිසක් මහා මණ්ඩලයෙන් ආපු හතර දෙනා ත්‍රිකුණාමලයේදී මුණ හැගිලා තියෙනවා. ඒ මුණගැහෙනකොට ඉල්ලන ඉල්ලීම් තමයි උතුර නැගෙනහිර එකතු කරන්න.  දේශපාලන සිරකරුවන් ලෙස හදුන්වාදෙමින් සිටින ත්‍රස්තවාදීන් නිදහස් කරන්න. ඊට පස්සේ ලබන පෙබරවාරි දක්වා කාලය තුළ අලුතින් හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්න. මේ අලුතින් හදලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාම බරපතළ භයානක ව්‍යවස්ථාවක්. අපි දන්නවා අපේ රටේ දැනට තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරන අතර, ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ කියලා තියෙනවා. ඒ වගන්තිය ඉවත් කරලා නැහැ කියනවා නමුත් සකස් කරපු ලියවිල්ල මා ගාව තියෙනවා. ඒකේ තියෙනවා අනාගමික රාජ්‍යයක් හැටියට මේ රට හදුන්වලා. දෙක ජාතික ගීය අලුතින්දෙන්න. තුන අපේ කොඩිය වෙනස් කරන්න. අනිත් පැත්තට රට 9 කට කඩන්න. ඒ වගේම ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි අපේ දේශසීමා සකස් කරන්න. මම මේ කිව්වේ කරුණු කිහිපයක් පමණයි. මොන මොන හොර රහසේ සාකච්ඡා පැවැත්වුවත් ඒ සියල්ල අපි දන්නවා. ඒ නිසා කරුණාවෙන් කියන්නේ මේ රටට අත ගහන්න එපා. බෙදන්න සූදානම් වෙන්න එපා. ඒකට කිසිසේත්ම අපි ඉඩ දෙන්නේ නැහැ. අපි අවුරුදු 2500 ක් තිස්සේ රැක්ක රට ඔබලාගේ බල තණ්හාව නිසා දෙකට තුනට කඩලා රට විනාශ කරන්න එපා කියන ඉල්ලීම මේ පක්ෂවලින් මා ඉල්ලා සිටිනවා. ඒ නිසා පැහැදිලිව කියනවා මේ රට ලේ විලක් කරන්න එපා. මේ ප්‍රශ්නය විසඳන්න විදේශීය බලපෑමක් වුණොත් මේ රට කොසෝව වගේ හයිටිය වගේ රටක් හැටියට මේ රට පත්වෙයි. අපි ඉන්නේ සන්තෝෂයෙන් නෙමෙයි. අපි ඉතාම සන්සුන්ව ඉන්නේ ඉවසීමෙන්. ඒක නැති කරන්න එපා අපිට. මේ පාරනම් අනවශ්‍ය ගැටුමක් ඇති කළොත් මේ දේශද්‍රෝහීන් පිරිස සම්පුර්ණයෙන් පසකට දාලා දේශප්‍රේමීන් රජයක් බිහි කරන්න කටයුතු කරනවා කියලා පැහැදිලිව කිව යුතුයි".



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top