Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
පවුලේ සෝ සුසුම්, පොලිස් ආචාර මැද ඝාතනයට ලක්වූ පොලිස් නිලධාරීන් අවසන් ගමන් ගිය හැටි - Video

- පවුලේ සෝ සුසුම්, පොලිස් ආචාර මැද ඝාතනයට ලක්වූ පොලිස් නිලධාරීන් අවසන් ගමන් ගිය හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,093 Views
ඝාතකයා හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායකයෙක්....
සැකකරු මහවිරු සැමරුමක් සංවිධානය කිරීම සඳහා මඩකලපුවට ඇවිත්

මඩකලපුව - වවුනතිව් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායකයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු මහවිරු සැමරුමක් සංවිධානය කිරීම සඳහා මඩකලපුවට පැමිණ ඇති බවයි.
මේ අතර, ඝාතනයට ලක්වූ පොලිස් නිලධාරීන්ගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා.

මඩකලපුව - වව්නතිවී හී පොලිස් මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටියදී ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ මළ සිරුරු හමුවුණේ පසුගිය 30 වැනිදා පෙරවරු 6.00 ට පමණ.

වෙඩි තැබීමෙන් හා තියුණු ආයුධයකින් සිදුකළ ප්‍රහාරවලින් මෙම ඝාතන සිදුකර ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ.

ඝාතනයට ලක් වු පොලිස් කොස්තාපල් නිරෝෂන් ඉන්දික ප්‍රසන්නගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ අවසන් ගෞරව දක්වනු ලැබුවා.

ඒ දේහය තැන්පත් කර ඇති ගාල්ල උඩුගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී.

අනතුරුව ජනාධිපතිවරයා ඉන්දික මහතාගේ පවුලේ ඥාතීන් වෙත තම ශෝකය පළ කළා.

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ද ඊයේ රාත්‍රියේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

දේහය පිළිබද අවසන් කටයුතු සිදුකෙරුණේ ගාල්ල උඩුගම බැද්දේගෙදර පොදු සුසාන භූමියේදී.

මේ අතර ඝාතනයට ලක් වු පොලිස් කොස්තාපල් ගනේෂ් දිනේෂ්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පෙරවරුවේ කල්මුනේ පෙරියනිලාවනේ පොදු සුසාන භූමියේදී පොලිස් ආචාර වෙඩිමුර මධ්‍යයේ සිදුකෙරුණා.

මේ අතර, මෙම ඝාතන සිද්ධියට සැකපිට කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු 48 හැවිරිදි රාසනායගම් සර්වානන්දම් නැමැත්තා හිටපු එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ නායකයෙකු බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු මහවිරු සැමරුම සංවිධානය කිරීම සදහා මඩකලපුවට පැමිණ ඇති බවටයි පොලිස් ප්‍රශ්න කිරීම් වලදී හෙළිව ඇත්තේ.

කෙසේ වෙතත්, අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබීම හේතුවෙන් ඔවුන්ගේ සැලැස්ම කඩකප්පල් වීමත් සමග ඒ සම්බන්ධයෙන් උරණ වූ සැකකරු පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.  

මේ අතර, කතරගම සිට අනුරාධපුරය හරහා යාපනය දක්වා ගමන් ගත් ලංගම බස් රථයකට අද කිසියම් පිරිසක් එල්ල කළ ගල් මුල් ප්‍රහාරයක් හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

චාවකච්චේරිය පොලිසිය සදහන් කළේ යාපනය - නුවර ඒ -9 මාර්ගයේ වාවකච්චේරි නුනාවිල් ප්‍රදේශයේදී  මෙම පහර දීම සිදුව ඇති බවයි.

ප්‍රහාරයෙන් බස් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් කිසිවෙකු මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  3,368 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  155 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,773 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,989 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,285 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,703 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,206 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,966 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,989 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top