Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
"දුරකථනයක් නාදවෙනවා ඇහුනා මම යතුරුපැදියේ සීට් එක අරින්න හැදුවත් ශිරෝමාලා ඉඩදුන්නේ නැහැ" රටම කැළඹූ සුමේධ වැව ලඟ සිදුවූ ඝාතනයේ තවත් තොරතුරු එළියට එයි - Video & Photos

- "දුරකථනයක් නාදවෙනවා ඇහුනා මම යතුරුපැදියේ සීට් එක අරින්න හැදුවත් ශිරෝමාලා ඉඩදුන්නේ නැහැ" රටම කැළඹූ සුමේධ වැව ලඟ සිදුවූ ඝාතනයේ තවත් තොරතුරු එළියට එයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

50,342 Views
"මල්ලි අපිට කවදාවත් කියලා නෑ දෙන්නා අතර ප්‍රශ්න තිබුන බවක්"
"මට ශිරෝමාලා හමුවුණේ මීට වසර දෙකකට විතර කලින්"
"අපේ දුව කලින් විවාහ වෙලා හිටියේ රත්තරං කොල්ලෙක් එක්ක"

මොනරාගල මාගන්දනමුල්ල සුමේධ වැව අසලදී පසුගියදා අවුරුදු 23ක තරුණියක් තම පෙම්වතිය ඝාතනය කරමින් සිදුවූ අපරාධය පිළිබඳව අදටත් කතාබහට ලක්කෙරෙනවා.

මෙලෙස ඝාතනය කෙරුණේ  ශිරෝමාලා ප්‍රියදර්ශනි නමැති තරුණයක්. සැකයක් නිසා මෙම ඝාතනය සිදු වූ බවට කරුණ අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ජාතික පුවත්පතක පළවී තිබුණා. එම සටහන පහතින්.

ආදරය හා වෛරය අතර ඇත්තේ කෙස් ගහක පරතරයකි. ඒ බව යළි යළිත් සිහිපත් කරවන අවාසනාවන්ත පුවතක් පසුගියදා මොනරාගල මාගන්දනමුල්ල සුමේධ වැව අසලදී සිදු වුණා.
 
මොනරාගල සුමේධ වැව පිහිටා ඇත්තේ නගරයේ සිට කිලෝ මීටර් 05 ක් පමණ දුරින්ය.
එය වනාන්තර වලින් හා කැඳුවැටියකින් වටවී ඇති ඉතා සුන්දර ප්‍රදේශයකි. මෙම වැව පෙම්වතුන් පෙම්වතියන් නිතර ගැවසෙන කලාපයකි. පසුගියදා මොනරාගල නගරයේ සිටි බොහෝ දෙනා සුමේධ වැව දෙසට දුව යන්නට වූයේ කෙල්ලෙක් මරලා වැවට දාල යන ආරංචිය ලැව්ගින්නක් සේ පැතිර ගිය නිසාය.
 
මොනරාගල පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් ඔස්සේ වහා ක්‍රියාත්මක වූ මොනරාගල පොලිසියේ පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පිරිස සුමේධ වැව අසල සිටි තරුණයකු අත්අඩංගුවට ගත්තේ ඒ අවස්ථාවේදීය.
 
අත්අඩංගුවට පත්වූ සැකකරු තමා තරුණිය ඝාතනය කළ බව පාපොච්චාරණය කළේය.

"මට ශිරෝමාලා හමුවුණේ මීට වසර දෙකකට විතර කලින්. ඇය ඒ වන විටත් නාවික හමුදා සෙබළෙක් සමග විවාහ වෙලයි සිටියේ. ඇය පැවසුවේ ඒ විවාහය ඇයට එපා වෙලා තියෙන්නේ කියලා. නාවික හමුදා සෙබළාගෙන් නීත්‍යනුකූලව වෙන් වීමෙන් පසු අපි විවාහ වීමට පොරොන්දු වුණා. අපි දෙදෙනා දිගටම සම්බන්ධය පවත්වාගෙන ගියා. ශිරෝමාලා නාවික සෙබළාගෙන් අයින් වෙලා මහ ගෙදර සිටියේ. මම මේ කාලයේ කොළඹ රැකියාවකට ගියා. මම පුද්ගලික අංශයේ රැකියාවක් කළේ. අපි දෙන්නා හැමදාම ආදරයෙන් සිටියා. මම කෑවද බීවද කියලා එයා හැමදාම කෙටි පනිවිඩ මගින් අහනවා. මේ කාලෙදිම තමයි අපේ පොඩි අක්කයි ශිරෝමාලයි එකතුවෙලා සැලෝන් එකක් දැම්මේ. ඒ සැලූන් එක දාන කාලෙත් ශිරෝමාලා අපේ ගෙදර ආවා ගියා. අපි අතර ළඟින් ඇසුරක් තිබුණා. මම ඇයට විවාහ කර ගන්න කලින් විවාහ වෙලා සිටිය අයගෙන් නීත්‍යනුකූල වෙන් වෙන්න කිව්වා. ඒ සඳහා අපි දික්කසාද නඩුවකුත් දැම්මා.

පසුගිය කෙටි කාලයේ් මට එයාගේ වෙනසක් දැනුනා. ඒ අනුව මම රැකියාවෙන් නිවාඩු ලබා ඇවිත් ඇයට එන්න කිව්වා කතා කරන්න. වෙනදා කැමැත්තෙන් ආවත් ඇය එදා ආවේ එතරම් කැමැත්තෙන් නෙවෙයි. අපි කතා කර කර ඉද්දි මට ඇගේ යතුරුපැදියේ දුරකථනයක් නාදවෙනවා ඇහුනා. මම යතුරුපැදියේ සීට් එක අරින්න හැදුවත් ශිරෝමාලා ඉඩදුන්නේ නැහැ. මම බලහත්කාරයෙන් යතුරු පැදියේ සීට් එක අරින විට තවත් ජංගම දුරකථන දෙකක් තිබුණා. මේ ඇයි කියලා අහලා මම එක දුරකථනයත් විසිකළා. එවිට අපි අතර බහින් බස් වීමක් සිදු වුණා. ඇය මාව දාලා යන්න හදුවා. එවිට මම ඇගේ බෙල්ලෙන් ඇල්ලූවා".
 
දැනට මොනරාගල පොලිසිය සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති පරිදි මෙම සැකකරු පෙම්වතිය ඉදිරියේ සිය දිවි හානිකර ගැනීම සඳහා කොළඹ සිට පිහියක් රැගෙන විත් ඇති බව වැඩිදුරටත් සැකකරු පාපොච්චාරණය කර ඇත. සැකකරු එසේ පැවැසුවත් මෙය ඝාතනය කිරීම සඳහා රැගෙන ආවාද යන්න ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මෙම සැකකරු මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
මේ මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල රත්නන දෙනිය සිරිගල ලිපිනයේ පදිංචි සංජීව අරුන ශාන්ත නමැති වයස අවු 23 ක තරුණයකි.
 
මෙම ඝාතනයට ලක්වූ කාන්තාවගේ සිරුර බැලීම සඳහා විශාල ජනකායක් පැමිණ සිටි අතර මියගිය ශිරෝමාලාගේ දෙමවුපියන් ද ඒ අතර වූහ.
මගේ ලොකු දුව මැරුවා යැයි මව නැගූ විලාපය පැමිණ සිටි සියලූ දෙනාගේම දෙනෙත් කඳුළින් පුරවාලන්නට විය. මේ මව එහිදී පැවසූ කතාවයි.

"අපේ දුව කලින් විවාහ වෙලා හිටියේ රත්තරං කොල්ලෙක් එක්ක. ඒ දරුවා ඇත්තමට මේ කෙල්ලට ආදරෙයි. මේ කොල්ලගෙන් අයින් වෙන්න වුණේ කවුරු හරි කෙල්ලට ඒ රත්තරං කොල්ලා එපා වෙන්න මොනවා හරි කරල හින්දයි. ඊට පස්සේ තමයි මේ කොල්ලා සමග යාළුවෙලා තියෙන්නේ. මේ කොල්ලා නිතරම සැකකරා අපේ දුව කලින් බැඳලා හිටිය කෙනා සමග නැවත සම්බන්ධයක් තියෙනවා කියලා. ඒත් දුවගේ එහෙම එකක් තිබුනේ නෑ. දුව මේ කොල්ලා සමග විවාහ වෙන්න පසුගියදා දික්කසාද නඩුවකුත් දැම්මා. ප්‍රශ්න විසඳා ගන්නෙ මෙහෙමද දෙයියනේ... මට දරුවෝ 05 ඉන්නවා මේ තමයි ලොකුම දුව. මටත් අපේ අනිත් දරුවන්ටත් දුව සැලකුවා අපේ මහත්තයෝ. මම මේ දරුවෝ ලොකුකර ගන්න නොකරපු වැඩක් නැහැ. කුලී වැඩ කළා. කළුගල් කැඩුවා. මේ කරලා තමයි අපි දරුවෝ ලොකුකර ගත්තේ. මගේ ලොකු දුව සැලූන් එක දැම්මේ. අපිව ජීවත් කරන්න සල්ලි හොයා ගන්න ඒ සැලූන් එක කරෙත්. බලාගන්න දීලා තිබුණෙත් ඔය කොල්ලගෙ අක්කා කෙනකුට. අනේ දෙයියනේ මගේ දුව එදා ආවේ සැලූන් එකටත් ගිහින් යාළුවකුගේ දානය ගෙදර යන්න. මම දානෙ ගෙදර ගෙනි යන්න කැවුනුත් හදලා දුන්නා. ඇයි දෙයියනේ මේ අපරාදේ කළේ" යැයි පවසමින් මව නැවතත් හඬා වැටෙන්නට විය.
 
මෙම ඝාතනය සම්බන්ධ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරුගේ සොහොයුරිය මේ පිළිබඳව අදහස් දැක්වමින් පවසා ඇත්තේ මෙවන් කතාවක්.

"නංගියි මල්ලි හොඳට හිටියා. ඒ දෙන්නා මල්ලි නිවාඩු ආවම අපේ ගෙදර එනවා. අපේ ගෙදර හොඳට ඉගෙන ගත්තේ මල්ලි විතරයි. මල්ලි වාණිජ්‍ය අංශයෙන් ඉගෙන ගෙන විභාගයත් පාස්වෙලා තමයි හිටියේ. මල්ලි තමයි අම්මයි තාත්තයි බලා ගත්තේ. අක්කයි මමයි මල්ලියි හිටියේ. අක්කයි මමයි විවාහවෙලා ඉන්නේ. මල්ලි මේ සම්බන්ධය ගැන අපිට කිව්වාම අපි විරුද්ධ වුණේ නෑ. ඒක ඒ දෙන්නගෙ කැමැත්ත කියලා අපි කැමැති වුණා. ඒ නංගිත් හරි හොඳයි. අපේ ගෙදර හැම දෙනාගේම සිත දිනාගෙන හිටියේ. ඒ අතරේ තමයි මම රෙදි මහන තැනම සැලූන් එකක් දාන්න ඕන කිව්වේ. මුලින් කිව්වේ පඩි දෙනවා කියලා එත් පසුව අපි එකඟතාවකට ආව සැලූන් එකේ ආදායමෙන් සීයට 25 දෙන්න කියලා. නංගි සැලූන් එකට නිතර ඒන්නේ නෑ. මම තමයි සැලූන් එක බලා ගත්තේ. ඒ නංගි මල්ලි නිවාඩු ආවොත් ඇවිත් යනවා. මේ දෙන්නා අතර ප්‍රශ්න තිබුන බවක් අපි නම් දැනගෙන තිබුනේ නෑ. මල්ලි නිතර කිව්වේ ගමේ අයට පේන්න එක්ක ආව එකම කෙල්ල නේ මොන අඩුපාඩු තිබුණත් ඒවා හදාගෙන ඉන්නවා කියලා. මල්ලි අපිට කවදාවත් කියලා නෑ දෙන්නා අතර ප්‍රශ්න තිබුන බවක්. ඒ නංගිත් මට මොනවාවත් කියලා තිබුණේ් නෑ. දැන් අපේ ලෙඩ ගානේ සිටින තාත්තා අම්මාත් බලාගන්න කෙනෙක් නෑ".
 
ඝාතනය වූ ශිරෝමාලා ප්‍රියදර්ශනි ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සහෝදර සහෝදරියන්ගේ හා දෙමාපියන්ගේ සෝසුසුම් මැද පසුගිය ඉරිදා රාත්‍රියේ බඩල්කුඹුර වෙහෙරගල නිවසට රැගෙන ගිය අතර මේ දේහය දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණියහ. පසුගිය සඳුදා වෙහෙරගොඩ පොදු සුසාන භූමියේදී ශිරෝමාලාගේ දේහය මිහිදන් කෙරිණි.
 
මේ අවාසානාවන්ත සිද්ධිය කිසියම් පුද්ගලයෙක් තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කර අන්තර් ජාලයට මුදා හැර තිබිණි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නැරඹූ එම වීඩියෝ පටයේ බල්ලෙකු මෙම අනතුර දැක නොනවත්වා බුරන අයුරු දැක ගැනීමට ලැබිණි. මේ වීඩියෝ පටය සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචනයට ලක් වී තිබූනා.  මේ දර්ශන පටිගත කර තිබුනේ වයස අවු 30 පමණ වෙන පෙදරේරුවෙක්.  මේ ඔහු පැවසූ කතාවයි.

අපි රැකියාවට යන විට කාන්තාවක් හා පිරිමියෙක් රණ්ඩු වෙනවා දැක්කා. අපි ළගට යන විට කාන්තාව අපිට කිව්වා අපිට ළංවෙන්න එපා ඔයාලටත් වගකියන්න වෙනවා කියලා. අපි හිතුවේ නෑ කෙල්ල මරයි කියලා. අනික මේ උදේ 09 අපි වැඩට යන වෙලේ මේ සිද්ධිය අදහා ගන්න බැරි වුණා. අපි කෝකටත් කියලා වීඩියෝගත කර ගත්තා. මම මේ වීඩියෝ එක අනතර්ජාලයට මුදා හැරියේ නෑ. මේ ඝාතනය බලන්න ආව අය මේ වීඩියෝ එක ඉල්ලූවා. මම බලන්න දුන්නා. එයාලා ඒක අන්තර්ජාලයට මුදා හැරලා. අපි කෙල්ල බේරා ගැනීමට නොගියේ කෙල්ල මරන බවක් අපි දැනගෙන හිටියේ නැති නිසා. අනික කෙල්ල අපිට කිව්වා ළංවෙන්න එපා කියලා. ඇත්තමට අපිට මෙම සිද්ධිය අදහා ගන්න බෑ. මොකක් වුණාද කියලා අපි මේ ගැන ගමේ අයට කියලා පොලිසිට දැනුම් දුන්නා.
 
මේ වීඩියෝ පටයෙන් සමාජයට පණිවිඩ රැසක් ලබා දෙයි. අපරාධයක් සිදුවෙමින් තිබෙන බව බල්ලාට දැණුනත් බලා සිටි මිනිසුන්ට නොදැනීම ඛේදවාචකයක් නොවේද?
 
මේ කාන්තාවගේ ඝාතනය දෙස විමසිල්ලෙන් බැලීමේදී අවධානය යොමු කළ යුතු කරුණු රැසක් ඇතත් මේ සියල්ලට සැකය මුල්වී ඇති බවත් ඒ සියලූ ගැටලූ මුල්වී ඇත්තේ නොගැළපෙන පෙම් සම්බන්ධතා ඇති කර ගැනීමේදී බවත් ඉතාම පැහැදිලිය. දැනට අත්අඩංගුවේ සිටින තරුණයාගේ පළමු ප්‍රේමය විවාහක කතක් සමග ඇති කර ගැනීමත් විවාහ වී සිටි ඝාතනය වූ ශිරෝමාලා විවාහක සැමියාගෙන් වෙන් වී තවත් තරුණයකු සමග අලූත් ජීවිතයක් ආරම්භ කිරීමට මැවූ සිහින නිසා නොවේ දැයි පැවසිය නොහැක්කේ කාටද? ආදරයෙන් පැරදුන ලෝකයේ එකම පෙම්වතා තමා පමණක්ම දැයි සිතීමට මේ තරුණයා නොපෙළඹුණේ ඇයි.
 
 කලාව සාහිත්‍යය රස වින්දනය විරහව වේදනාව විඳ දරා ගැන්ම අද ක්‍රමයෙන් තරුණයන්ගෙන් ඈත්වීම බරපතළ ගැටලූවක් වී තිබේ.
 
 නවීන තාක්‍ෂණය ඔස්සේ ගොඩනැෙගන ආදර බැඳීම් අද සමාජ විලාසිතාවකි. ඒ තුළින් ආදරයට සහ ප්‍රේමයට නව අර්ථකථනයන්ද එක්වී ඇති බව පෙනේ. එහෙත් ආදරය තෘෂ්ණාවෙන් අන්ධ වූ විට කරුණාව හා මෛත්‍රිය සිඳී ගොස් එතැන ඉතිරි වන්නේ වෛරය හා රාගයයි. ආදරය යනු තෘෂ්ණාවට රාගයට නොව දයාවට හා කරුණාවට සමීප සියුම් හැගීමක් ලෙස හඳුනා ගැනීමට නව පරපුරේ බොහෝ දෙනකුට නොහැකි වීම නිසා මෙවන් ඛේදවාචක අද සුලභ වී තිබේ.
 
මෙම ඛේදවාචකය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර, කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල හා පොලිස් අධිකාරි ජයන්ත රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මොනරාගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍ර. පො. ප. වේහිත දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උ. පො. ප. ගුණසේන පො. සැ. (20617) සමන්ත, (25962) ගුණසිරි, පො. කො. (6040) ලලිත්, (44554) සිරිවර්ධන යන නිලධාරීන් විසින් පවත්වනු ලබයි.

 මොනරාගල - නයන ඉහළගෙදර


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  3,358 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  155 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,773 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,989 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,284 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,703 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,202 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,966 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,989 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top