සැකකරුවෙකු පොලීසිය සොයා ගනී
ඝාතනය සම්බන්ධෙයන් විවිධ අදහස්
මඩකලපුව - වව්නතිව්හී දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ එක් සැකකරුවෙක් අද දහවල් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
කිළිනොච්චි - වට්ටකච්චි ප්‍රදේශයේදී කිළිනොච්චි පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.
මඩකලපුව - වව්නතිවී හී පොලිස් මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටියදී ඝාතනයට ලක්ව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සිරුරු හමුවුනේ ඊයේ පෙරවරු 6 ට පමණ.
ඔවුන්ගේ දේහයන් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පස් වරුවේ සිදුකෙරුණේ මඩකලපුව ශික්ෂණ රෝහලේ දී.
එක් නිලධාරියකුගේ හිසට වෙඩි පහරවල් දෙකක් එල්ල වී ඇති බවත්, අනෙක් නිලධාරායාගේ හිසේ වෙඩි ප්‍රහාරයකක් සහ ශරීරයේ බහුවිධ කැපුම් තුවාල රුසක් පවතින බවත් එහිදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.
අදාළ ඝාතනය සබ්බන්ධයෙන් සැකකරුවකු අද කිළිනොච්චි පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.
ඝාතනයට ලක්ව පොලිස් සැරයන් ධුරය දක්වා උසස් කෙරුණු දිනේෂ් අලගරත්නම් මහතාගේ දේහය ඊයේ රත්‍රියේ කල්මුණේ - පෙරියනිලාවනි ප්‍රදේශයේ පිහිටි නිවස වෙත රැගෙන ආවා.
28 හැවරදි වියේ පසුවන දිනේෂ් සහෝදර සහෝදර තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයයි.
මේ අතර ඝාතනයට ලක් වූ ගාල්ල - උඩුගම ප්‍රදේශයේ පදිංවිව සිටි අනෙක් පොලිස් සැරයන්වරාගේ දේහයද අද පෙරවරුවේ නිවස වෙත රැගෙන ආවා.
නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නම් ඔහු 35 හැවරදි වියේ පසුවූ අතර එක් දරු පියෙක් ද දවනවා.
මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශව අදහස් පළ කළා.
මේ අතර ආවා කල්ලියට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු කඩු 6 ක් ද සමඟින් යාපනය ඉනයානන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ චාවකච්චේරි පොලිසිය විසින්.