ඒ සාහසික වරද කරපු මිනිස්සු තවම නිදල්ලේ
අවාසනාවට මේක ජාතික වන උද්‍යානය තුලම සිදු වෙලා
උඩවලව ජාතික වනෝද්‍යානය තුළදී අවුරුදු 8 ක් පමණ වයසැති ඇත්පැටවකුට වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.
අද අළුයම් කාලයේදී මෙම ඝාතනය සිදු වී ඇති අතර වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඇත් පැටවාගේ හිස සහ කණ ප්‍රදේශයටයි.
ඇත් පැටවා ඝාතනය කර ඇත්තේ උඩවලව ජලාශයේ පිටවාන අසල දී.
උඩවලව - තණමල්විල ප්‍රධාන මාර්ගයද ඇත් පැටවා වැටී සිටි ස්ථානයට ආසන්නයෙන් ඇති අතර වනජීවී නිලධාරීන් සඳහන් කලේ අද අළුයම 1.30 ත් 4.00ත් අතර කාලයේදී මෙම ඝාතනය සිදු වී ඇති බවයි.
බඳින තුවක්කුවකින් වෙඩි තැබීමෙන් ඇත් පැටවා ඝාතනය කර ඇති බවද වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළා.
උඩවලව ජලාශයේ පිටවාන, පහේ කණුව සහ ගල්කොරිය ආදී ප්‍රදේශවල නිතර සැරි සරන මෙම ඇත් පැටවාගෙන් මෙතෙක් කිසිවකුටවත් ජීවිත හානියක් සිදු වී නැහැ.
එසේම මෙම ඇත් පැටවාගේ මවද වනඋද්‍යානය තුළ සැරිසරමින් සිටින බව වනජීවී නිලධාරීන් සඳහන් කළා.
ඊයේ පස්වරුවේ අවට ගම්මාන ආශ්‍රිතව සැරිසැරූ මෙම ඇත් පැටවා වන ජීවි නිලධාරීන් විසින් වනයට පළවා හැර තිබුණා.
ඇත් පැවටාගේ ඝාතනය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය මාලක අබේගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිදු කළා.
ඇත් පැටවා වෙඩි වැදී වැටී සිටි ස්ථානයට ආසන්නයෙන් ඇති උඩවලව - තණමල්විල මාර්ගයේ සිට මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට සැක කෙරෙන අතර මෙතෙක් වෙඩි තැබීම සම්බන්ධයෙන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැහැ.
මෙම ඇත් පැටවා ඝාතනය කිරීම සම්බන්ධයේ සුරකිමු ශ්‍රි ලංකා ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අදහස් පළ කළා.