අහිංසක තැන්පත්කරුවන්ගේ මුදල් ටික ලබා දෙන්න
වහාම පුළුල් පරීක්ෂණයක් කරන්න
තමන් මුහුණ පා සිටින අර්බුදයට කඩිනම් විසදුමක් ලබාදෙන ලෙස ඊ.ටී.අයි. තැන්පත්කරුවන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ, කොළඹ පැවති විරෝධතාවයකදී.
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය මරදාන - ටෙක්නිකල් මංසන්ධිය අසළ සිට පාගමනින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණ මෙලෙස විරෝධතාවයේ නියැලුණා.