Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
01
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක මුල් පුටුවට ගිය ලාංකික කාන්තාවගේ කතාව - Photos

- ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක මුල් පුටුවට ගිය ලාංකික කාන්තාවගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,109 Views
ව්‍යාපාරික ලෝකයට කාන්තාවන් වැඩි පිරිසක් කැඳවාගෙන ඒම මගේ අරමුණයි 
 
සමාගම් 200ක් අතරින් ප්‍රධාන විධායක වූ ප්‍රථම ආසියානු කාන්තාව 
 
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක් වන මැකෝරි සමාගම් සමූහයේ කළමනාකරණ අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ශ්‍රී ලාංකීක කාන්තාවක් වන ෂෙමාරා වික්‍රමනායක මහත්මිය පත්ව තිබෙනවා. 
 
මැකෝරි සමාගම ලොව පුරා පැතිර ඇති වත්කම් කළමණාකරන සමාගම් ජාලයක්. 
 
එය රටවල් 25ක් පුරා ව්‍යාපත්ව ඇති එම සමාගම් සමූහයේ සේවක සංඛ්‍යාව 14,000ක් පමණ වන අතර මූලස්ථානය පිහිටා ඇත්තේ සිඩ්නි නුවරයි.

එම සමාගම මඟින් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 495ක පමණ වත්කම් කළමනාකරණය කෙරෙනවා. 
 
එංගලන්තයේ සේවය කළ ලාංකික වෛද්‍යවරයෙකුගේ දියණිය ලෙස 1962 දී එරටදී උපත ලද ෂෙමාරා වික්‍රමනායක ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක්. 
 
කලක් බ්ලේක් ඩෝසන් වොල්ඩ්රෝන් සමාගමේ, සමාගම් පිළිබඳ නිතීඥවරියක ලෙස සේවය කළ ඇය මැකෝරි සමාගම් ජාලයේ සේවයට එක් වූයේ 1987 දී. 
 
එම සමාගමේ සමූහ ප්‍රධානියා ලෙස රටවල් හයක සේවය කර ඇති අය ප්‍රධාන පෙළේ ඕස්ට්‍රේලියානු සමාගම් 20ක් අතුරින් ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත් වූ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසයට එක් වනවා. 
 
එසේම ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් 200ක් අතරින් ප්‍රධාන විධායක තනතුරට පත් ප්‍රථම ආසියානු කාන්තාව වන්නේද වික්‍රමනායක් මහත්මිය වීම විශේෂත්වයක්. 
 
එම සමාගමේ වත්මන් ප්‍රධාන විධායක කිලධාරියා වන්නේ නිකලස් මුවර් මහතායි. දස වසරක කාලයක් එම තනතුර හෙබ වූ ඔහු නොවැම්බර් 30වැනිදා සිට සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි. 
 
30 වසරක අත්දැකීම් සමඟ මැකෝරි සමාගමේ සයවැනි විධායක නිලධාරිනිය වන්නේ වික්‍රමනායක මහත්මියයි. 
 
වාණිජ කටයුතු පිළිබඳ විශ්ලේෂකයින් මෙම නව පත්වීම අගය කර තිබෙනවා. මූල්‍ය විශ්ලේෂකයකු වන ජේම්ස් තොම්සන්, වික්‍රමනායක මහත්මිය හඳුන්වන්නේ සූක්ෂම බුද්ධියක් හා විශිෂ්ඨ ගණුදෙනු පහසුකම් සලන්නියක ලෙසයි. 
 
වික්‍රමනායක මහත්මිය අනාගතයේදි කාන්තාවන් වැඩි පිරිසක් ව්‍යාපාරික ලෝකයට කැඳවීම තම අරමුණ බවද සඳහන් කර තිබෙනවා.
 
- ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

පහත ජායාරූපයේ සිටින්නේ  ෂෙමාරා වික්‍රමනායක මහත්මිය හා සමාගමෙන් ඉවත්ව විශ්‍රාම ලබන්නට සුදානමින් සිටින මුවර් මහතායි. (මොහු ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වාණිජ බැංකුව හා ප්‍රථම මුදල් නෝට්ටුව හඳුන්වාදීමේ පුරෝගාමීන්ගෙන් කෙනෙකි.)
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  3,358 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  155 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,773 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,989 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,284 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,703 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,202 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,966 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,989 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top