පෝල් වෝකර් කියන්නේ මුළු ලෝකයක් ආදරය කළ කඩවසම් නළුවෙක්.
fast & furious කියන අතිශය ජනප්‍රිය කතා මාලාව හරහා ජනප්‍රියත්වය පත් පෝල් රිය අනතුරකින් 2013 වර්ෂයේදී ජිවිතක්ෂයට පත් වෙනවා.
ඒ දේ දැනගත් බොහෝ දෙනා කිව්වේ ‘‘ඒක හරියට හීනයක් වගේ‘‘ කියලයි.
බොහෝ දෙනාගේ හදවත් තුළ ලැගුම් ගත් මේ කඩවසම් නළුවා මෙලොවින් සමුගෙන ඊයේ (30) දවසට වසර පහක් සපිරෙනවා.
පෝල් වෝකර් සිහි කරමින් අද බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ මතකයන් ගැන කතා කිරීමට යොමු වී තිබෙනවා.
පෝල් සිය ‘පෝෂ්‘ රථය අනතුරට ලක්වීමෙන් මරු වැළඳගත් අතර එම අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය පැයට කිලෝමීටර් 72ක වේගයකින් ධාවනය කර ඇතැයි හෙළි වී තිබුණා.