Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
01
"ජීවිතයේ වැරදුණු තැන්වලදී ළඟින්ම සිටියේ අම්මා, තාත්තා, ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ.." - සුලෝචනා වීරසිංහ

- "ජීවිතයේ වැරදුණු තැන්වලදී ළඟින්ම සිටියේ අම්මා, තාත්තා, ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ.." - සුලෝචනා වීරසිංහHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

88 Views
"ජනප්‍රිය චරිත අනුකරණය කර ඔවුන්ගේ ජීවිත අවුල් කර ගන්නවා.."

"බොරුවෙන් ජීවත්  වෙන අය ඉන්නේ.."

සුලෝචනා වීරසිංහ කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇගේ රංගන කුසලතාව වේදිකාව, පුංචිතිරය, , සිනමාව යන කලා මාධ්‍ය තුනෙන්ම දකින්න පුළුවන්. මහාචාර්ය ඇතුගලයන්ගේ 'මහා සුපින' වේදිකා නාට්‍යයෙන් වේදිකාවේ දස්කම් පාන ඇය ටෙලි නාට්‍යය වගේම'ගින්නෙන් උපන් සීතල' සිනමා පටයේ රෝහණ විජේවීරයන්ගේ බිරිඳ චිත්‍රාංගනීගේ චරිතයෙන් ඉදිරියේදී දැකගත හැකියි. අඩු නිර්මාණ ප්‍රමාණයකින් වැඩි රසික පිරිසකගේ හදවතට ආමන්ත්‍රණය කරන සුලෝචනා ගැනයි මේ.

කුඩා කාලයේ සිටම රංගන ශිල්පිනියක වීමටද හීන මැව්වේ..
නැහැ. හොඳින් ඉගෙන ගෙන ‍හොඳ රැකියාවක් කිරීමට. එහෙත් කලාවට තිබෙන ඇල්ම පුංචි කාලෙත් තිබුණා. ඒ නිසා වෙන්න ඇති හින්දි චිත්‍රපට දිනපතාම වාගේ නැරැඹුවේ. ටිකක් ලොකු වෙනකොට ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමේ ආසාව ඇතිවුණා. ඒ සඳහා ගුවන් විදුලි පාඨමාලාවක් හැදෑරුවා. හඬ පරීක්ෂණවලට සහභාගි වුණා. විශ්වවිද්‍යාලය ප්‍රවේශය ලබා ශාස්ත්‍රවේදි උපාධිය සහ පශ්චාද් උපාධිය ලබා ගන්නෙත් ජනසන්නිවේදනය විෂය පිළිබඳව. ඒ මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ඇති කැමැත්ත නිසා. පසුව රංගනය හැදෑරුවා. වේදිකා නාට්‍යවල රඟපෑවා වගේම එකක් නෑර වේදිකා නාට්‍ය නැරඹුවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි රංගනයට යොමු වෙන්නේ. එහෙත් මගේ වෘත්තිය රංගනය නෙවෙයි. මම රාජ්‍ය සේවිකාවක්.

රංගනයේදි චරිත තෝරා බේරා ගන්නවාද?
අනිවාර්යයෙන්ම. ලැබෙන හැම චරිතයක්ම භාර ගන්නේ නෑ. චරිතයක් ලැබුණු විට මා කරුණු කිහිපයක් මතයි එය භාර ගන්නේ. කොතරම් මුදල් ලැබුණත් හොඳ පිටපතක් නැතිනම් එම නිර්මාණය භාර ගන්නෙ නෑ. සවස 7.30 සිට රාත්‍රි 10දක්වා සෑම නාළිකාවකම පෙනී සිටින රංගන ශිල්පිනියක් වෙනවාට වඩා කලා තුරකින් ලැබෙන එක නිර්මාණයකින් රසිකයන්ට දැනෙන යමක් කිරීමටයි මට ඕනෑ. ඒ වගේම හොඳ මිලක් බලාපොරොත්තු වෙනවා.
 
වඩාත් කැමැත්තෙන් කියවපු මතකයේ රැඳුණු පොත මොකක්ද
මතකයේ රැඳුණු පොත් කිහිපයක්ම තියෙනවා. කොළරා කාලේ ආලේ, මිනිත්තු එකොළහේ කතාව, හරි අපූරු ඉස්කෝලේ, ගුරු ගීතය,පොත් මතකයේ රැඳුණු පොත්ලෙස හැදින්විය හැකියි. ඒ අතරින් 'කොළරා කාලෙ ආලෙ' පොත ආදරයට සම්බන්ධ කෘතියක් නිසා එය වඩාත් සිත් ගත්තා. ඒ නිසා එහි චිත්‍රපටියත් බැලුවා.

කැමැතිම සිනමා පටය..
කාලයක් දිනකට සිනමාපට පහකට වඩා නැරඹුවා. එමගින් බලාපොරොත්තුවුණේ එහි කතාව රසවිඳීම නෙවෙයි. රංගන ශිල්පිනියන්ගේ උසස් රංගනයන් නැරඹීමයි. කැමැතිම එක් චිත්‍රපටයක් නම්කළ නොහැකියි. චිත්‍රපට බොහොමයක් තිබෙනවා මාව කම්පනයට පත්කළ. නමුත් භඳ්‍ර යෞවන අවධියේ නරඹපු ටයිටැනික් චිත්‍රපටය මතකයේ රැඳී තිබෙනවා.

කැමතිම රංගන ශිල්පියා, ශිල්පිනිය, ගායකයා සහ ගායිකාව..
මැර්ලින් මොන්රෝ, කේට්, ඇන්ජලිනා ජොලි වැනි රංගන ශිල්පිනියන්ගේ රංගනයට කැමතියි.ඒ වගේම ලංකාවේ තරුණ පරපුරේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් කිහිප දෙනෙක් සිටිනවා ප්‍රිය කරන. ඔවුන්ගේ රංගනයටත් කැමතියි. ගායකයා ගැන සඳහන් කරනවා නම් එය කාලෙන් කාලෙට වෙනස් වනවා. ගීතවල අලංකාරයත්, එම ගීත රසවිඳින මූඩ් එකත් ගීතයක් සිත්ගන්න හේතු වෙනවා. කසුන් කල්හාර, අමල් පොරේරාගේ හඬට කැමතියි. ඒ වගේම නන්දා මාලිනියගේ ගීතවලට කැමැතියි.

රංගන ශිල්පිනියක ලෙස සමාජයට දෙන ආදර්ශය..
අපි හැමෝටම යම් දැක්මක් තිබිය යුතුයි. ඇතැමුන් ජනප්‍රිය චරිත අනුකරණය කර ඔවුන්ගේ ජීවිත අවුල් කර ගන්නවා. එනිසාවෙන් සෑම වෙලේම සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම නිරන්තර අධ්‍යනයක නියැළිය යුතුයි. මට කියන්න තියෙන්නේ හැම වෙලේම තම තමන්ට අනන්‍යතාවක් ඇති කර ගෙන ‍හොඳ දැක්මකින් කටයුතු කළ යුතුයි.

තව කෙනෙකු කරනවාට අක­ැමැති දෙය..
බොරුව. අපි සෑම විටම උත්සාහ කරන්න ඕනෑ අනෙකාට අවංක ‍වීමට. එකිනෙකාට අවංකවීමෙන් බොහෝ ප්‍රශ්න, සිත් රිදවීම් ඇති වන්නේ නෑ. මම හැම වෙලේම මම විදිහට ඉන්න උත්සාහ කරන කාන්තාවක්. කොයිම වෙලාවකවත් මම තවත් කෙනෙක් වගේ කන්න බොන්න, අඳින්න පලඳින්න, ඇවිදින්න උත්සාහ කරන්නෙ නෑ. එසේ අනුකරණය කරමින් බො‍රුවෙන් ජීවිත ගෙවන පිරිසක් අප අතර සිටිනවා. එවැනි මිනිසුන් ඇසුරට ගන්න එපා. ඔවුන්ව අනුකරණය කරන්න යන්නත් එපා.

රටේ නායකත්වය ලැබුණොත් මොකද කරන්නේ..
ඇත්තටම මම මේ කියන්නෙ අදහසක් විතරයි. අපේ රටට අද වන විට පත්වී ඇති ඉරණමට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවේ සිටින 225ක් වන මහජන නියෝජිතයන්. ඒ සියලු දෙනාගේම හැසිරීම සහ ක්‍රියා කලාපය අපි පසුගියකාලයේ හොඳින්ම දැක්කා. ඒ නිසා ඔවුන්ව ඉවත් කළ යුතුයි කියන හැඟීමෙන් මම ඉන්නේ. ඔවුන් වෙනුවට උගත්, බුද්ධිමත් රට ගැන හිතන පිරිසක් පත් කළ යුතුයි. ඇතැම් දේශපාලකයන් සිටිනවා පිවිතුරු දේශපාලනයේ නිරතවෙන අය. ඔවුන්ටවත් රට වෙනුවෙන් යමක් කළ නොහැකි වී තිබෙන්නේ මේ කොටසකගේ ක්‍රියා කලාපය නිසයි. මේ පිරිස ඉවත් කළහොත් ආර්ථිකමය වශයෙන් පීඩිතව සිටින ජනතාවගේ ආර්ථකය නැංවීමටත්, ඔවුන්ට ජීවත්විය හැකි සුදුසු වාතාවරණයක් සැකසීමටත් හැකි වෙයි.

සංචාරය කරන්න කැමැති කොහේද..
ලෝකෙ වටේම සංචාරය කරන්න කැමැති කෙනෙක් මම. නමුත් ඒ සඳහා ආර්ථිකමය ශක්තියක් මට නෑ. දැනට රටවල් තුනක සංචාරය කර තිබෙනවා. ඒ වාසනාව ලැබුණේත් රංගන ශිල්පිනියක වු නිසයි. එම රටවල සංස්කෘතිය, සමාජ­ීය, දේශගුණික වෙනස්කම් අත්විඳින්න තිබෙන කැමැත්ත නිසා තමයි සංචාරයට කැමැති. ඒ වගේම ලංකාවේ සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව සංචාරය කිරීමට කැමැතියි.

ජීවිතයේ අමතක නොවන සිදුවීම සහ වැරදුණු තැන්වලදී ළඟින් සිටියේ..
දියණිය මෞලි ආර්යා ඉපදුණු දවස ජීවිතයේ කිසිම දිනක අමතක වෙන්නෙ නෑ. දැන් ඇයගේ වයස අවුරුදු දෙකයි මාස පහයි. ජීවිතයේ වැරදුණු තැන්වලදී ළඟින්ම සිටියේ අම්මා, තාත්තා, අක්කා, මල්ලී. මගේ මිතුරිය ස්වර්ණමාලි මගේ දුක සැප සොයා බලමින් කල්‍යාණ මිතුරියක සේ මා ළඟින් සිටිනවා. මගේ සැමියාත් ඔවුන් අතර සිටිනවා.

නයනා වෑත්තෑව
සිළුමිණ



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top