Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
30
"ඒ අපුරූ මංගල රථයෙන්ම එයා අවමංගල ගමනත් ගියා.." - මංගල ගමනයි අවමංගල ගමනයි එකම රථයකින් ගිය අපුරූ මිනිසා

- "ඒ අපුරූ මංගල රථයෙන්ම එයා අවමංගල ගමනත් ගියා.." - මංගල ගමනයි අවමංගල ගමනයි එකම රථයකින් ගිය අපුරූ මිනිසාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,921 Views
"මැරුණ දවසට ඒ බලාපොරොත්තුව ඉටු කරන්න කියලා ඉල්ලීමක් කළා.."

"නියුමෝනියාව හැදිලයි එයා මිය ගියේ.."

මංගල දිනය කියන්නේ ඕනෑම පුද්ගලයකුගේ ජීවිතයේ සුවිශේෂීම දවසක්. එදාට අඳින ඇඳුම් පැලඳුම්, සාදය ගන්න ස්ථානය, මංගල රථය තෝරන්නේ අවුරුදු ගණනාවකට කලින් ඉඳන්. මේ අතරින් මංගල රථයට විශේෂ තැනක් හිමිවෙනවා. සමහරු මේ සඳහා හොඳ පෙනුම තියෙන කාර් එකකින් සෑහීමකට පත් වෙද්දි තවත් අය ඒ සඳහා මිල අධික 'ලිමොසින්' රථ එහෙමත් නැත්නම් අසුන් යෙදූ කරත්ත යොදා ගන්නවා. ඒ විතරක් නෙවෙයි හෙලිකොප්ටර් පවා මංගල රථය ලෙස යොදාගත් මනාල ජෝඩු ගැන අහන්න ලැබිලා තියෙනවා. මේ කියන්න යන්නෙත් තමන්ගෙ මංගල රථය ලෙස අපූරු වාහනයක් යොදා ගත් මනාල ජෝඩුවක් ගැනයි.

එංගලන්තයේ කාර්ලිස්ලි ප්‍රදේශයේ බර්ට්ලි ග්‍රැන්ජ් නගරයේ වාසය කරන සිමන් අන්ඩර්වුඩ් වෘත්තියෙන් ජේසීබී (පොළව හාරන) යන්ත්‍ර රියැදුරෙක්. ඔහු තම මනාලිය වූ හෙයිඩි සමඟ මංගල ගමන යෑම සඳහා යොදා ගත්තේ තම දිවි රකින ජේසීබී යන්ත්‍රයයි.

ඔවුන්ගේ මංගල සාදය පැවැති බ්‍රැම්ප්ටන් නගරයේ ගිල්ස්ලන්ඩ් හෝටල් පරිශ්‍රය වෙත සිමන් තම බිරිය වූ හෙයිඩිව කැඳවාගෙන ආවේ ඔහු පැද වූ ජේසීබී යන්ත්‍රයේ බක්කියේ නංවාගෙනයි. කොහොම වුණත් මනාලියගෙ මංගල ඇඳුම කිළිටි නොවීම සඳහා අලුත්ම අලුත් බක්කියක් ජේසීබී යන්ත්‍රයට සවි කිරීමට පියවර ගෙන තිබුණා. විවාහයට මාස කීපයකට පෙර මේ අපූරු මංගල රථය ගැන සිමන් කියද්දී හෙයිඩි ඒකට කැමැති වුණේ එක පයින්මයි.

කොහොම වුණත් ගැස්සෙන ජේසීබී යන්ත්‍රයක බකට් එකේ නැඟ යෑම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒත් වෘත්තියෙන් ජේසීබී රියැදුරකු වූ සිමන්ගෙ හැකියාව පිළිබඳව හෙයිඩිට දැඩි විශ්වාසයක් තිබුණා. ඒ කොහොම වුණත් දිනයට සතියකට විතර කලින් දෙදෙනා ඒ පිළිබඳ පෙර පුහුණුවීමකුත් කළා.

කොහොම වුණත් මේ අමුතු මංගල රියේ කතාව දැනගෙන හිටියෙ මනාල යුවළ හැරෙන්න තවත් දෙතුන් දෙනෙක් විතරයි. ඒ හින්දා සාදය පැවැති භූමිය වෙත මංගල යුවළ රැගත් ජේසීබී යන්ත්‍රය ඇතුළු වෙද්දී එහි රැස්ව සිටි පිරිස ඒ දෙස බලා සිටියේ අයාගත් මුවින් යුතුවයි.

මේ මංගල ගමනට හාත්පසින්ම වෙනස් අවමංගල ගමනකුත් ජේසීබී යන්ත්‍රයකින් ගිය කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒත් එංගලන්තයෙන්මයි.

එංගලන්තයේ ලෙයිසෙස්ටර් නගරයේ වාසය කළ ලෙස් ෆෙයාර්හර්ස්ට් දශක ගණනාවක්ම ජේසීබී යන්ත්‍ර රියැදුරකු ලෙස සේවය කළා. පසුගියදා 77 හැවිරිදි වියේ ඔහු මිය ගියේ දිගු කාලයක් නිව්මෝනියාවෙන් පීඩා විඳීමෙන් අනතුරුවයි.

ෆෙයාර්හර්ස්ට්ගේ අන්තිම කැමැත්ත වුණේ ඔහුගේ දේහය කවදා හෝ සුසානය වෙත රැගෙන යෑමේදී ඒ සඳහා හර්ස් එකක් භාවිත නොකොට තමන් දශක ගණනාවක් පැද වූ ජේසීබී යන්ත්‍රයක බකට් එකක ඒ ගමන යෑමයි.

ෆෙයාර්හර්ස්ට්ගේ ඉල්ලීම පරිදිම ඔහුගේ පවුලේ අය ලෙයිසෙස්ටර්ෂයර් අනුස්මරණ උද්‍යානයේ පිහිටි ආදාහනාගාරය වෙත ඔහුගේ දේහය රැගෙන ගියේ ජේසීබී යන්ත්‍රයක බකට් එකේ තැන්පත් කරලායි.

'තාත්තා අවුරුදු ගණනාවක්ම කළේ ජේසීබී යන්ත්‍ර ක්‍රියාත්මක කරන එකයි. ඔහු ඒ රස්සාවෙන් විශ්‍රාම ගත්තට පස්සෙත් තමන් රැකියාව කළ අන්දම ගැන ඉතා ආසාවෙන් වගේම ආඩම්බරයෙනුත් කතා කළා. වතාවක් අපෙන් ඉල්ලීමක් කළා. කවදා හෝ මිය ගිය දවසක තමන්ව ජේසීබී යන්ත්‍රයක බකට් එකේ සුසාන භූමිය වෙත රැගෙන යන්න කියලා. ඇත්තෙන්ම මේක තමයි අපේ තාත්තගෙ අවසන් ගමන යා යුතු හොඳම විදිහ' ෆෙයාර්හර්ස්ට්ගේ 54 හැවිරිදි දියණිය ට්‍රේසි පවසනවා.

ගැමුණු රත්නායක
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  204 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  105 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  36 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,562 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,667 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,150 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  984 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,310 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,528 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,105 Downloads



Top 10 Commenters

Latest Comments

Top