මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක් යන්න තේමා කරගත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය 19වනදා එළිදැක්වුණා. ඒ, කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදීයි. මූලික කරුණු 11 ක් යටතේ සිය ප්‍රතිපත්ති මාලාව ගොනුකර ඇති පොදු අපේක්ෂකයා තම දැක්ම සහ ඉදිරි ගමන් මඟ පිළිබඳවද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු දක්වා තිබෙනවා.
ඊට අදාළ දින සියයේ වැඩපිළිවෙල යටතේ පළමු කාර්ය වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමයි. අනතුරුව ජනවාරි 19 වැනිදා පාර්ලිමේන්තුව කැඳවා 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ඇතුළත් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
මනාප ඡන්ද ක්‍රමය අහෝසි කෙරෙන නව මැතිවරණ ක්‍රමය ඇතුළත් පනත් කෙටුම්පත ඉදිරිපත් වන්නේ සර්ව පාක්ෂික කමිටුවක යෝජනා ලබා ගැනීමෙන් අනතුරුවයි. දින සියයේ වැඩපිළිවෙල තුළ අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් වැඩිවන අතර, ඔවුන්ට යතුරුපැදි වෙනුවෙන් ලබාදුන් ණය මුදල සම්පූර්ණයෙන් කපා හැර ගෙවූ රුපියල් 50,000 යළි ලබාදෙනු ඇති. දින 180 ක් සඳහා බඳවා ගත් සුදසුකම් සම්පූර්ණ කළ කොන්ත්‍රාත් සහ අනියම් සේවකයන් ස්ථිර කෙරෙන අතර, සමෘද්ධි දීමනාව දෙගුණයකින් වැඩි කෙරෙනවා.
විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කෙරෙන තුරු රුපියල් 3,500 ක මාසික දීමනාවක් ගෙවනු ලබන අතර, ඉන්ධනවලින් අය කරන රුපියල් කෝටි 4,000 කට අධික බදු ඉවත් කර ඉන්ධන මිල අඩු කරන බවද පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් අඩු කිරීම, කිරි ලීටරයක සහතික මිල රුපියල් 70 දක්වා වැඩි කිරීම, වී කිලෝග්‍රෑමයකට රුපියල් 50 ක සහ අර්තාපල් කිලෝග්‍රෑමයකට රුපියල් 80 ක සහතික මිලක් ලබාදීමද ඊට ඇතුළත්.
සියලූ ගොවි ණය 50% කින් කපා හැර ඉතිරිය ගෙවීමට සහන කාලයක් ලබාදෙන බවද පොදු අපේක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙනවා. දරුවෙකු ප්‍රසූතියෙන් පසුව සෑම මවකටම රුපියල් 20,000 ක දීමනාවක් ලබාදෙන අතර, ධීවරයන්ට රුපියල් දසලක්ෂයක රක්ෂණාවරණයක්ද, විශ්‍රාම වැටුප් ක්‍රමයක්ද එමඟින් යෝජිතයි.
දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන්කර මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 ක් දක්වා වැඩි කිරීමටද එමඟින් යෝජනා කර තිබෙනවා. කඩිනම් සහන ඇතුළත් අතුරු අයවැයෙන් පසුව 2015 අප්‍රේල් 23 වැනිදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනවා. අනතුරුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පොදු අපේක්ෂකයා ප්‍රතිඥා දෙන්නේ භාරකාර රජයක් යටතේයී. සියලූ පක්ෂවල නියෝජනයෙන් සැකසෙන කැබිනට් මණ්ඩලය රටේ ප්‍රධාන අභියෝගවලට මුහුණදෙන්නේ ජාතික ප්‍රතිපත්ති රාමුවක් මත කටයුතු කරමින්
ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාව අමතමින් අදහස් දැක්වූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ වෛරී ප්‍රතිපත්තියකින් තොරව තම දේශපාලන ගමන ඉදිරියට ගෙන යන බවයි.
එහිදී අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ලිච්ඡවී රජ දරුවන්ගේ ක්‍රියා පිළිවෙත අනුව යමින් කටයුතු කරන අතරම ජනතාවට උපරිම සහන ලබාදෙන බව ප්‍රකාශ කළා.
එහි වීඩියෝව පහතින්....