Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
19
රටම බියවැද්දූ පාතාලය සුරූපි තරුණියන් සමඟ ගත් ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදා හැර සමාජ මාධ්‍යයත් හොල්ලයි - Photos

- රටම බියවැද්දූ පාතාලය සුරූපි තරුණියන් සමඟ ගත් ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදා හැර සමාජ මාධ්‍යයත් හොල්ලයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48 Views
සුඛෝපභෝගී මෝටර් රථ, අවි ආයුධ, මුදල්, රත්තරන් බඩු වල ඡායාරූප..
සිරගතවෙලා ඉන්න පාතාල සාමාජිකයන්ගේ විඩීයෝවකුත් එළියට..

අන්තර්ජාලය කියන් දේ මේ වනවිට අප කාටත් නැතුවම බැරි දෙයක් වෙලා ඉවරයි. තාක්ෂණයත් සමඟ දිනෙන් දින දියුණු වන ලෝකයේ අන්තර්ජාල භාවිත මේ වන විට සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් වැඩි දෙනෙකු අන්තර්ජාලය භාවිතා කරන්නේ සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීමටයි. ඒ අතර ෆේස්බුක්, ට්විටර්, යූ ට්යුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් සදහා විශේෂ තැනක් හිමිවෙනවා. අප ලෝකෙ කොහේ කොතැනක සිටියත් පහසුවෙන් අදහස් හුවමාරු කරගන්න, ඇමතුම් ලබා ගන්න, දත්ත හුවමාරු කරගන්න පවා පහසු ක්‍රමයතක් තමයි මේ සමාජ මාධ්‍යය. ඇතැම් පුද්ගලයින් මේ සමාජ මාධ්‍යන් හරහා නොයෙකුත් නීති විරෝධි ක්‍රියාද සිදු කරගෙන යනවා. මේ කියන්න හදන්නේ ඒ වගේ දෙයක්. ඒ තමයි සමාජ මාධ්‍යවලට රිංගපු පාතාල ගැන්සියක් ගැන.

ජනප්‍රිය නළු නිළියෝ තමන්ගේ ලස්සන පින්තූර සමාජ මාධ්‍යවලට දානවා වගේ යුරෝපෙ ඉන්න පාතාල කල්ලිත් දැන් දැන් තමන්ගේ පින්තූර සමාජ මාධ්‍යවලට මුදාහරින්න පටන් අරන්. ඒකෙදි මුල්තැන අරන් ඉන්නේ හෙල්බනිසන්ස් කියන නැගෙනහිර ලන්ඩනයේ ඉන්න සුප්‍රකට පාතාල කණ්ඩායමක්. ඇල්බේනියානුවන්ගෙන් සෑදුණු මේ පාතාල කණ්ඩායමට ඇල්බේනියානු පාතාල මාෆියාව එක්ක සම්බන්ධකම් තියෙන බවටත් ආරංචියි.
හෙල්බනිසන්ස් කියන්නේ කොච්චර දරුණු පාතාල කණ්ඩායමක්ද කිව්වොත් ලන්ඩනයේ කොකේන් ඇතුළු මත්කුඩු වෙළඳාම සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මෙයාලයි. එයාලා දකුණු ඇ‍ම‍ෙරිකාවේ ඉන්න මත්ද්‍රව්‍ය නියෝජිතයන්ගෙන් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය ගෙන්වගෙන ලන්ඩනයේ ලොකු මත්ද්‍රව්‍ය අධිකාරියක් පවත්වගෙන යන බව ප්‍රසිද්ධ රහසක්.

මේ තරම් දරුණු ඒ වගේම පොලිසියේ උකුසු ඇසට වහන්වෙලා ඉන්න ඕන හෙල්බනිසන්ස් පාතාල කණ්ඩායමේ සාමාජිකයන්ට ඉන්ස්ටර්ග්‍රෑම් එකේ තමන් වෙනුවෙන් පිටුවක් තියෙනවා කිව්වොත් ඔයාලා පුදුම වේවි. ඒත් ඒක තමයි ඇත්ත.  පින්තූර අටදාහක් විතර තියෙන මේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ, පාතාල ගැන්සියේ සාමාජිකයන්ගේ පින්තූර, එයාලා ගාව තියෙන මිලාධික සුඛෝපභෝගී මෝටර් රථ, අවි ආයුධ, මුදල්, රත්තරන් බඩු වගේ ගොඩක් දේවල්වල පින්තූර මුදාහැරලා තියෙනවා. ඒ විතරක් නෙමේ දැනට හිරගතවෙලා ඉන්න එයාලගේ පාතාල සාමාජිකයෝ කිහිපදෙනෙක් එකතුවෙලා කරපු රැප් වීඩියෝවකුත් මේ පිටුවට එකතු කරලා තියෙනවා.

කොහොම වුණත් හෙල්බනිසන්ස්ලා තමන් ගැන ලොකු තක්සේරුවකින් ඉන්න බව නම් එයාලගෙ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුව බැලුවම තේරුම් ගන්න පුළුවන්. ඒකෙ සඳහන් විදිහට එයාලා තමයි මේ වෙද්දි ලන්ඩනය පාලනය කරන්නෙ. ඒකට විරැද්ධව ඉස්සරහට එන වෙනත් ඕනම පාතාල ගැන්සියක් එක්ක යුද වදින්න තමන් සූදානම් කියලත් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. තමන්ව වීථියේ දෙවිවරැ කියලා හඳුන්වගන්න මේ පාතාල සාමාජිකයෝ සුපිරි මෝටර් රථ වගේම සුරූපි තරුණියන් සමඟ ගත් ඡායාරූපත් එහි දකින්න ලැබෙනවා.

පුදුමේ කියන්නේ මේ සමාජ මාධ්‍ය පිටුව හැමකෙනෙක්ටම විවෘත වුණු පිටුවක් වීමයි. කොටින්ම එංගලන්ත පොලිසියේ, ඒ කියන්නෙ ස්කොට්ලන්ඩ්යාඩ් එකේ නිලධාරීන්ට පවා මේ පිටුවේ තියෙන දේවල් බලන්න පුළුවන් වීමයි. ඉතින් මේ විදිහට විවෘතව ක්‍රියාත්මක වෙන්න තරම් හයියක් හෙල්බනිසන්ස් පාතාලයින්ට ලැබිලා තියෙන්නෙ කොහොමද කියන එකත් ලොකු පුදුමයක්.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top