Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
19
අසහාය නළු බෘෘස්ලිට පමණක්ම දෙවැනි, දුප්පතුන්ට කෝටි ගණනින් වියදම් කරන ජැකී චෑන්ගේ කතාව - Photos

- අසහාය නළු බෘෘස්ලිට පමණක්ම දෙවැනි, දුප්පතුන්ට කෝටි ගණනින් වියදම් කරන ජැකී චෑන්ගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

70 Views
කොඳු කැඩෙන රඟපෑම්වලට කිසි සමාගමක් රක්ෂණය දෙන්නේ නෑ 
 
ලෝකයේ වැඩියෙන්ම අයකරන නළුවන් අතර දෙවැනියා
 
යම් දවසක රිදී තිරය හොල්ලන සුපිරි නළුවෙකු වීමට ඔහු හිතට ගෙන තිබුණේ ඉතා කුඩා අවදියේදීමය. පුංචි දරුවකු සේ කළ රංගනයකට තමන්ට ලැබෙන්නට තිබූ චෙක් පතක් මාස්ටර් සාක්කුවේ දමාගන්නවා දුටු විටය. අන්තිමේ, ඔහු ඒ සිහිනය සැබෑ කරගත්තේය. ඔස්කාර් සම්මානයද දිනාගත්තේය. 
 
කුඩා දරුවකු ලෙස ඔහුට ළමා කාලයක් තිබුණේම නැත. විවිධ අපහාස උපහාස මැද යාන්තම් වසරක කාලයක් පාසල් ගිය පසු තවත්නම් ඔහු පාසලකට ගොඩවැදුණේ නැත. ඉන් පසු ජීවිතය අතිමහත් දුෂ්කර වූවකි. වැඩේ වැරදුණොත් හැරෙන හැරෙන පැත්තට අතුල් පහර වදින කොඳු කැඩෙන ක්‍රියාකාරකම් සපිරුණු යු ජිම් යුයෙන් මාස්ටර්ගේ පීකිං ඔපෙරා පාසලේ දහදුක් විඳ නර්තනය, සටන් කලාව, සංගීතය, ජිම්නාස්ටික් ඇතුළු සිරුර අඹරවන ව්‍යායාම කෙළවරක් නැතිව ඉගෙනගන්නට ඔහුට සිදුවිය.

වැස්සකටවත් පාසලකට නොගියත් මේ අසීරු කාල පරිච්ඡේදයේ දැඩි විනයගරුක පාඩම්වලට පින් සිදුවන්නට අද ඔහු ලෝකයේම අංක 01 සටන් කලා ක්‍රියාදාම ප්‍රසාංගික නළුවා ලෙස කිසිවෙකුටත් බිඳ නොහෙළිය හැකි කීර්තිනාමයක් අත්කරගන තිබේ. 
 
ඔහු දෙවැනි වන්නේ 70 දශකයේ සිට සටන් කලා චිත්‍රපට ලෝකය උඩුයටිකුරු කළ අසහාය නළු බෘස්ලීට පමණි. බෘස්ලීගේ විදුලිසර වැනි පහරවල් කමින් සහය නිරූපණ ශිල්පියකු ලෙස සිනමා සටන් කලාව ඔස්සේ රිදී තිරය වෙත එළැඹුණු ඔහු තමන්ටම ආවේණික ප්‍රහසනාත්මක දැඟලිලිකාර සුරතල්, එමෙන්ම විගඩම්කාරී, යක්ෂ වේශයකින් සටනේ යෙදෙන අතිදක්ෂයකුගේ භූමිකාවට අවතීර්ණ වී හමාරය. ඔහු වෙන කිසිවෙක් නොව මේ වනවිට ඩොලර් මිලියන 400කට ආසන්න වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියනා ලොව වැඩියෙන්ම සමාජ සත්කාරයන්හි යෙදෙන නළුවා ලෙසද ප්‍රසිද්ධ ජැකී චෑන්ය. 
 
ඇත්තටම ඔහු වෙනමම මෝස්තරයකට තනා දෙවියන් විසින් ලෝකය වෙත තිළිණ කළ තෑග්ගකි. ඔහුගේ අධිවේගී දුවන පනින කැරකෙන ප්‍රහසනාත්මක ක්‍රියාදාම සටන් චිත්‍රපට මෙන්ම සාමාන්‍ය ජීවිතය ද ඉතා ක්‍රියාශීලී ජවයකින් සමන්විත වූවකි. 
 
ඉතා කුඩා කාලයේ, 1960දී පමණ පාසලේ අසීරු අවුරුද්දක් ගත කරන්නට පුංචි චෑන්ට සිදුවූයේ අනෙකුත් සිසුන්ගේ උසුළු විසුළු අඩම්තේට්ටම් මැදය. පසුව ඔහු තමන් මෙන්ම පීඩාවට ලක්වූ තවත් සගයෙක් වෙනුවෙන් කතා කරන්නට ඉදිරිපත් විය. එදා සිට ඔහුට ජීවිතය වෙනස් ලෙස දැනෙන්නට විය. 
 
ජීවිතයේ අල්ලාගත යුතු තමන්ගේ කරගත යුතු රසවත් අභිලාෂයන් ගැන ඔහුට තදින්ම දැනෙන්නට විය. ඒ සඳහා අතිමානුෂීය ශ්‍රමයක් කැපවීමක් දරන්නට ඔහුට සිදුවිය. පීකිං ඔපෙරා පාසලේ හොඳම නිෂ්පාදනයක් වූ ‘යුයෙන් ලෝ’ හැටියට ඔහු චිත්‍රපට කර්මාන්තයට පිවිසෙන්නේ කළ නොහැකි කිසිවක් නොමැත්තෙකු ලෙසටය. අනෙකුත් සටන් නළුවන් වෙනුවෙන් උස ගොඩනැගිලිවල සිට ඇද වැටෙන්නට, ගොඩනැගිලි වහළවල් මතින් පනිමින් කරණම් ගසමින් දුවන්නට, ගුටිබැට හුවමාරුවලට මැදිවන්නට ඉදිරිපත් වන ‘ස්ටන්ට්’ ශිල්පියකු ලෙස ඉදිරියට එන ඔහු අද ඔහුටම ආවේණික රංගන රිද්මයක් සහිත ඉතිහාසගත වෘත්තිකයෙකි. 
 
පීකිං ඔපෙරාවෙන් පසු උපන් දේශය වූ හොංකොං හැරදා කැන්බරා වෙත එන ඔහු මුල් කාලයේ හැඳින්වෙන්නේ චෑන් යුයෙන් ලුන්ග් හැටියටය. කැන්බරාවේ ඩික්සන් කොලිජියේ ටික කලක් ඉගෙනීමට යොමුවන අතර ඇඟ වෙහෙසා වැඩ කරන්නට වන ගොඩනැගිලි කම්කරුවකු හැටියට මුල් ජීවිතය අරඹන්නට සිදුවෙයි. 
 
එහිදී කම්කරු පාටි අතර නමගිය ජැකී නමැති කම්කරුවාගේ ගෝලයා බවට පත්වන චෑන්, පසුව ‘ජැකීගේ චෑන්’ ලෙස ප්‍රසිද්ධව මුළු ලෝකයම දන්නා ජැකී චෑන් බවට පත්වෙයි. ජැකී චෑන් තමන්ගේම වූ රිද්මයක්, ලතාවක් සටන් කලා චිත්‍රපට ක්ෂේත්‍රයට එක් කළ අයෙකි. ඔහු කරාටේ, ජූඩෝ, ටයික්වොන්ඩෝ ජිට් කුන්ඩූ, වුෂු හැප්කිඩෝ සහ බෘස්ලිගේ කුංග්ෆූ ඇතුළු සටන් ශිල්ප ගණනාවක් මෙන්ම ජිම්නාස්ටික් ශිල්ප සහ පිනුම්, කරණම් හැදෑරුවෙකි. 
 
මුල් කාලයේ පාසලකට ගොඩනොවූවද පසුව ඔහු හොංකොං බැප්ටිස් සරසවියෙන් සමාජ විද්‍යා ආචාර්ය උපාධියක් ද 1996 වනවිට දිනාගත්තේය. කම්බෝජ සරසවියෙන් තවත් ගෞරව ආචාර්ය උපාධියක් ඔහුට හිමිව තිබේ. හොංකොං පොලිටෙක්නික් සරසවියේ, හෝටල් සහ සංචාරක කළමනාකරණ පීඨයේ පීඨ සාමාජිකයකු වන ජැකී චෑන් 2015දී තමන්ගේම වියදමින් ගොඩනැගූ ජැකී චෑන් ටෙලිවිෂන් සහ චිත්‍රපට ඇකඩමියේ පීඨාධිපතිවරයෙකි. 
 
ඔහුට ඉංග්‍රීසි, මැන්ඩරින්, තායි, කැන්ටන් ජපන්, ආදී භාෂා ගණනාවකින් අපූරුවට ගයන්නට හැකිය. ඔහු තමන්ගේම වූ ගීත ඇල්බම ගණනාවකට හිමිකම් කියන්නෙකි. කැන්ටන්, මැන්ඩරින් දේශීය භාෂාවන්ද, ඉංග්‍රීසි, අමෙරිකානු සංඥා භාෂාව මෙන්ම ජර්මන්, කොරියන්, ජපන්, ස්පාඤ්ඤ, තායි භාෂාවන්ද චතුරව කතා කරන්නට ඔහුට හැකිය. සටන් කලා ශිල්පියකු වුවද ඔහු වැඩියෙන්ම පිස්සු වැටුණු ක්‍රීඩාව වන්නේ පාපන්දුය. හොංකොං ජාතික කණ්ඩායම, එංගලන්ත ජාතික කණ්ඩායම, මෙන්ම මැස්චෙස්ටර් සිටි කණ්ඩායම් ඔහුගේ ප්‍රියතම පාපන්දු කණ්ඩායම්ය. 
 
ජැකී චෑන් ප්‍රසිද්ධව ඇත්තේ තමන්ගේ චිත්‍රපටවල සියලුම අසීරු ක්‍රියාදාම තමන්ම සිදුකරන නළුවෙකු හැටියටය. ඒ අනුව ඔහු ගිනස් පොතටද නමගිය තැනැත්තෙකි. ඔහුගේ කොඳු කැඩෙන රඟපෑම්වලට රක්ෂණය ලබාදෙන්නට කිසිදු කොම්පැනියක් ඉදිරිපත් නොවන තරම්ය. මේ අසීරු රඟපෑම් නිසා ඔහුගේ සුලැඟිල්ලේ සිට ගෙල, ඉණ, කොඳුඇටය, හිස්කබල දක්වා කුඩු නොවූ කිසිදු ස්ථානයක් ශරීරයේ නොමැති තරම්ලු! 
 
මේ තරම් කැපවීමක් ඇතුව නිර්මාණය කළ ඔහුගේ මේ චිත්‍රපට සියල්ලම පාහේ බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමා ලෝකය පුරා මහත් ආදායමක් ලැබූ ඒවාය. ඒ නිසාම ජැකීට සුපිරිතම ජීවිතයක් ගතකිරීමේ හැකියාව උදාවී තිබේ. 
 
Big and Little wrong Tiw Bar චිත්‍රපටයෙන් ළමා නළුවකු ලෙස 1962 රංගනය ඇරැඹූ ඔහු සටන් නළුවකු ලෙස කලඑළි බැස්සේ Snake in the Eagle’s shadow චිත්‍රපටයෙනි. මේ වනවිට ජැකී චිත්‍රපට 150ක් පමණ සම්පූර්ණ කර හමාරය. ලෝකයේ වැඩියෙන්ම අයකරන නළුවන් අතර දෙවැනි තැන ඔහුට හිමිය. 
 
උපන් නම ඩෑන්කොන්ග් සැන්ග්ය. ජැකී චෑන් ලෙස ප්‍රසිද්ධ වුවද ඔහුට විවිධ නම් රැසක් පටබැඳී තිබේ. සින්ග් ලුන්ග්, පාවෝ, යුයෙන් ලෝ ආදිය ඉන් සමහරකි. ජැකී පාපන්දුවලට මෙන්ම සංගීතයටද ඇලුම් කරයි. චිත්‍රපට බැලීමටත්, වීඩියෝ ගේම් ගැසීමටත් පිස්සු වැටුණු කෙනෙකි. 
 
ඩොලර් මිලියන 400කට වැඩි වත්කමක් හිමි ජැකී ඩොලර් මිලියන 45ත් 50ත් අතර මුදලක් වැටුප් වශයෙන් අය කරයි. උපන් ගම රට වන හොංකොංවල, වික්ටෝරියා පීක් හී සුඛෝපභෝගී මැඳුරක් ඔහු සතුය. බෙවර්ලි හිල් හි අධිසුඛෝපභෝගී ඩොලර් මිලියන 3ක් වටිනා මන්දිරයක්ද ජැකී හට අයත්ය. 
 
ඩොලර් මිලියන 20ක් වටිනා Embraer leagacy 500 මුල්ම නිෂ්පාදනයේ ජෙට් යානයක්ද, ඩොලර් මිලියන 30ක් වටිනා ලෙගසි 650 ජෙට් යානයක්ද ඔහු සතුය. ඩොලර් මිලියන 30.6ක් වටිනා බෙන්ට්ලී Mulsanne කාර් රථයක්ද සබ්රු ඉම්ප්‍රෙසා රථයක්ද ඔහු සතුය. 
 
ඊට අමතරව නිල් පැහැති බුගාට් චෙයිරොන් රථයකි. ඔහු වඩාත් ප්‍රිය කරන්නේ Lambogini Aventador සුදු පැහැති රථයටය. ඔහුගේ රතු පැහැති මිට්සුබිෂි කාර් රථයටද ඔහු ඉතා කැමැතිය. 
 
ඔහුට පෙම් සබඳතාද බහුලය. ජැකී විවාහ වූයේ තායිවාන ජාතික නිළියක වන ජොඇන් ලින් සමඟය. ඒ විවාහයෙන් ඔහුට ලැබුණේ පුතෙකි. ගායකයකු වන ඔහු ජේසී චෑන්ය. ජැකී හට 1990 මිස් ඒසියා ලෙස තේරුණු එලීස් ලෙයි හා සමඟ සබඳතාවක් තිබූ අතර එයින් ඔහුට දාව දියණියක සිටී. එමා නම් මේ දියණිය සමරිසියෙකි. එහෙයින්ම ජැකී චෑන්ගේ ලෝකයෙන් ඉවත් කළ තැනැත්තියකි. 
 
ඊට අමතරව තෙරේසා ටෙන්ග් සමඟද සබඳතාවක් පවත්වා තිබුණි. කිවිහී සුන්, (2005) ෂැන්ග් ෂියී (2017) මෙන්ම පසුව විවාහ කරගත් ෆෙන්ග් ජියාඕ ද ඔහුගේ ජීවිතයට සමීප වූ තැනැත්තියන්ය. ඔහු දුම්පානය මුළුමනින්ම නවතා දැමූ අයෙකි. නමුත් ඉඳහිට රහමෙර භාවිතා කරයි. චාලි චැප්ලින්, හැරල්ඩ් ලොයිඩ්, බස්ටර් කීටන් ඔහුගේ සිත්ගත් නළුවන්ය. 
 
ජැකීගේ ප්‍රියතම ආහාරය අයිස්ක්‍රීම්ය. උපතින් චීන ජාතික බෞද්ධයකු වන ජැකී චෑන්ට එපාම කරපු ආහාරය නූඩ්ල්ස්ය. 
 
ඔහු කැමතිම තැනැත්තා මයිකල් ජැක්සන්ය. බල්ලන්ට ඉතා ප්‍රිය කරන ජැකී චෑන්, අසරණයන්ට අත දිගහැර වියදම් කිරීමටද අමතක නොකරන්නෙකි.
 
►සුගත් පී කුලතුංගආරච්චි

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top