වසර 13ක ප්‍රේමයක්
ගුවන් යානයට නැගීමට පෙර පෙම්වතා කරපු විහිළුව
සිය මංගල උත්සවයට සහභාගි වීම සඳහා පැමිණෙමින් සිටියදී මුහුදට කඩා වැටුණු Lion Air ගුවන් යානයේ සිට මිය ගිය මගියකුගේ පෙම්වතිය තනිව සිය මංගල්‍යය පවත්වා එහි ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්‌සේ පළ කර තිබෙනවා.
ඉන්ටන් ස්‍යාරී (Intan Syari) නමැති එම තරුණිය සහ ගුවන් අනතුරින් මිය ගිය රියෝ නන්ද ප්‍රාටමා (Rio Nanda Pratama) විවාහ වීමට නියමිතව තිබුණේ, නොවැම්බර් 11 වන දායි.
එහෙත්, එම මංගල උත්සවයට සහභාගි වීම සඳහා පැමිණෙමින් සිටියදී ගුවන් යානය කඩා වැටීමෙන් ඔක්‌තෝබර් 29 වන දා රියෝ නන්දා ප්‍රාටමා ජීවිතක්‌ෂයට පත් වුණා..
ඔහුගේ පෙම්වතිය වූ සයිරි ප්‍රකාශ කර ඇත්තේ, සිය පෙම්වතාගේ අවසන් කැමැත්ත ඉටු කිරීමට තමන්ට අවශ්‍ය වූ බවයි. ඒ අනුව, ඇය සුදු පැහැති ගවුමකින් සැරසී මංගල මුදුව පැළඳ ඡායාරූපවලට පෙනී සිටියා.
"විස්‌තර කරන්න බැරි තරම් දුකක් දැනුණත්, මට ඔබ වෙනුවෙන් හිනා වෙන්න සිදුවී තිබෙනවා," ඇය ඉන්ස්‌ටග්‍රෑම්හි සටහන් කර තිබුණා..
"ඔබ මට නිතර පවසා ඇති පරිදි ඔබ වගේ ම මම ශක්‌තිමත්ව සිටිය යුතුයි, මට දුක් වෙන්න බෑ."
ඇය වැඩිදුරටත් පැවසුවේ, මංගල උත්සවය සඳහා නියමිත වේලාවට පැමිණීමට නොහැකි වුවහොත් ඡායාරූප ගෙන තමන්ට එවන ලෙසට සිය පෙම්වතා ගුවන් යානයට නැගීමට පෙර විහිළුවක් ලෙස කී බවයි.
මගීන් 189 දෙනෙකු රැගත් එම ගුවන් යානය ජාකර්තා සිට පංකල් පිනෑං දක්‌වා පියාසර කරමින් සිටියදී මුහුදට කඩා වැටුණු අතර එහි සිටි කිසිදු පුද්ගලයකුගේ දිවි බේරා ගැනීමට හැකි වූයේ නැහැ.
මීට පෙර සයිරි සිය ඉන්ස්ට්‍රග්‍රෑම් පිටුවෙහි සටහන් කර තිබුණේ, සිය පෙම්වතා වසර 13 ක සිට හඳුනන බවත් එය සිය "ප්‍රථම ප්‍රේමය" බවයි.
පාසල් වියේ සිට දන්නා හඳුනන ඔවුන් දෙදෙනා සිය මංගල උත්සවය සඳහා ඇඳුම් තෝරාගත් ආකාරය පිළිබඳව ද ගුවන් අනතුර වීමට සති කිහිපයකට පෙර ඇය ඉන්ටග්‍රෑම්හි පළ කර තිබුණා.