‘හෘද සාක්ෂියේ ප්‍රකාශය’ නමින් කරුණු 11ක් සඳහන්
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට භාර දෙන ලෙස ඉල්ලමින් මාතලේ - නගරාධිපති ඩල්ජිත් අලූවිහාරේ පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එම ලිපිය ඔහු යොමු කර ඇත්තේ ‘හෘද සාක්ෂියේ ප්‍රකාශය’ නමින්.
එහි කරුණු 11 ක් සඳහන් කර තිබෙනවා.
පක්ෂ නායකත්වය ශ්‍රී ලාංකීය සංස්කෘතිය හා බද්ධ නොවීම, බිම් මට්ටමේ පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත්ව ගොඩ නැගීමට අසමත් වීම මෙන්ම මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඇති වූ ගැටළු පිළිබදව ජනතාව දැනුම්වත් නොකිරීම එම ලිපියේ සඳහන් ඇතැම් කරුණු වනවා.
එමෙන්ම පක්ෂයේ බෞද්ධ පදනම මෙන්ම ග්‍රාමීය ඡන්ද පදනම දැඩි ලෙස සෝදා පාළුවකට ලක්ව තිබියදී ඒ සඳහා ක්‍රියා නොකිරීම පිළිබදව ද මාතලේ පුරපති ඩල්ජිත් අලූවිහාරේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යොමු කළ ලිපියේ දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කර තිබුණා.