අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 73 වන ඡන්ම දිනය අද දිනට යෙදී තිබෙනවා.
කොළඹ 07 - විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේ අද (18) පෙරවරුවේ ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා.
අග්‍රාමාත්‍යවරයාගේ ඡන්ම දිනය නිමිත්තෙන් අද පෙරවරුවේ නාරාහේන්පිට - අභයාරාම විහාරස්ථානයේ කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක් පැවති අතර ඊට මැතිඇමතිවරුන් රැසක්ද සහභාගි වී සිටියා.
මීට අමතරව අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික හමුවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමතිවරු කේක් කපා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත උපන්දින සුබ පැතුම් පිරිනැමූවා.
අදාළ අවස්ථාව පහතින් බලන්න.