Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
18
"එදා හිටියේ මම විතරයි...ගින්න වෙලාවේ මට ගන්න මතක් වුණේ ෆෝන් එකත් මගේ හෑන්ඩ් බෑග් එකත් විතරයි" - බත්තරමුල්ලේදී ගින්නට මැදි වූ උමාරියා සිංහවංශ බිහිසුණු අත්දැකීම හෙළි කරයි - Photos & Video

- "එදා හිටියේ මම විතරයි...ගින්න වෙලාවේ මට ගන්න මතක් වුණේ ෆෝන් එකත් මගේ හෑන්ඩ් බෑග් එකත් විතරයි" - බත්තරමුල්ලේදී ගින්නට මැදි වූ උමාරියා සිංහවංශ බිහිසුණු අත්දැකීම හෙළි කරයි - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

75 Views
මමත් පිච්චුණ බවක් කාටවත් කියන්න ගියේ නෑ...
අන්තිමේ ඉතුරුවෙන්නේ අපි කරන හොඳ විතරයි..

මිනිස්සුන්ට කරදර කියන දේවල් වෙන්නේ නොහිතපු නොසිතූ වෙලාවක කිව්වො වැරදි නෑ. ඒ වගේ නොසිතූ කරදයකට  රටම ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන උමාරියා සිංහවංශට මුහුණ පෑමට සිදුවුණා. ඒ පසුගිය මස 11 වනදා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පිහිටි රෙදි පිළි වෙළඳ සැලක ඇතිවූ ගින්නට මැදිවීමයි.

එම ගින්න ඇතිවූ ගොඩනැගිල්ලට යාබද ගොඩනැගිල්ලේ තමයි උමාරාගේ කඩහඬ පංති පවත්වාගෙන යන මියුසික් ස්ටුඩියෝ එක තිබුනේ. ගින්න පැතිර යාම නිසා ස්ටුඩියෝ එකටත් ලොකු හානියක් සිදු වී තිබුණා. මේ හින්දා ඇය පසුගිය දවස්වල ගොඩක් ප්‍රශ්නවලට මුහුණදුන් බවත් දැනගන්නට ලැබුණා. නොසිතූ මොහොතක ඇය මුහුණ දුන් මේ කරදය ගැන ඇය පුවත්පතක කියලා තිබුනේ මෙහෙමයි.

 උමාරට ප්‍රශ්න ගොඩකට මුහුණදෙන්න සිද්ධවුණා නේද?
 
 මුහුණදෙන්න වුණා තමයි. මාසයකට කලින් පැලවත්තේ වුණ ලොකු ගින්නක් හින්දා මගේ වෝකල් ඇකඩමියට ලොකු හානියක් සිද්ධ වුණා.
 
 මේ හින්දා ලොකු පාඩුවක් වුණා ?
 
 ඔව්. ලොකු පාඩුවක් සිද්ධවුණා. මගේ සංගීත භාණ්ඩ වගේම වෝකල් ඇකඩමියට අදාල සියලූම ලියකියැවිලි විනාශවුණා.
 
 මේ හින්දා පන්ති ටික කාලයකට නවතා දැමුව කතාව ඇත්තද?
 
 ඔව්. අනිවාර්යයෙන්ම නවත්වන්න සිද්ධවුණා. පසුගිය 10 වැනිදා තමයි අපිට හරියටම තැන සුද්ධපවිත්‍ර කරගන්න පුළුවන්වුණේ. ගින්නට මුහුණදුන්න බිත්තිය සම්පූර්ණයෙන්ම විනාශවෙලා තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම හදන්න සිද්ධවුණා. මට ලෙහෙසියෙන් තවත් තැනක පන්ති කරගෙන යන්න පුළුවන් වුණාට මම හිතන්නේ එතැන තිබුණ වාතාවරණය හින්දා මගේ පන්තියේ දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් කැමැතිවුණේ නැහැ වෙනත් තැනක පන්තිය කරගෙන යන්න.
 
උමාරගේ පන්ති මාස එකහමාරක් විතර නවතා දැමුවා?
 
ඔව්. පන්ති නවතා දැමුව එක ඇත්ත. හරියටම මාසයයි සති දෙකක කාලයක් පන්ති නවතා දැමුවා. ලොකු පාඩුවක් වුණා. මගේ ලෙහෙසි පහසුවට උඩ තට්ටුවත් කුලියට ගත්තා. එකේ මගේ මේකප් රූම් එක තිබුණේ. මගේ ඇදුම්ටික” ජුවලරි සියල්ල විනාශවුණා. මොනවා කරන්නද?.
 
 සිද්ධිය වෙන වෙලාවේ උමාරියාත්” රයිනිත් එතැන හිටිය කතාව ඇත්තක්ද?
 
 නැහැ. ඔවුන් වැඩකරමින් නෙමෙයි හිටියේ. එදා මගේ නිවාඩු දවසක්. එදා හිටියේ මම විතරයි. ගින්න වෙනකම් මම දැනගෙන හිටියේ නෑ. ගින්න වෙලාවේ මට ගන්න මතක් වුණේ ෆෝන් එකත් මගේ හෑන්ඞ් බෑග් එකත් විතරයි. ඊට පස්සේ තමයි නංගිට කතා කළේ. නංගිත්” එයාගේ සැමියාගේ කට්ටියත් ඉක්මණින් එතැනට ආවා. ඒ වගේම රයිනිත් ආවා.
 
 ඇත්තටම ඒ වෙලාවේ මොකද හිතුණේ ?
 
 මම කොහොමටත් බඩුභාණ්ඩවලට පෙරේතකමක් තියෙන කෙනෙක් නෙමෙයි. මට ඒ වෙලාවේදී හිතුණේ මට සැමියෙක් ඉන්නවා” දරුවෙක් ඉන්නවා” මට යානවාහන වගේම වැඩ කරන්න පිරිසක් ඉන්නවා. නමුත් අන්තිමේ ඉතුරුවෙන්නේ අපි කරන හොඳ විතරයි කියලා.
 
 උමාරාගේ පාසල යළි අරඹනවා ?
 
 ඔව්. අනිවාර්යයෙන්ම.
 
 මේ දවස්වල ඒ වැඬේට සූදානම් වෙනවා කියන්නේ ?
 
 මගේ පාසල ආරම්භ කරලා ලබන පෙබරවාරි මාසයට අවුරුදු දෙකක් වෙනවා. මට හිතුණා ලොකු පිරිසක් එකතු කරගෙන 17 වැනිදා ආපහු පාසල ආරම්භ කරලා 18 වැනිදා ලොකු වැඩමුළුවක් පවත්වන්න. හැබැයි විශේෂයෙන් මතක් කරන්න ඕනෑ මට ඒ දේ කරන්න අවස්ථාව උදාකරදුන්නේ මගේ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් කියන එක වගේම මගේ ෆැමිලි එකයි. මොකද මේ දේ හින්දා මම මානසික අතින් ගොඩක් බිමට වැටුණා. අන්තිමේ කොහොම හරි අපි වෙනස්ම විදිහකින් ආරම්භ කරන්න ලෑස්තියි.
 
 18 වැනිදාට තියෙන විශේෂ වැඩමුළුව මොකක්ද?
 
 ඒක තවම මට කියන්න බැහැ. විශේෂ දෙයක් කියලා කියන්න පුළුවන්. දැන්ම කිව්වොත් වටිනාකමක් නැතිවෙනවා.
 
 උමාරාගේ ස්ටුඩියෝ එකේ ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න අලූත් වැඩ මොනවාද?
 
 දැනට මගෙන් ඉගෙන ගන්න ළමයි කිහිපදෙනෙක් රූපවාහිනී රියැලිටි වැඩසටහන්වලින් ඉදිරියට ගිහිං තියෙන්නේ. සමහරු ගීත නිකුත් කරලා තියෙනවා. තවත් සමහරු නිෂ්පාදන පැත්තට යොමුවෙලා. ඉතිං මම මේ වෝකල් ඇකඩමි එක ආරම්භ කරන්නත් හේතුව වුණේ අපිට තිබුණේ නැති සහයෝගය අනාගත පරපුරට ලබාදෙන්න.
 
 අලූත් ගීතයක් කරන්න අදහසක් නැතිද?
 
 තාරුණ්‍යයට මගෙන් අලූත් ගීතයක් දෙසැම්බර් මාසයේ ලබාදෙනවා. ඊට අමතරව ගීත කිහිපයක වැඩකටයුතු අවසන් කරලයි තියෙන්නේ. ඒවා නිකුත් කරන්න තමයි බලාපොරොත්තුව.
 
 විදෙස් සංචාර කිහිපයකටත් ආරාධනා ලැබුණා නේද?
 
 විදෙස් ප්‍රසංග කිහිපයකට ආරාධනා ලැබුණා. මම සැලසුම් කරගෙන හිටපු මගේ ජුවලරි ලයින් එක මේ ගින්න හින්දා සම්පූර්ණයෙන්ම නැතිවුණා. නැවතත් ඒකට මූලිකත්වය දෙන්න තමයි මගේ බලාපොරොත්තුව.
 
 මේ ගින්න හින්දා රසිකයන් අතර යන්න තිබුණ ඔබේ අනන්‍යතාවයට හානියක් වුණා නේද? ඒ දේවල් කොහොමද හදාගන්නේ ?
 
 මම හිතන්නේ නැහැ ගින්න හින්දා රසිකයන් අතර තිබුණ මගේ බැඳීම අඩුවුණා කියලා. මොකද ගින්න මම ලොකුවට ප්‍රචාරය කරන්න ගියේ නැහැ. මමත් පිච්චුණ බවක් හරි මට තුවාල වුණ දේවල් කාටවත් කියන්න ගියේ නෑ. මොකද ඒ අනවශ්‍යයි. කියන්න ඕනෑ දේවලූත් තියෙනවා” කියන්න ඕනෑ නැති දේවලූත් තියෙනවා. මට ප්‍රේක්‍ෂකයන් වැඩිවෙලා මිසක් අඩුවෙලා නැහැ.
 
 තාරුණ්‍යයෙන් උමාරා ස්ටුඩියෝ එකට මොනවගේ සහයෝගයක් ද ලැබෙන්නේ ?
 
 අනිවාර්යයෙන්ම ලොකු සහයෝගයක් ලබාදුන්නා. අද වෙනකම් මගේ ප්‍රේක්‍ෂක ප්‍රේක්‍ෂිකාවන් සිසු සිසුවියන් මගේ ස්ටුඩියෝ එකට ඇවිත් උදව් කරපු අවස්ථා අනන්තවත් තියෙනවා. විශේෂයෙන් මගේ ක්‍ෂේත්‍රයේ අයත් මට ගොඩක් උදව් කළා. මේ වගේ කරදරයක් වුණාට මම දන්නවා හොඳ හිතින් කවුද මාත් එක්ක ඉන්නේ කවුද මාත් එක්ක නැත්තේ කියලා.
 
 කාලෙකින් වෙනස් ආකාරයේ ගීතයක් කළේ නැහැ ?
 
 නත්තලට වෙනස්ම දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒක මගේ සිසු සිසුවියන් එක්ක තමයි කරන්න හිතාගෙන ඉන්නේ. ඒ වගේම ඉවෙන්ට් කිහිපයක්ම මගේ සිසු සිසුවියන් එක්ක කරන්නත් අදහසක් තියෙනවා.
 
 භාතිය සන්තුෂ්” උමාරියා එක්ක එකතුවෙලා අලූත් දෙයක් කළොත් නරකද?
 
 නංගිත් එක්ක වැඩක් කරන්න සූදානමක් තියෙනවා. මට වුණ දේත් එක්ක සැලසුම් සියල්ල අවුල්වුණා. දැන් ඒ වැඩ හරි.
 
-දිනේෂ් විතාන-




    
    
    
    
    

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top