දෙන්නටම එකම කාමරයක් ඕනි කියලා කාර්යාලයෙන් ඉල්ලලා
කාටත් හොරෙන් කාලයක්ම සම්බන්ධකම් පවත්වලා
වැඩිහිටි නේවාසිකාගාරයක සිටි වියපත් කාන්තාවක් එම නිවාසයේම සිටි මැදිවියේ පිරිමියෙකු සමඟ මිතුරු වී අලුත් ජිවිතයක් ගත කිරීමට මහ රෑ පැන යාමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ බටහිර උපනගරයක වූ වැඩිහිටි නිවාසයකින්.
කලින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආයතනයක සේවය කළ ඇය විවාහ වී සිටියේ හමුදා නිලධාරියෙක් සමඟයි.
ඔහු යුද බිමේදී අතුරුදහන් වීමෙන් පසු ඔහුට අයත්ව තිබූ සියලු දේපල පවුලේ අය අත්පත් කරගැනීම නිසා අසරණ වූ ඇය මෙම නේවාසිකාගාරයේ පිහිට පතා පැමිණ තිබුණා.
පසුකලෙක එම නිවාසයට ආවේ බිරිඳ විදේශගත වී ආපසු නොපැමිණිම හා එකම පුතු සමඟ ගැටුම් ඇති කරගෙන අසරණ වූ මැදිවියේ අයෙක්.
මඳ කලකින්ම මේ දෙදෙනා අතර සබඳතාවක් ඇතිවුණා.
නේවාසිකාගාරයේ පිරිස් මේ ගැන තොරතුරු කිව්වත්, පාලක නිලධාරියා ඒ ගැන විශ්වාස කළේ නැහැ. එහෙත් පසුගිය දිනෙක මේ දෙදෙනාම වැඩිහිටි නිවාස කාර්යාලයට පැමිණ ඉල්ලා සිටියේ දෙදෙනාටම එකම කාමරයක ජිවත් වීමට ඉඩ සලසා දෙන ලෙසයි.
මේ ඉල්ලීමෙන් මහත් කෝපයට පත් පාලක නිලධාරියා නිවාස අධ්‍යක්ෂ මණ්ඩලයට දැන්වූයේ මේ අසංවර ජෝඩුව වහා ඉවත් කරන ලෙසයි.
එදින රාත්‍රීයේ මේ දෙදෙනා නේවාසිකාගාරයෙන් පැන ගොස් තිබුණේ තම තමන් සතු සියලු ඇඳුම් හා බඩු භාණ්ඩත් පොදි බැඳගෙන බවයි ආරංචි වෙන්නේ.