තරුණියට දෙමාපියනුත් එපා වෙලා..
විවාහක මැදිවියේ කාන්තාවක් සහ තරුණියක් අසම්මත සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම දැන ගැනීමත් සමග පදිංචි නිවසින් පැනගොස් සිටිය දී පොලිසියට කැඳවා විභාග කළ අවස්‌ථාවේදී සිය දෙමාපියන් සමග යාම ප්‍රතික්‍ෂේප කර තරුණියක් පිළිබඳ පුවතක් වාර්තා වනවා.
හෝමාගම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත මේ සම්බන්ධව විභාග කළත් මෙම අසම්මත ප්‍රේම සම්බන්ධයට ලොල් වූ තරුණිය අදාළ මැදිවියේ කාන්තාව එක්ක යාමට අවශ්‍ය බවයි ඇය පවසා ඇත්තේ.
හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ පිහිටි එක්‌තරා පුද්ගලික ආයතනයක සේවය කිරීමට වසර කීපයකට පෙර වැල්ලවාය ප්‍රදේශයේ මැදිවියේ පසුවන විවාහක කාන්තාවක් පැමිණ තිබෙනවා.
මෙම ආයතනයට එම කාලසීමාවේදී හෝමාගම උඩුවන ප්‍රදේශයේ පදිංචි තරුණියක් සේවයට පැමිණ ඇති අතර දෙදෙනා ඉතා කෙටි කලක් තුළ සමීපඇසුරක් කිරීම ආරම්භ වීමත් සමග වෙනත් නිවසක නතරවී සේවයට ගිය මැදිවියේ කාන්තාව, උඩුවන සිටින තරුණියගේ ආරාධනයෙන් ඇගේ නිදන කාමරයේම දෙදෙනා සිටින අතර දෙදෙනා පිළිබඳව ආයතනයේ සහ යහළුවන් අතරේ විවිධ කතා පැතිරයැමට පටන් ගෙන තිබු බව සඳහන්.
මෙසේ සිටිය දී එකවරම දිනක් තරුණිය ඇයට අයත් නිවසේ භාණ්‌ඩ සියල්ල ගෙන තරුණිය කාමරයේ සිටි මැදිවියේ පසුවන විවාහක කාන්තාවත් සමග පැන ගොස් තිබෙනවා.
අනතුරුව තරුණියගේ දෙමාපියන් ඉතා අපහසුවෙන් දෙදෙනා සිටින ස්‌ථානය සොයා ගත් පසු පොලිසියට දන්වා තිබෙනවා.
පසුව සියලු දෙනා පොලිසියට කැඳවා විභාග කළ අවස්‌ථාවේදී තරුණිය දෙමාපියන් ළඟට යාම ප්‍රතික්‍ෂේපකර ඇයට මැදිවියේ පසුවන කාන්තාවත් සමඟ එකට ජීවත් වීමට අවශ්‍ය බවයි පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.