Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
17
"පිලපිටිය පවුලටයි දිසානායක පවුලටයි ඉදිරියේදී පුංචි බබාලා කිහිප දෙනෙක්ම එකතු වේවි..." - රිද්මා පිලපිටිය

- "පිලපිටිය පවුලටයි දිසානායක පවුලටයි ඉදිරියේදී පුංචි බබාලා කිහිප දෙනෙක්ම එකතු වේවි..." - රිද්මා පිලපිටියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38 Views
"මම කෑවෙ කඩෙන්. එයා දැන් මම ආස හැම කෑමක්ම හදලා දෙනවා.."

"මේ හැම දෙයක්ම ගැන හිතලා තමයි තීරණ ගන්නේ..."

රොෂාන් පිලපිටිය වගේම ඔහුගේ ආදරණිය බිරිදවත් දැන් බොහෝ දෙනෙක් දන්නවා. ඇයත් රංගනයට එකතු වී තිබෙන නිසාම නෙමෙයි රොෂාන්ගේ බිරිද වීම නිසා. විවිධ ප්‍රශ්න කටකතා එක්ක ගොඩනැගුනු ඔවුන්ගේ ආදරේ විවාහය දක්වා දුරදිග ගියා. ඔවුන් දැන් විවාහ වී වර්ෂයක් ගත වෙලා. ඒ ගැන ඔවුන් මේ විදිහට පුවත්පතක් එක්ක කතා කර තිබුනා.

මේ දවස්වල අලුත් කලා තොරතුරු මොනවද කියලා කිව්වොත්?
මේ දවස්වල අලුතින් පටන් ගත්ත ටෙලි නාට්‍ය කිහිපයක වැඩ කෙරෙනවා. ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙනවා.

ඊට අමතරව ‘නිදහසේ පියා’ චිත්‍රපටය තිරගත වෙනවා. ඊටත් අමතරව අජිත් මෙන්ඩිස්ගේ අලුත් හොරෙක් , ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ සුදු සහ කළු කියන වේදිකා නාට්‍ය දෙකත් එක්කත් වැඩ කරනවා.

ප්‍රවීණ කලාකරුවෙක් ජනප්‍රිය නළුවෙක් විදිහට ආපු ගමනේ මතක හිටින සංධිස්ථාන මොනවද?
මම මේ ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳලා කරපු හැම දෙයක්ම සුවිශේෂියි. එහෙම වෙන්නේ මම හුඟක් කැමැත්තෙන් මේ හැමදේටම සහභාගි වන හින්දයි. පසුගිය කා‍ලේ බිහිවූ නිර්මාණ වගේම ඊටත් වඩා හොඳ නිර්මාණ ඉදිරියේදී බිහිවෙයි. මගේ බලා‍පොරොත්තුව වෙන්නේ ඒ නිර්මාණවල කොටස්කරුවෙක් වීමයි. ඊට අමතරව මම රඟපෑවෙ නැතත් හොඳ නිර්මාණ බලන්න රස විඳින්න කැමති හොඳ රසිකයෙක් විදිහට මම මාව දකිනවා.

වැඩිපුරම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් තමයි ඔබව ප්‍රේක්ෂකයා දකින්නේ. චිත්‍රපටවලට ඔබේ දායකත්වය අඩුවෙන්නේ ඇයි?
එහෙම විශේෂයක් නැහැ. පසුගිය කා‍ලේ රඟපාපු චිත්‍රපට කිහිපයක් තිරගත වෙන්න නියමිතයි. ගිරිපුර වැසියෝ, ශ්‍රී වික්‍රම, විශ්ම, පිසා වගේ මම රඟපාපු චිත්‍රපට තවම තිරගතවෙලා නැහැ. ලංකාවෙ චිත්‍රපට හැදෙන්නෙම අවුරුද්දකට දහයක් විතර. ඒ දහය පෙන්නගන්නත් අමාරුයි. තියටර්ස්වල සහ බෙදාහැරීමේ ප්‍රශ්න තියෙනවා. මම හිතනවා හැදෙන චිත්‍රපට තිරගත කිරීම සඳහා නව ක්‍රමවේදයක් අවශ්‍යයි.

ගොඩක්ම හැදෙන්නේ ටෙලි නාට්‍ය නිසා ප්‍රේක්ෂකයෝ අපිව වැඩිපුර දකින්නේ ටෙලි නාට්‍යවලින්. චිත්‍රපට, ටෙලි නාට්‍ය, වේදිකාව සහ වීදි නාට්‍ය වුණත් හොඳ කලාවක්. එක හා සමානව මේ සඳහා සම්බන්ධ වෙන්නෙත් ඉතාම හොඳ දක්ෂ කලාකරුවන්.

විවාහවෙලා අවුරුද්දක් ගතවුණානේ. කොහොමද විවාහ ජීවිතේ දැනෙන්නේ?
රිද්මාගේ උපන් දිනේ දවසේ පසුගිය 10 වැනිදා අපේ අවුරුද්දක විවාහ සංවත්සරය සැමරුවා. අපි විවාහවෙලා අවුරුද්දක් ගෙවුණා. අපි ආදරෙන් සතුටින් ඉන්නවා.

රොෂාන්ගේ ජීවිතේ පසුගිය සමය බාධක කම්කටොලු බොහොමයක් තිබුණා. අද ඒ පිළිබඳව දකින්නේ කොහොමද?
බාධක, අභියෝග කියන්නේ හැමෝටම ‍පොදු ධර්මතාවක්. අපේ රටේ ප්‍රධාන පුරවැසියාගේ ඉඳලා පුංචිම මිනිසා දක්වාම මේ වගේ බාධකවලට මුහුණ දෙන්න වෙනවා. මම හිතනවා ජීවිතේ හැම අභියෝගයකටම මම සාර්ථකව මුහුණ දීලා මේ ගමන ආවා කියලා. ප්‍රශ්න කියන දේවල් මම ලොකුවට හිතන්නේ නැහැ. ඒ ඒ වෙලාවට ඊට අවශ්‍ය පිළිතුර මම සොයා ගන්නවා. අදටත් මම සතුටින් ඉන්නේ ඒ නිසයි.

මේ කාර්යබහුල ජීවිතේට බිරිඳගෙන් ලැබෙන සහයෝගය හොඳ සැමියෙක් විදිහට අගය කළ යුතුමයි නේද?
ඇත්තෙන්ම ඔව්. අවුරුදු ගාණක් මම කෑවෙ කඩෙන්. එයා දැන් මම ආස හැම කෑමක්ම හදලා දෙනවා. එයාට රසට උයන්න පුළුවන්. දිනපතා ව්‍යායාම කරන එකේ ඉඳලා මගේ සෞඛ්‍යය ගැන එයා හොඳින් හොයලා බලනවා. ජිම් එකට යනකොට එයත් මාත් එක්කම එනවා. එයාගෙන් මගේ ජීවිතේට ලැබෙන්නේ විශාල අත්වැලක්. මට ලැබෙන චරිත ගැන පවා එයත් එක්ක කතා කරනවා. ඇයට හොඳට ලියන්න පුළුවන්. මම හිතනවා ඇය නුදුරු අනාගතයේදී තිරපිටපත් රචිකාවක් විදිහට ඉදිරියට එයි කියලා.

මගේ බිරිඳ නිසා කියනවා ‍නෙවෙයි. ඇය ලියන්න ඉතා දක්ෂ කෙනෙක්. අපි එකතුවෙලා ටෙලි නිර්මාණයකට දායක වුණා. ඇය ඒ ටෙලි නාට්‍යයේ චරිතයක් නිරූපණය කළා. ඇගේ මේ හැකියාවන් මම අගය කළ යුතුයි.

ඔබ නිළියක් විදිහට ටිකෙන් ටික තමන්ගේ ස්ථාවරය හදා ගනිමින් ඉන්නවාද?
එහෙමමත් නැහැ. රොෂාන් අයියගේ ඉල්ලීමට තමයි ඒ චරිතය රඟපෑවේ. තාරකා වාසලමුදලිආරච්චිගේ කතාවක්.

ඊට අමතරව චිත්‍රපටයක රඟපෑවා. තවත් වැඩ කිහිපයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා.

දෙන්නම කාර්යබහුල වුණහම ගෙදර ජීවිතේ කොහොමද ගතවෙන්නේ?
මම නම් කොහොමටවත් ගොඩක් කාර්යබහුල වෙන්නේ නැහැ. මට ලැබෙන නිර්මාණ වුණත් ගොඩක් තෝරලා බේරලා තමයි භාරගන්නේ. මම කැමති ගොඩක් වෙලාවට ගෙදර රැඳෙන්නයි. අවුරුද්දකට එකක් වුණත් හොඳ නිර්මාණයකට දායක වීම තමයි මට වැදගත් වෙන්නේ.

චරිත තෝරා බේරා ගැනීමේදී කොහොමද හොඳ නිර්මාණ පිළිබඳව තීරණය කරන්නේ?
මට ලැබෙන චරිත ගැන මම රොෂාන් අයියත් එක්ක කතා කරනවා. ඔහු මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් නිසා චරිත පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. මමත් කැමති නම් චරිතයත් හොඳයි නම් භාර ගන්න තීරණය කරනවා. ඒක වෙන්නේ දෙන්නාගේම කැමැත්ත මත තමයි.

තනියම ඉන්න කා‍ලේ වගේ ‍නෙවෙයි දැන් මම විවාහක කාන්තාවක් නිසා යම්කිසි සීමාවක් රාමුවක් තුළ තමයි මගේ නිර්මාණ දායකත්වය සිදුවෙන්නේ. මාව නිළියක් විදිහට දකින්නේ ප්‍රේක්ෂකයෝ පමණයි. මා වටා වෙනම පවුලක් ඉන්නවා. රොෂාන් අයියගේ පවු‍ලේ අය ගැනත් මතක් කළ යුතුමයි. මේ හැම දෙයක්ම ගැන හිතලා තමයි තීරණ ගන්නේ.

විවාහයෙන් පස්සේ ගෙදර වැඩ කටයුතු කෙරෙන්නේ කොහොමද?
ගෙදර හැම වැඩක්ම කෙරෙන්නේ මගේ අතින්. උදව්වට කෙනෙක් ගමු කියලා රොෂාන් අයියා නම් කියනවා. ඒත් මම ආසයි මගේ අතින්ම අපේ ගෙදර හැම වැඩක්ම කරන්න. ඒ නිසා කෑම හදන එක, ගෙදර අස්පස් කරන්න, මල් පැළ හදන්න, වතුර දාන්න මම හරිම කැමතියි. අපි දෙන්නම එකතුවෙලා ගෙදර වැඩ කරද්දි හරිම සතුටක් දැනෙනවා. මම උයනකොට රොෂාන් අයියා ලූනු ගෙඩියක් හරි සුද්ද කරලා ඒකට උදව් වෙනවා. ඒ සතුට, සහයෝගය අත්‍යාවශ්‍යමයි.

අලුත් ගෙදර අලුත් ජීවිතේට අලුත් අමුත්තෙක් එන්නේ කවදාද?
මේ කා‍ලේ ඒ ගැන සැලසුම් කරමින් තිබෙනවා. රොෂාන් අයියගේ අම්මයි, අප්පච්චියි, පවුලේ  අයයි වගේම මගේ මමීත් මුනුපුරෙක් දකින්න ආසාවෙන් ඉන්නවා. පිලපිටිය පවුලටයි දිසානායක පවුලටයි ඉදිරියේදී පුංචි බබාලා කිහිප දෙනෙක්ම එකතු වේවි.

චරිත් මොරගොඩ




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top