El Anillo, On the Floor, Booty, Dinero වැනි අතිශය ජනප්‍රිය ගීත ගායනා කළ Jennifer Lopez නර්තනයට වගේම රංගනයට දක්ෂ කෙනෙක්. ඇමරිකාවේ පමණක් නොව මුළු ලෝකයෙන්ම ඇයගේ කටහඩට හොද ඉල්ලුමක් තිබෙනවා. ඒ ඉල්ලුම නිසාම කැමරාව ඉදිරියේ නිරුවත් වෙන්න පවා ඇය පසු බසින්නේ නැහැ. පසුගිය සතියේ Doha Festival City හි සාප්පු සංකීර්ණයක් වි වෘත්ත කිරීම සදහා දෝහා කටාර් රාජ්‍යට ගොස් තිබෙනවා.
එහිදී විනාඩි 20 ක කාලයක් සදහා ඇයගේ අයකිරීම වී ඇත්තේ ඩොලර් මිලියන දෙකයි. ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් කෝටි 35යි. ඊට අමතරව ඇයගේ වියදම සදහා ඩොලර් මිලියනයක් ගෙවා තිබෙනවා. මෙහිදී ඇයගේ පෙනී සිටීම පමණක් සිදුව තිබෙන අතර රූපවාහිනී වැඩසටහනක් සදහාද සම්බන්ධ වී තිබෙනවා. ඇයගේ අය කිරීම අධික බවයි විදෙස් මාධ්‍ය එහිදී සදහන් කර ඇත්තේ.