පොදු අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද දින කොළඹ විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී එළිදක්වනු ලැබුවා.
එම ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 11වන පරිච්ඡේදයේ ‘‘අර්ථවත් හරවත් මාධ්‍ය නිදහසක්‘‘ ලෙස නම්කොට ඇති කොටසේ මාධ්‍ය නිදහස පිළිබඳව යෝජනා රාශියක් ඉදිරිපත් කොට තිබෙනවා.
එමෙන්ම එහි දැක්වෙන තවත් එක් වැදගත් වගන්තියක් වන්නේ අන්තර්ජාලය පරිශීලනය කරන පිරිසට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන බවයි. ඒ අනුව ප්‍රසිද්ධ නගර ආසන්නයේ ‘‘WiFi Hot Spot‘‘ සවි කිරීමට කටයුතු කරන බවයි එම ප්‍රකාශයේ සඳහන් වී ඇත්තේ.
එය සඳහන් වී ඇති අයුරු පහතින්...