හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයින්ට යතුරුපැදි ලබාදීමේ වැඩසටහන ආරම්භ වුණා.
එය නම් කර ඇත්තේ හිරුට විස්සයි, සති විස්සෙන් බයික් 20යි ලෙසයි.
හිරු අසන්නන් අතුරින් ඊට අදාළ ජයග්‍රාහකයා උදෑසන 7ත් පස්වරු 6ත් අතර විකාශය කෙරෙන ගුවන් විදුලි වැඩසටහන් අතරතුර තෝරා ගැනීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්.
ඒ අනුව පළමු ජයග්‍රාහකයා වන්නේ මාතර එච් එම් යසස් රුසිරුයි. හිරුට විස්සයි, තෑගි වැස්සයි යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයන් හට මෝටර් රථ සහ ට්‍රක් රථ ප්‍රදානය කිරීම සිදු කළා.