ලෝකයක් බලා සිටි විවාහ මංගල්‍යයක් වන බොලිවුඩයේ සුපිරි නිළි දීපිකා පදුකෝන් සහ සුපිරි නළු රන්වීර් සිංගේ විවාහ මංගල්‍ය අද සිදුකෙරුණා.
සින්දි චාරිත්‍රානුකූලව අද එම විවාහ උත්සවය පැවැත්වුනේ ඉතාලියේ Villa Del Balbianelloහිදියි.
ඉතාලියේ කොමෝ ලේක්හිදී සාම්ප්‍රදායික කොන්ටානි උත්සවයකදී විවාහ වී දිනකට පසුව මෙම විවාහ උත්සවය පැවැත්වුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
දීපිකා සහ රන්වීර්ගේ විවාහ මංගල්යය පළමුව සවස 4 ට පමණ තහවුරු කරන ලද අතර ඒ සමගම ඔවුන්ගේ බොලිවුඩ් සගයන් වන කරන් ජෝහාර්, මධුරි ඩික්ෂිට්, රිතිෂ් දේශ්මුක් සහ අනෙකුත් නළු නිළියන් ට්විටර් ඔස්සේ සුභ පැතූම් එක්කර තිබෙනවා.
නොවැම්බර් 14 හා 15 දෙදින තුළ මුම්බායිහි රන්වීර් සිං හා දිපීකා පදුකෝන්ගේ විවාහ පැවැත්වීමට නියමිතව ඇතැයි ‘ඉන්දීය ටයිම්ස්’ වෙබ් අඩවිය පසුගියදා සඳහන් කළා.