පෙම්වතුන් රැසක් නිවෙස්වලට හොරෙන් ඇවිත් නිසා පැමිණිලි කර නැහැ
දඩල්ල මුහුදු වෙරලට පැමිණෙන පෙම්වතුන් බියට පත්කර මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු 23 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර් ෂණ කැකුණවෙල මහතා නියෝග කර තිබෙනවා.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැල්ලගේ මහේෂ් නමැති විසිඑක් හැවිරිදි තරුණයෙක් බව සඳහන්.
පෙම්වතුන්ගෙන් කොල්ලකන ලද ජංගම දුරකථන දෙකක් සහ රන් භාණඩ උගස් කරන ලද රිසිට් පත් රැසක්ද සැකකරු සන්තකයේ තිබි සොයාගෙන තිබෙනවා.
පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත්තේ සැකකරු මුහුණ ආවරණය කරගෙන වෙරලට පැමිණ එහි සිටින පෙම්වතුන්ට පිහියක් පෙන්වා බියට පත්කොට ඔවුන්ගේ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදි ඇති බවයි.
මෙසේ පැමිණෙන පෙම්වතුන් රැසක් නිවෙස්වලට හොරෙන් පැමිණ ඇති නිසා ඔවුන් බියට හා ලැජ්ජාවට පත්වීම නිසා පොලිසියට පැමිණිලි කර නොමැති බවත් දොඩංදුව හා වඳුරඹ ප්‍රදේශවලින් පැමිණි පෙම්වතුන් කිහිප දෙනෙකු විසින් පොලිසියට කරනලද පැමිණිලි අනුව සැකකරු අත් අඩංගුවට ගැනිමට හැකිවු බවත් පොලිසිය පවසනවා.