දෙදෙනාම මීගමුව ප්‍රදේශයේ ලැගුම්හලකටත් ගිහින්....
සිදුවූ සියල්ල හලාවත පොලිසියට පැමිණ දිගහැරලා....
විවාහක කාන්තාවක් බස් රථයකදී හඳුනාගත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන රුපියල් 76,000 ක් වටිනා රන් මාලය අහිමිකර ගෙන හලාවත පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර තිබෙනවා.
පැමිණිලිකාරිය ආඬිඅම්බලම මිනුවන්ගොඩ ප්‍රදේශයේ බවයි සඳහන් වන්නේ.
47 හැවිරිදි ඇය සැමියාගෙන් වෙන්ව ජීවත් වන බවද වාර්තාවනවා.
තම පුතාගේ විවාහ මංගල්‍ය තම නංගීට දැනුම් දීම සඳහා ඇයගේ ලොකු අම්මා ද සමග පසුගිය 04 වන දින බස්‌රථයකින් එමින් සිටි අතරතුර එම බස්‌රථයට වෙන්නප්පුවෙන් නැගුන ප්‍රියන්ත නම් අයකු සමග කතාබහකට යොමුවී ඔහුත් සමග ප්‍රේම සම්බන්ධයකට මුලපුරා තිබෙනවා.
පැමිණිලිකාරිය හලාවත පැමිණ ආපසු නිවස බලා යන අතරේ ප්‍රියන්ත යන අය නැවත හමුවී දෙදෙනාම මීගමුව ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් එහි රාත්‍රිය ගතකර ඇත.
ලැඟුම්හලේ සිටියදී ඇයගේ ගෙල බැඳි රුපියල් 76,000 ක් වටිනා පෙන්ඩනය සහිත රන් මාලය ගලවා ඇයගේ අත් බෑගයේ දමාගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන්.
ප්‍රියන්ත යන අය ඇයව විවාහ කර ගැනීමට කැමැත්ත පළකිරීම නිසා ලැඟුම්හලේ සිට උදේ මුන්නේශ්වරම් දේවාලයට පැමිණ තිබෙනවා.
දෙදෙනාම දේවාලයට ගොස් ආගමික කටයුතු සිදුකර තේ පානය සඳහා හෝටලයකට ගොස් තිබෙන අතර තේ පානයෙන් පසුව ඇය මුදල් ගෙවීමට යැමට රන් මාලය දමා ඇති අත් බෑගය ඔහු අතට දී ඇත.
ඔහු අත් බෑගය අතේ තබාගෙන "වැසිකිළියට ගිහින් එන්නම්. ඔයා හෝටලයේම ඉන්න" කියා පිටව ගොස් තිබෙනවා.
ඔහු දැන් එයි දැන් එයි කියා බලා සිටියද ඔහු නොපැමිණීම නිසා හෝටලයෙන් එළියට බැස පාර දෙස බලන විට එවෙලේ පැමිණි බස් රියකට ඔහු නගිනවා දැක ඇති බවද සඳහන්.
කරකියාගත දෙයක් නොවූ තැන ඇය සිදුවූ සියල්ල හලාවත පොලිසියට පැමිණ දිගහැර ඇති අතර නිවසේ අය මේ ගැන දැනගනීවි යයි යන බියක් ඇති බවද කියා තිබෙනවා.
මාදම්පේ ප්‍රදේශයේ පදිංචි බව කියන ප්‍රියන්ත නම් අයව අත්අඩංගුවට ගැනීමට හලාවත පොලිසිය විමර්ශන සිදු කරනවා.