ජනමතයට ගරු කරමින් පාර්ලිමේන්තු මැතිවරණය වහා ලබා දෙන ලෙස ඉල්ලමින් හම්බන්තොට ජනතාව අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.
රටේ ජාතික දේපල විකුණමින් රට අරාජිකව තිබු අවස්ථාවක රට ගොඩගැනීම උදෙසා ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයෙක් පත් කර පාර්ලිමේන්තුව විසුරුවා ජනතා මතය විමසීම සඳහා ලබාදුන් අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණය ට විරෝධය දක්වූ ජනතා විමුක්ති පෙරමුණට හා එක්සත් ජාතික පක්ෂයට විරෝධය පළකරමින් අද පෙරවරුවේ හම්බන්තොට ජනතාව හම්බන්තොට ලුණු ලේවාය ඉදිරිපිටදී මෙලෙස පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.