පාර්ලිමේන්තුවේ නව සැසිවාරය කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා.
ඒ අනුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට හිමි ආසනයේ අසුන්ගෙන සිටි අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ ආසනවල අසුන්ගෙන සිටි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විපක්ෂයට හිමි ආසනවල අසුන්ගෙන සිටි බවත් සඳහන්.
මේ අතර, පසුගියදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඒ.එච්.එම් ෆවුසි සහ පියසේන ගමගේ විපක්ෂයේ අසුන්ගෙන සිටි බවයි පාර්ලිමේන්තුවේ සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.
සභාව ආරම්භ වීමෙන් පසුව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවන ලෙස යෝජනාවක් ඉදිරිපත් කළා.
එම අවස්ථාවේදී නැගී සිටි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉල්ලා සිටියේ හෙට දක්වා පාර්ලිමේන්තුව කල් දමන ලෙසටයි.
කෙසේ වෙතත්, ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් කතානායකවරයා ඡන්ද විමසීමක් සිදුකළ අතර, එය වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.
මෙම සිද්ධියත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.