Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
14
කප්පම් නොදී කොන්ද කෙලින් තියාගෙන හිටිය ධර්මදාස මුදලාලිගෙන් මධූෂ්ගේ කල්ලිය කෲර ලෙස පළිගත් හැටි ගමම සලිත කරයි

- කප්පම් නොදී කොන්ද කෙලින් තියාගෙන හිටිය ධර්මදාස මුදලාලිගෙන් මධූෂ්ගේ කල්ලිය කෲර ලෙස පළිගත් හැටි ගමම සලිත කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26 Views
‘‘මම ඉන්නකම් බොස්ට කිසිම අනතුරක් වෙන්න ඉඩ තියෙන්නේ නෑ...‘‘ 
 
තාත්තගේ බෙල්ල වෙන් වෙන්නම කපලා දාලා තිබුණා
 
‘‘මම ඉන්නකම් බොස්ට කිසිම අනතුරක් වෙන්න ඉඩ තියෙන්නේ නෑ...‘‘ ඔහු වරෙක් එලෙස පවසා තිබුණේ ඔහුගේ බොස් වූ ධර්මදාස මුදලාලි ඝාතනය කිරීමට යම් කල්ලියක් උත්සහ කළ අවස්ථාවකදී. 
 
ඔහු එදා කී දේ ඉටු කළා. ‘‘බොස්‘‘ වෙනුවෙන් ජිවිතය පූජ කළා. ඔහු නමින් එල්. එච්. ශාන්ත. හක්මන ප්‍රාදේශීය සභාවටත් තේරී පත් වූ අයෙක්. ඔහු පසුගිය හතර වැනිදා සතුරු ප්‍රහාරයකින් මිය ගියේ බොස් ගේ ජිවිතය බේරා දෙමින්. බොස් ඒ ත්‍රාසජනක සිදුවීම දරාගත නොහැකිව ලෙඩ ඇඳට වී සිටිනවා.

මෙම සිදුවීම හක්මන පොලීසියට වාර්තා වෙන්නේ 119ට ආ පණිවුඩයකින්. ඒ හතර වැනිදා හවස හතරයි කාලට පමණ. 
 
එම පණිවුඩයෙන් කියවුණේ ධර්මදාස මුදලාලිට වෙඩි තැබූ බවක්. ධර්මදාස මුදලාලි මේ දෙයින් බොහොම කම්පනයට පත් වුණා. 
 
තමන්ගේ ගෝලයාට සිදු වුනු දේ ඔහුට අදහගන්න අමාරු උනා. ශාන්ත කොපමණක් පහර කෑමට ලක්ව සිටියාද කිවහොත් ඔහුව රෝහලට ගෙන ගියත් කළ හැකි දෙයක් නෑ කියලා සියලු දෙනාටම තේරුණා. 
 
ශාන්ත පරීක්ෂා කළ වෛද්‍යවරු ඔහුට සේලයින් හා ඔක්සිජන් ලබා දෙමින් මාතර මහරෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කළා. 
 
ඒත් ඒ වෙනකොටත් ඔහුට ජිවත් වෙන්න හැකියාවක් තිබුණේ නැහැ. ඔහුගේ ගෙල වෙන් වන්නටම කපා තිබුණා. 
 
ශාන්ත ඝාතනය පිළිබඳ විමර්ශනය ඇරඹු පොලීසිය ධර්මදාස මුදලාලිගෙන් මෙන්ම එම ස්ථානයේ නවත්වා තිබූ වැෑන් රථයේ සිටි සියලු දෙනාගෙන්ද සිදු වුණු දේ අසා සිටියා. 
 
එවිට දැනගන්න ලැබුණේ ශාන්තට අයත් මේ කුරුඳු ඉඩම මිලදී ගැනීම සඳහා වෑන් රථයේ සිටි පියා හා දියණිය පැමිණ ඇති බවත් ඉඩම පිළිබඳ ඒ දෙදෙනාට තොරතුරු ලබා දී තිබුණේ ධර්මදාස මුදලාලි විසින් බවත්, ඉඩම බලා පහළට එද්දි වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා කඩුවලින් කපා කොටා මෙම ඝාතනය සිදු කළ බවත් ඔවුන් විසින් කියා සිටියා. ශාන්ත සිව් දරු පියෙක්. 
 
ඔහු ව්‍යාපාරයට පිවිසෙන්නේ මැණික් පතල් කර්මාන්තයෙන්. පසුවත් ඔහු ව්‍යාපාර කිහිපයකටම සම්බන්ධ වෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධි දාමයට මුල් වෙන අක්කර පහක කුරුඳු ඉඩම ඔහු මිලදී ගන්නේ බිරිය සුජිවාගේ නමින්. 
 
ශාන්ත ඝාතනය වෙන්නේ එම ඉඩම විකිණිම සඳහා ගැනුම්කරුවෙකුට පෙන්වන්න ගිය අවස්ථාවේදී. 
 
‘‘ඒ ඉඩම විකුණන්න ගියේ ආර්ථික ප්‍රශ්න නිසා. අපි මේ ඉඩම එක් කෝටි පහළොස් ලක්ෂයකට විකුණන්න ලෑස්ති කරලා තිබුණේ....‘‘ 
 
‘‘ඉඩම බලන්න ආවේ ධර්මදාස මුදලාලිගේ දුවගේ යාලුවෙක්. එයා බමුණුගම පැත්තේ මෙඩිකල් එකක් වැඩ කරන කෙනෙක්. ඔය සිද්ධිය වෙච්ච දවසේ උදේ ඉඳලා මහත්තයා ගමේ ඇවිදලා කොළඹ රැස්වීමට යන්න කට්ටිය ලෑස්ති කළා... බස් දෙකක් අරගෙන යන්න තමයි එයා හිතාගෙන හිටියේ. ගෙදර එද්දි දවල් දොළහ විතර වෙන්නැති. ඉඩම ගන්න කට්ටිය ආවේ හවස දෙකට විතර. කොහොම හරි ධර්මදාස මුදලාලි මඟදි වාහානේට නග්ගගෙන තියෙන්නේ. මුදලලා බෑ කියද්දිත් පෙරැත්ත කරලා වාහානෙට දාගෙන තියෙන්නේ. කොහොමත් මුදලාලි අඳුරන කට්ටියක් එතැන හිටියේ..‘‘ බිරිය සුජිවා කියනවා. 
 
මේ ඉඩම පිහිටලා තියෙන්නේ ප්‍රධාන මාර්ගය අවසන් වෙන තැනක. වෑන් රථය මේ මාර්ගයට හරවා යද්දි දෙදෙනෙක් යතුරු පැදියක් තල්ලු කරගෙන යනවා හැමෝම දකිනවා. 
 
එවිට ශාන්ත කිව්වේ, ‘‘ගංජා ගහන කොල්ලෝ මේ පැත්තේ ඉන්නවා. මේ පැත්තට කවුරුත් එන්නේ නැති නිසා හොරට ගංජා ගහන්න ආපු කොල්ලෝ දෙන්නෙක්ද කොහෙද...‘‘ යතුරු පැදිය තිබුණෙත් ඉඩමට ඇතුළු වෙන තැනමයි. 
 
ගංජා ගහන්න ආපු කොල්ලෝ දෙන්නා බයික් එක එතැන දාලා හොරාට ගංජා ගහනවා ඇති කියලයි හැමෝම හිතුවේ. 
 
ඒ සමඟම සිද්ධ වුණේ කවුරුත් නොහිතපු දෙයක්. අසළින් ආපු වෑන් රථයකින් බැස්ස දෙදෙනෙක් ටී 56 ගිනි අවි රැගෙන ඉදිරියට ඇවිත් ධර්මදාස මුදලාලි ඉලක්ක කරමින් වෙඩි තියන්න පටන් ගත්තා. වෙඩි පහරත් සමඟ මුදලාලි බිම වැටෙන අතර ඉන් කලබලයට පත් වුනු ශාන්ත තුවක්කරුවන් සමඟ සටන් වැදුනා. 
 
එහෙත්, එල්ල වූ ඊළඟ වෙඩි පහර ශාන්තගේ හිස ආසන්නයෙන් ලිස්සා යද්දි ඔහු ගෙල අල්ලගෙන බිම වැටුණා. 
 
ඉන් අනතුරුව සිදු වෙන්නෙ අදහගත නොහැකි දෙයක්. වෑන් රථයේ සිටි තවත් පිරිසක් එළියට බහින්නේ කඩු, මන්නා ආදිය රැගෙනයි. බිම වැටුණු ධර්මදාස මුදලාලි පහළට පෙරළිලා කුරුඳු කැලෑවට වැටෙන්නේ ඝාතකයන්ට සොයා ගත නොහැකි ලෙසින්. එය ස්භාව ධර්මයා විසින් ඔහුව රැක ගැනීමක් වගේ වුණා. 
 
ඝාතකයන් සියල්ල සිදු කොට පැමිණ සිටි මවටත් දියණියටත් තර්ජනය කොට එතනින් පලා යන්නේ ශාන්තගේ ජංගම දුරකථන දෙකක් අතැතිවයි. ධර්මදාස මුදලාලි යනු කාටවත් කරදර නොදී හිටපු ධන කූවේරයෙක්. 
 
ඒ වුණත්, එවන් වූ අයවුන් සමඟ වෛරයක් තිබුණේ පතාල කල්ලිවලට බව නොරහසක්. දකුණු පළාතේ මාකඳුරේ උපන් මදූෂ් ද මේ මානසික මට්ටමෙන් සිටින අයෙක්. මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට ව්‍යාප්ත කරමින් කෝටි ගණන් උපයන ඔහු මෙවන් ධනපතියන්ගේ කප්පම් ගැනීමත් කරගෙන ගියා. 
 
ඒ අනුව මදූෂ්ගේ ගෝලයෝ ධර්මදාස මුදලාලිගෙන් කප්පම් ඉල්ලන්න පටන් ගත්තා. ඒත් මුදලාලි ඒකට එකඟ වුණේ නැහැ. ඔහු කප්පම් දීම ප්‍රතික්ෂේප කළා. 
 
මෙවැනි සෘජු තීරණ ගන්නා පිරිස් වලට මදූෂ්ලාගෙන් ගැලවීමක් නැහැ. සියල්ල තම යටතට අත්පත් කරගැනීමේ අදිටනින් පතාල කල්ලි සිදු කරන්නේ ඔවුන්ව මරා දැමීමයි. ඒ තමයි ඒ අවස්ථාවල දී ගත්ත එකම ක්‍රියාමාර්ගය. 
 
මේ සඳහාම වුණු කල්ලි කිහිපයකුත් සිටිනවා. ඒ අතරිනුත් මුදලාලි ඝාතනය කරන්නට අකුරැස්සේ පිරිසකුත්, තංගල්ලේ පිරිසකුත් උත්සහ ගන්නවා. මේ අවස්ථා කිහිපයේදිම මුදලාලි පණ බේරගන්නේ අනූ නවයෙන්. 
 
තංගල්ලේ පිරිස මදූෂ්ගේ පුංචි අම්මාගේ නිවසේ සැඟවී සිටියදි පොලීසියට හසුවන අතර ප්‍රශ්න කිරීම්වලදි හෙළි වුණේ අගුණුකොළපැලැස්ස කෙසෙල් වත්තකදි කොස්මල්ලි ඝාතනය කිරීමේ සිද්ධියටද මොවුන් සම්බන්ධ බවයි. ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා තිබුණේ ධර්මදාස මුදලාලිද තුරන් කරන තෙක් මෙහි රැඳි සිටි බවයි. 
 
ඔවුන් කිහිප වතාවක්ම මුදලාලි මරා දැමීමට සැලසුම් නිර්මණය කළද ඒ සියල්ලම අසාර්ථක වුනු බව පොලීසියට ඔවුන් කියා සිටියා. මේ හතරවැනි අවස්ථාව බවත් ඔවුන් කියලා තිබුණා. 
 
මීට ඉහතත් මාතර පොලිස් කොට්ඨාශයේ රොටුඹ පොලිස් වසමේද මෙවැනිම වෙඩි තැබීමක් සිදුව ඇති අතර එහි ඉලක්කය වී ඇත්තේ ව්‍යාපාරික පවුලක බාල පුත්‍රයායි. එයත්, මාකඳුරෙ මදූෂ්ගේ බවට සැක කෙරෙනවා. මෙදින තුවක්කරුගේ ඉලක්කය වූ නාලක පුෂ්පකුමාර හා වෛර බැඳගෙන සිටින එකම පුද්ගලයා වුණේ අමිල. 
 
ඔහු මේ පවුල සමඟ වෛර බැඳගන්නේ කප්පම් මුදල් නොදුන් නිසයි. පසුව අමිල එම පවුලේ වැඩිමහල් සහෝදරයාව වෙඩි තබා මරා දමන අතර පලා ගොස් සිටියදි අත්අඩංගුවට පත් වන්නේ වසර හයකට පමණ පසුවයි. 
 
ශාන්තගේ ඝාතනයෙන් පසුව ඔහු පදිංචි ප්‍රදේශවාසීන් දැඩි කලබලයට මෙන්ම කලකිරීමට පත්ව සිටිනවා. ආකාලයේ පියා අහිමි වීම නිසා දරු සිව් දෙනා දැඩි ශෝකයට පත්ව සිටින අතර ඔවුන්ට ඔවුන්ගේ අනාගතය ගැනද ඇත්තේ බියක්. 
 
‘‘මේ ඉඩමට අපේ ගෙදර ඉඳලා දුර කිලෝමීටර් අටක් විතර ඇති. මමයි මල්ලියි අම්මයි ගෙදර ඉද්දි ධර්මේ මාමා එයාගේ පුතයි බෑනයි අරන් අපේ ගෙදරට පණිවිඩයක් එවලා තිබුණා. තාත්තට පොඩි ප්‍රශ්නයක් වෙලා ඉඩමට ගිහින් බලන්න කියලා. වෙලා තියෙන්නේ මොකද්ද කියලා හරියටම කිව්වේ නෑ....‘‘ 
 
‘‘අපි වෑන් එකත් අරන් එවෙලමෙ වත්තට ගියා. තාත්තා පාර අයිනේ වැටිලා හිටියා. තාත්තා එක්කගෙන ගියපු අය වෑන් එකටම වෙලා හිටියා. එයාලාව එළියට ගත්තෙත් අමාරුවෙන්...‘‘ ‘‘තාත්තගේ ජිවිතේට කිසිම අවදානමක් තිබුණේ නෑ එයා රැයක් දවාලක් නැතුව තනියම ගමන් බිමන් යනවා. ඔය කට්ටියගේ ඉලක්කය තාත්තා නම් තාත්තව මරන්න ඔතනටම යන්න ඕන නෑ. මේ හරියේදි ලේසියෙන්ම මරන්න තිබුණනේ...‘‘ 
 
‘‘අපිට තවමත් හිතාගන්න බෑ මේ වුණේ මොකද්ද කියලා. දැන් අපේ එකම බලාපොරොත්තුව තාත්තව මැරුවේ කවුද කියලා දැනගන්න එක. අපි පොලිසියෙන් ඉල්ලා සිටින්නේ. මේ අපරාධකාරයින් සොයලා නිසි දඬුවමක් දෙන්න කියලා..‘‘ 
 
එදා ශාන්ත හා ධර්මේ මුදලාලි කැබිලියපොළ ඉඩමට යන බව වෙනත් පාර්ශවයක් දැන සිටියද ඝාතනය සැලසුම් කරගෙන සිටි අයට ඒ බව හැඳින්වුයේ කවුද? මේ පිළිබඳව පොලීසිය විමර්ශනයක නියැලෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top