රත්නපුර නගරයේදි අමානුශික ලෙස පොලිස් නිලධාරියකුගේ පහරකෑමට ලක්වු කාන්තිලතා ,අතුරුදහන්, බව පොලිසියෙන් ප්‍රකාශකරන බව අද දිනයේ පුවත්පත්වල පලවී තිබුණ පුවත මුලූමනින්ම අසත්‍ය පුවතක් බව උදුල් ප්‍රේමරත්න මහතා අවධාරණය කරයි.
එසේම අද දිනයේදි ශ්‍රේෂ්ඨාධිකරණයේ SCFR 291/2014 යටතේ් පවරා තිබු මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට ගත් අතර එය අද දිනයේදී විභාගයට අවසර දෙන ලදී. එසේම විත්තිකරුවන්ට 2015 ජුනි 11 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද දැනුම් දුනි. එසේම පොලිසිය විසින් අතුරුදන් ලෙස පැවසු කාන්ති ලතා ද මේ නඩුවිභාගයට පැමිණි බව ඒ මහතා සඳහන් කරයි.
තව දුරටත් මේ පිළබඳව සඳහන් කර උදුල් ප්‍රේමරත්න මහතා -
නඩු විභාගයෙන් අනතුරුව ඇය අලූත්කඬේ බෙල්මන් වීදියේ මාගේ කාර්යාලයට පැමිණ සිටියදි හදිසියේම කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරිණියක් හා නිලධාරියකු පැමිණ ඇයව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව දන්වන ලදි. ඒ රත්නපුර පොලිසියට ඇයව වරෙන්තුවක් යටතේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව පවසමිනි. නමුත් ඔවුන්ගෙන් වරෙන්තුව පෙන්වන ලෙස ඉල්ලා සිටි විට එවැන්නක් ඔවුන් සතුව නොතිබුණි.
මේ අනුව පොලිසීය මේ පහරදීම පිළිබඳ කිසිදු විධිමක් පරීක්‍ෂණයක් නොකර ඇය අතුරුදන් බවට ව්‍යාජ පුවත් මවා ඇයව හදිසියේ අත්අඩංගුවට ගැනීමට උත්සහ කරන බව පැහැදිලිය. මා ඇතුළු තවත් නීතිඥවරු නොසිටි ස්ථානයකදි පොලිසියට ඇයව හමු වුනි නම් මේවන විට ඇයව අත්අඩංගුවට ගෙන අවසානය.