Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
13
"ලාංජනය පොහොට්ටුව, මල් පොහොට්ටුව" - ශ්‍රීලනිපයයි පොහොට්ටුවයි මැතිවරණයට එන ලකුණ ගැන ඉඟියක් මෙන්න - Video

- "ලාංජනය පොහොට්ටුව, මල් පොහොට්ටුව" - ශ්‍රීලනිපයයි පොහොට්ටුවයි මැතිවරණයට එන ලකුණ ගැන ඉඟියක් මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17 Views
"මේ පක්ෂ දෙක එක පෙරමුණක් වශයෙන් මැතිවරණයට යනවා"
"යු.එන්.පී. විරෝධී බලවේගයක් අපි ගොඩනගන්නේ. දැනටම ඒකට ඉන්නවා පක්ෂ 18-19 ක්"

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගතව ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ ලෙස ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරුන් සදහන් කළේ ඡන්ද ලකුණ හෝ පක්ෂය පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
 
ඉදිරි මහමැතිවරණයට සන්ධානයක් ලෙස තරඟ වැදීම පිළිබඳ ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතරතවත් සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂවල නායකයින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු පිරිසක් එක්වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා සඳහන් කළා.

මහමැතිවරණයේදී පුළුල් පෙරමුණක් ලෙස තරඟ කිරීමට මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණයකට එළැඹ තිබෙනවා.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස - මහලේකම් - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

අපි මේ සාකච්ඡාවේදී මුලික එකඟතාවයකට එළැඹුණා. ඒ තමයි පොදු සතුරාට විරුද්ධව දැවැන්ත ශක්තිමත් පෙරමුණක් ගොඩනැගිය යුතුයි, බලයක් ගොඩනැගිය යුතුයි කියන මුලික එකඟතාවය.

ප්‍රශ්නය - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒකාධිකාරයක් මේ මැතිවරණය පුරාවටම ගෙනියයි කියලා බලාපොරොත්තු විය හැකිද අපිට..?
පිළිතුර -     නෑ.. නෑ... අපි එහෙම ඒකාධිකාරයක් කවර පක්ෂයකටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂටවත් පොදුජන පෙරමුණටවත්, මහජන එක්සත් පෙරමුණටවත් කවර පක්ෂයකටවත් අධිකාරීත්වයක් හිමි වෙන්නේ නැහැ. ශක්තිමත් යූ.එන්.පී. විරෝධී පෙරමුණක් බලයක් සන්ධානයක් ගොඩනැගීම තමයි අපේ අපේක්ෂාව.

ප්‍රශ්නය -     අගමැතිවරයා තීරණය කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගන්න. ඔහු සමග හිටපු අනිත් අයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයනුත් එහි සාමාජිකත්වය ලබාගන්නවා. ජනාධිපතිවරයා එතුමාගේ අප්‍රසාදයවත් අඩු ගානේ පළ කළේ නැද්ද..?
පිළිතුර -  නෑ.. නෑ.. අපි අපේ සහෝදර පක්ෂයක්, කණ්ඩායමක් විදිහටයි අපි දකින්නේ. මේ කාරණා ගැන කතා කරන්නෙවත් නැහැ. සදහන් කරන්නෙවත් නැහැ. ඊට වඩා වැදගත් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ පුළුල් පෙරමුණක් ගොඩනැගීම.

ප්‍රශ්නය -     ස්ථීරවශයෙන්ම සන්ධානගත වීමක් සිදුවෙනවාද..?
පිළිතුර    - අනිවාර්යෙන්ම එය තමයි මිනිස්සුන්ගේ ප්‍රාර්ථනය. ඒ ප්‍රාර්ථනය ඉෂ්ට කරන්න ඕන.   

එම සාකච්ඡාවේදී එළැඹි තීරණ පිළිබඳ අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා ද අදහස් පළ කළා.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් දෙක එකතුවෙලා තමයි ඡන්දෙට යන්නේ. ඒ සම්බන්ධයෙන් යම් යම් තීන්දු තීරණ ඊයේ රාත්‍රී ගත්තා. ඒ අනුව මේ පක්ෂ දෙක එක පෙරමුණක් වශයෙන් මැතිවරණයට යනවා.

ප්‍රශ්නය - පක්ෂයේ ලාංඡනය මොකද්ද ?
ලාංජනය... මොකද්ද... පොහොට්ටුව... මල් පොහොට්ටුව

ප්‍රශ්නය - පක්ෂයේ නම?
ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ

ප්‍රශ්නය - සභාපති ධුරය කාටද?
බොහෝවිට එන්න පුළුවන් දැනට යෝජනවා තියෙනවා ජනාධිපතිතුමා නායකයා වෙන්නත් ඒ වගේම අගමැතිතුමා සභාපති වෙන්නත්. තාම මේ සම්බන්ධයෙන් ස්ථීර දැනුම් දීමක් අපිට නිල වශයෙන් සිද්ධ වුණේ නැහැ. ඊයේ රාත්‍රී තමයි මේ සම්බන්ධ සාකච්ඡා අවසාන වුණේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරුන් අවධාරණය කළේ ඡන්ද ලකුණ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස - මහලේකම් - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ප්‍රශ්නය - ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරනවා මාධ්‍යයට බොහෝවිට සලකුණ මල් පොහාට්ටුව වෙයි කියලා.

මෙ වෙනකොට කිසිම දේශපාලන පක්ෂයක ලකුණක් මේ මහා දැවැන්ත සන්ධානයේ ලකුණ වෙන්නේ නැහැ. අලුත් ලකුණක් නිර්මාණය වෙන්නේ. අලුත් නමක් නිර්මාණය වෙන්නේ. කිසිම පවතින දේශපාලන පක්ෂයක ලකුණක් වෙන්නේ නැහැ. නමක් ඇතිවෙන්නේ නැහැ.

අමාත්‍ය මහින්ද අමරවීර - මහලේකම් - එජනිස

දැනට එකඟතාවය තියෙන්නේ යු.එන්.පී. විරෝධී බලවේගයක් අපි ගොඩනගන්නේ. දැනටම ඒකට ඉන්නවා පක්ෂ 18-19 ක්. ඒ ඔක්කොම එකතු වෙලා හොද නමක් අපි සකස් කර ගන්නවා.

ප්‍රශ්නය - ඇමතිතුමා, ඒ කියන්නේ මොනවගේ ලකුණක් ද ඔබතුමාලා තෝරගෙන තියෙන්නේ..?
පිළිතුර - නෑ.. තවම තෝරගෙන නැහැ. අද නැත්නම් හෙට තෝරගන්නවා.

ප්‍රශ්නය - ඔබතුමාලා ඕනම ලකුණකට එකඟයිද..?
පිළිතුර - ඕනම ලකුණකට එකඟද කියන එකක් නැහැ. හොඳ ලකුණක් එයි ඉන්නකො. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමත් හොද යොජනා ඉදිරිපත් කරලා තියෙනවා.

ප්‍රශ්නය - පොහොට්ටුවේ මන්ත්‍රීවරු කියනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමහර අය පොහොට්ටුවට කැමති නෑ කියලා.
පිලිතුර - මම  කියන එකවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියන එකවත්,පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් කියන එකවත් නෙමෙයි වැදගත් වෙන්නේ ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් එක්ක එකතු වෙලා ගන්න තීන්දුව තමයි වැදගත් වෙන්නේ.

ප්‍රශ්නය - ඇමතිතුමා, අන්තිම වශයෙන් පොහොට්ටුව නම් කළොත් ඒ යටතේ..?
පිළිතුර - අදාළ වෙන්නේ නැති කාරණයක්.

ප්‍රශ්නය-  ඒ කියන්නේ කැමැති වෙන්නේ නැහැ.
පිළිතුර - එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top