Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
13
සිය පාසලේ ළමයෙකුගේ තාත්තා සමඟ හෝටල් කාමර ගානේ ගිය ඉනෝකා ටීචර් හැමදාම අනියම් පෙම් සුව විඳින්න සැමියාට කල අපරාධය

- සිය පාසලේ ළමයෙකුගේ තාත්තා සමඟ හෝටල් කාමර ගානේ ගිය ඉනෝකා ටීචර් හැමදාම අනියම් පෙම් සුව විඳින්න සැමියාට කල අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26 Views
"උඹට ඒ ගෑනි ඕනිම නම් දෙන්නම ඇවිත් අපේ ගෙදර ඉඳපන්" 
 
තරංග සිය අනියම් බිරියගේ නිවසටත් නිතර එන්න පටන් ගත්තා
 
පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංඛ්‍යා නිලධාරියා ලෙස කටයුතු කළ චමින්ද දයාරත්න පසුගිය 30 වැනිදා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ සිය දරුවන් හා බිරිය පාසලට ඇතුළු කොට කාර්යාලය බලා යමින් සිටියදි. 
 
ඌරු බොක්ක පොලිස් වසමේ දම්පහළ හුලංකන්ද ප්‍රදේශයේ පිහිටි පාසල් මාවතේ පාළු ස්ථානයකදී මොහු වෙඩි තබා ඝාතනය කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේ ඌරුබොක්ක පොලීසිය විසින්. 
 
දයාරත්නට වෙඩි වැදී තිබුණේ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදි. ඔහුගේ දෑත් ඒ වන විටත් යතුරු පැදියේ හැඬලය මත තිබූ අතර එතැනට පැමිණි පොලිස් නිලධාරිහූ වහා ඔහු රෝහල වෙත ගෙන යාමට කටයුතු කළා. 
 
නමුත් ඔහු ඒ වෙනකොටත් මිය ගිහින්. 
 
මියගිය දයාරත්නගේ බිරිය වුණු ඉනෝකා වලස්මුල්ල ප්‍රදේශයේ විදුහලක ප්‍රාථමික පන්තිවල දරුවන්ට උගන්වන ගුරුවරියක්. දයාරත්නත්, ඉනෝකාත් විවාහ වෙන්නේ යෝජනාවකින්. ඔවුන්ට දරුවන් දෙදෙනෙකුත් සිටිනවා. දරුවන් අධ්‍යාපනය ලැබුවෙත් ඉනෝකා උගන්වන පාසලේමයි. 
 
මේ නිසාම දරුවන් හා බිරිඳ ඇරලවලා කාර්යාලය බලා ගමන් කරන එක තමයි දයාරත්නගේ පුරුදු රාජකාරිය වුණේ. 
 
දයාරත්න දස දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා. ඔහුගේ පියා මොනරාගල කච්චේරියේ සැලසුම් අධ්‍යක්ෂකවරයෙක්. මව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලිපිකාරිනියක්. හොඳ පවුල් පසුබිමක ඉන්න දයාරත්න කිසිවෙකුට වැරදි නොකරන හිත හොඳ කෙනෙකු විදිහටත් කා අතරත් ජනප්‍රිය වෙලා හිටියේ. 
 
‘‘මගේ මහත්තයාට මේ වගේ අපරාධයක් කළේ ඇයි..? එයා කාටවත් වරදක් කරන කෙනෙක් නෙවෙයි. එයා ගමේ හැමෝමත් එක්ක හොඳයි. එයාට කවුරුත් තරහාකාරයෝ හිටියේ නෑ...‘‘ 
 
දයාරතන්ගේ ඝාතනය ගැන විවිධ කටකතා පැතිරුණා. ඒ අතරින් බොහෝ දෙනෙක් කිව්වේ මේක පාතාලේ වැඩක් කියලයි. කාටවත් කරදර නැති දයාරත්නට මේ වෙඩි තැබීම වැරදීමක් කළා වෙන්න ඇති කියලත් තවත් පිරිසක් අදහස් දැරුවා. 
 
ඌරුබොක්ක පොලීසිය සිද්ධිය වුනු තැන සිසිටිවි කැමරා සෝදිසි කළා. එහිදි දැක ගැනීමට ලැබුණේ යතුරු පැදියකින් පැමිණෙන පුද්ගලයින් දෙදෙනෙක් අදාළ ඝාතනය සිදු කර පලා යන බවයි. 
 
පොලිස් නිලධාරින්ගේ යුත් පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක්ම සිවිල් ඇඳුමෙන් සැරසිලා මේ ගැන පරීක්ෂා කරන්න පටන් ගත්තා. දයාරත්නගේ මළගෙදර පැමිණි ඔවුන් පොලිස් නිලධාරින් ලෙස ඇඟවීමක් සිදු නොකර සෝදිසි මෙහෙයුම් වල නිරත වුණා. 
 
‘‘ඔහොම ඉන්න අතරේ අපිට පෙණුනා එක පුද්ගලයෙක් ඔය දවස් කිහිපයේම මේ මළ ගෙදර වැඩකටයුතු වලට බැහැලා වැඩ කරනවා. දයාරත්නගේ බිරිඳ සමඟත් කතා කරමින් ඉන්නවා. මිනිහගේ හැසිරීමත් වෙනස්. මිනිහා දයාරත්නගේ ඔෆිස් එකේ හාදයෙකුත් නෙවෙයි. බිරියගේ ඥාති කෙනෙකුත් නෙවෙයි. ඒ නිසා අපිට මිනිහා ගැන සැක හිතුණා...‘‘ 
 
‘‘අපි පස්සේ මිනිහගේ පැටිකිරිය හෙව්වා. එතකොට දැනගත්තා මිනිහා තමයි තරංග කියන්නේ කියලා. මිනිහටත් සිසිටිවි කැමරාවල පෙන්නුව වර්ගයේ බයික් එකක් තිබුණා. දැන් මිනිහා ළඟ ඒක නෑ..‘‘ 
 
කෙසේ වෙතත් මළගෙදර කටයුතු අවසන් වුණායින් පස්සේ තරංගව සැක පිට අත්අඩංගුවට ගත්ත නිලධාරින් ඔහුගෙන් ප්‍රශ්න කිරීම පටන් ගත්තා. 
 
ඒ විදිහටයි දයාරත්නගේ ඝාතනයේ සුලමුල අනාවරණය වෙන්නේ. ඉන් අනතුරුව හෙළි වූයේ දයාරත්නගේ බිරිඳ හා තරංග අතර අනියම් සම්බන්ධයක් ඇති බවටයි. 
 
ඉනෝකාගේ ජංගම දුරකථනය වැඩිදුර පරීක්ෂා කිරීමෙනුත් ඒ පිළිබඳ මනාවට ඔප්පු වුණා. 
 
ඉනෝකා හා තරංග දෙන්නාම වලස්මුල්ලේ පදිංචිකරුවන්. මේ නිසා ඔවුන් එකිනෙකා හොඳින් අඳුනනවා. ඔහු නාවික හමුදාවේ හිඳ ඉවත් වූ අයෙක්. අවුරුදු තිස් හයක් වයසැති තරංගට දාව දරුවෙක් සිටින අතර ඒ දරුවාද ඉගෙන ගන්නේ ඉනෝකා උගන්වන පාසලේමයි. එම දරුවා අබාධිත දරුවෙකු වූ අතර එකල නාවික හමුදාවේ රියදුරෙකු ලෙස සේවය කළ තරංග හා ඉනෝකා අතර සම්බන්ධයක් ගොඩ නැගී තිබෙනවා. 
 
සමහර දිනවල ඈව ඇරලවන්නෙද තරංග විසින්. ශිෂ්‍යත්ව පන්ති පටන් ගත්ත ඉනෝකාට උදව් ලැබෙන්නෙත් තරංගගෙන්. 
 
ඒ අතරේ ඔවුන් හෝටෙල් කාමරවල අඹු සැමියන් විදිහට හැසිරුණා. ඉනෝකාට අවශ්‍ය වුණේ තමන්ගේ සැමියාගෙන් මිදිලා තරංග එක්ක අලුත් ජිවිතයක් පටන් ගන්න. කාලයක් යද්දි තරංග සිය අනියම් බිරියගේ නිවසටත් නිතර නිතර එන්න පටන් ගත්තා. 
 
ඉනෝකා අන්තිමට තීරණය කළේ තරංගව තමන් සතු කරගන්න. ඒකට නිශ්චිත සැලැස්මක් ඇයට තිබුණේ නැති වුණත් තමන්ගේ සැමියා මෙතන තියෙන ලොකුම බාධකය බව ඇය තේරුම් ගත්තා. 
 
තරංගත් ඒ දේ තේරුම් අරගෙන තමන්ගේ ළඟම හිටපු යාලුවා වුණු රංජිත්ට මේ ගැන කිව්වා. ඉනෝකා හා තමන් අතර ඇති සම්බන්ධයට සැමියා බාධකයක් බව ඔහු රංජිත්ට කිව්වා. ඉනෝකාගේ සැමියා ඉවර කරන එක තරංගගේ අදහස වුණත් මිතුරා ඒකට කැමති වුණේ නෑ. 
 
‘‘පිස්සුද බං. ඕක කරන්න එපා, උඹට ඒ ගෑනි ඕනිම නම් දෙන්නම ඇවිත් අපේ ගෙදර ඉඳපන්. ඔය වැඩේ නම් කරන්න හදන්න එපා...‘‘ 
 
ඒ අතරේ ඉනෝකාත් සැමියාට යමක් නොකර ඉන්නේ ඇයි කියලා තරංගගෙන් ප්‍රශ්න කළා. 
 
‘‘මම රංජිත්ට කිව්වා, එයා බැහැයි කියලයි කියන්නේ...‘‘ 
 
අවසානයේ පෙරැත්ත කිරීමෙන් අනතුරුව රංජිත් වැඩේට කැමති වුණා. ඉන් අනතුරුවයි ඔවුන් සියලු දෙනාම එකතු වෙලා තුවක්කුවක් සහ පතරොම් තුන හතරක් මිලදී ගන්නේ. 
 
ඒවාද රැගෙන තරංග බලංගොඩ බලා පිටත් වෙන්නේ යතුරු පැදියෙන්. දයාරත්නගේ මරණය සිදු වූ දින පුරුදු විදිහට දයාරත්න බිරිඳවත් දරුවනුත් පාසලට ඇරලුවා. 
 
‘‘මම යන්නම් පුළුවන් වුණොත් වේලාසන එන්නම්...‘‘ දයාරත්න බිරිඳට එහෙම කිව්වා. 
 
‘‘බුදු සරණයි පරිස්සමින් යන්න...‘‘ ඉනෝකා සැමියාට එහෙම කිව්වත්, ඇයට යමක් මතක් වුණා. 
 
ඒ.. අවමඟුල් උත්සවයට යන්න සුදු සාරියක් ඇඳගෙන ඒමට අමතක වුනු බව. 
 
ඒ අනුව ආපහු ගෙදරට ආපු ඇය සුදු සාරියක් ඇඳගෙන එනවා. ඉන් අනතුරුවයි නාඳුනන තුවක්කුරුවන් දයාරත්නගේ ජිවිතය බිලි ගන්නේ. 
 
පසුව සැමියා ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන් ඉනෝකා පොලිස් අත්අඩංගුවට පත් වුණා. 
 
ඇය පොලීසියට කියා සිටියේ තමන්ගේ සැමියා බොහෝ හිරිහැර කළ බවයි. 
 
කෙසේ වෙතත්, ඔවුන් ඝාතනය සඳහා භාවිතා කළා සියලු අවි ආයුධ සහ මෝටර් සයිකලයද සොයා ගැනීමට පොලීසියට හැකි වුණා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top