Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
12
අවදානමක් එක්ක අක්මාව අතේ අරගෙන කොළඹට ඇවිත් අසාධ්‍ය රෝගියාට අක්මාව බද්ධ කළ හැටි - Photos

- අවදානමක් එක්ක අක්මාව අතේ අරගෙන කොළඹට ඇවිත් අසාධ්‍ය රෝගියාට අක්මාව බද්ධ කළ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

86 Views
එක මොහොතක සිදු කරන්න නියමිත සැත්කම දෙතැනක 
 
නරක් වූ අක්මාව ඉවත් කරන්න පැය හතරක් 
 
එකම ශල්‍යාගාරයකදී මෙම අවයව හුවමාරුව කිරීම සාමාන්‍ය හා පිළිගත් පිළිවෙත වුවද මෙහිදී වෛද්‍යවරුන්ට කළ හැකි දෙයක් නොවීය. 
 
අක්මාව දන් දෙන්නා සිටියේ ගම්පොළය. ඉන් ජීවිතය ලබන්නා සිටියේ කොළඹය. 
 
වෛද්‍යවරුන් දුරකතනයෙන් කතිකා කර ගත්තේ මෙලොව හැර යන පුද්ගලයාගේ අවයවයෙන් ජීවය ලැබීමට නියමිත පුද්ගලයා කොළඹ සිටියදීම සැත්කම සඳහා සුදානම් ‍කරන ලෙසය.

ගන අඳුරෙන් වෙලා ගත් පරිසරය තැනින් තැන දැල්වෙන විදුලි බුබුලුවලින් ආලොකමත්ව පැවතිණි. හිතට දැනුණු නොසන්සුන්භාවය පසෙකලා අපි අවැසි කාරණය පෙරදැරි කොට ගම්පොළ දිසා රෝහල කරා පිය නැගුවෙමු. ඒ වෙද්දීත් වෙලාව රාත්‍රී දහයට ආසන්නය. 
 
නිහැඬියාව රජයමින් පැවති ඒ මොහොතේ අප එතැනට යද්දීත් අප තොරතුරු සොයා ගිය ඒ භාරදුර කර්තව්‍යයට අතගසා තිබිණි. 
 
නිසලව නිහඬව වැතිර සිටි ඔහු තවත් තප්පර කිහිපයකින් මෙලොව හැර යෑමට සුදානම්ව සිටියේය. වෛද්‍යවරු ඔහු පිරිවරා සිටියහ. ඔහුට තව දුරටත් ජිවත් වීමට නොහැකි බව වෛද්‍ය නිගමනය වී තිබිණි. 
 
එහෙයින් ජීවිතය යදින තවත් අයට තම අවයවයන්ගෙන් ජීවිතය දිය හැකි නිසා ඔහු සිටියේ සිය අවයව දන්දී මෙලොවින් සමුගැන්මේ සුදානමිනි. මොළය මියගිය ඒ පුද්ගලයා මෙලොවින් සමුගනිද්දී ඔහුගේ අක්මාව ජීවිතය යදින තවත් පුද්ගලයකු වෙනුවෙන් සූදානම් වෙමින් පැවතිණි. 
 
වෛද්‍යවරුන් ලහිලහියේ ලක ලැහැස්ති වෙමින් සිටියේ ඒ සඳහාය. එහෙත් ගම්පොළ රෝහලේ රෝගියාගෙන් වෙන්කර ගත් අක්මාවට ගැළපෙන පුද්ගලයකු ඔහු උපන් නුවර ප්‍රදේශයෙන් සොයා ගැනීමට නොහැකි විය. ඒ මොහොතේ එම අක්මාවට ගැළපෙන රෝගියා සිටියේ ගම්පොළ සිට කිලෝ මීටර් එකසිය තිහකට එහා දුරකින්වු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්ය. 
 
ගම්පොළින් අක්මාව ලැබෙනතුරු ඔහු හා ඥාතීන් බලා සිටියේ බලාපොරොත්තු ගොන්නක් එක් කර ගනිමිනි. එකම ශල්‍යාගාරයක් තුළදී මෙම හුවමාරුව කිරීම සාමාන්‍ය හා පිළිගත් පිළිවෙත වුවද මෙහිදී වෛද්‍යවරුන්ට කළ හැකි දෙයක් නොවීය. 
 
අක්මාව දන් දෙන්නා සිටියේ ගම්පොළය. ඉන් ජීවිතය ලබන්නා සිටියේ කොළඹය. මෙනිසා වෛද්‍යවරුන් දුරකතනයෙන් කතිකා කර ගත්තේ මෙලොව හැර යන පුද්ගලයාගෙන් ජීවය ලැබීමට නියමිත පුද්ගලයා කොළඹ සිටියදීම සැත්කම සඳහා සුදානම්‍කරන ලෙසය. 
 
ඒ අනුව ගම්පොළ දිසා රෝහලේදි අක්මාව දන් දෙන්නාගේ ශරීරය සැත්කම සඳහා විවර වන මොහොතේම කොළඹ ජාතික රෝහලේ සිටි ඔහුගේද ශරීර කූඩුව විවර කිරීම ආරම්භ විය. රෝහල් දෙකේදී එකම වේලාවක ආරම්භ කෙරුණු මෙම සැත්කම් දෙකෙන් එක් අයෙක් අනෙකෙකු හට ජීවය ලබා දී සදහටම මෙලොවින් සමුගත්තේය. 
 
ගම්පොළ දිසා රෝහලේදී ගලවා ගත් අක්මාව රැගත් වෛද්‍ය කණ්ඩායම ගම්පොළින් කොළඹ ඒමට පිටත් වූයේ අලුයම තුනට පමණය. ඒ වෙද්දී ඉන් ජීවය ලබන්නට බලාපොරොත්තුවෙන් කොළඹ රෝහලේ රෝගියා සිය ශරීර කුඩුව විවර කරගෙන මඟ බලා සිටියේය. 
 
කොළ­ඹට ළඟාවූ වෛද්‍ය කණ්ඩායම පැය කිහිපයක සැත්කමකින් පසු ගම්පොළ සිට රැගෙන ආ අක්මාවෙන් ඔහුට යළි ජීවය දුන්නේය. ඒ අතරේ ගම්පොළ රෝගියාගේ වකුගඩු දෙක රෝගීව ජීවිතය අවදානමේ සිටින තවත් දෙදෙනෙකු සඳහා මහනුවර මහ රෝහලට ගෙන එනු ලැබීය. 
 
මෙලෙස සිදුවූ ඒ උතුම් පුණ්‍ය ක්‍රියාව සහ ඉතා දුෂ්කර කර්තව්‍යයකින් පසු සැත්කම සාර්ථක කරගත් අන්දම පිටුපස ඇති කතාව ඊට සහභාගිවූවන්ගෙන් අපි අසා දැනගත්තෙමු. ගම්පොළ ප්‍රදේශයේ ජීවත් වූ ඔහු අපි ජයන්ත ලෙසින් හඳුන්වමු. (ඔහුගේ සැබෑ නම නොවේ) ඔහුට කලක සිටම වරින්වර සිහිමූර්ජාවීම සිදුව තිබේ. හතළිස් දෙහැවිරිදි වියේ පසුවූ ජයන්ත කලක සිටම ඒ සඳහා ගම්පොළ දිසා රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටියේය. එසේ තිබියදී පසුගිය සතියේ ඔහු හදිසියේම ගම්පොළ දිසා රෝහලට ඇතුළත් කළේ අසනීප තත්ත්වය උත්සන්න වීම හේතුවෙනි. 
 
ඔහුගේ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය වෙද්දී ගම්පොළ ‍දිසා රෝහලේ විශේෂඥ වෛද්‍ය කපිල ද අල්විස් මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම මෙම රෝගියා බේරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක නියැළිණි. නමුදු ඉන් ඵලක් නොවීය. ජයන්තගේ මොළය මියගොස් ඇති බව වෛද්‍ය නිගමනය විය. ඒ පිළිබඳ පවුලේ ඥාතීන් දැනුම්වත් කරනු ලැබිණි. තම පුතා, ඥාතියා, හිතවතා වෙනුවෙන් ඔවුන්ට ද තවත් කළ හැකි දෙයක් නොවීය. 
 
අසා ඇති තොරතුරු සහ දැනීම අනුව තවදුරටත් ජිවත් කළ නොහැකි ජයන්තගේ අවයව දන් දීමට ඥාතිහු කැමැත්ත පළ කළහ. මහනුවර රෝහලේ අවයව බද්ධ කිරිමේ ඒකකයට ගම්පොළ දිසා රෝහල මගින් මේ බව දැනුම් දෙනු ලැබිය. 
 
මෙවැනි අවයව ලැබීම සිදුවන්නේ ක්ෂණිකවය. එනිසා පවතින වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගැනීමේදි ජයන්තගේ රුධිර ඝනයට ගැළපෙන රෝගී දත්ත මහනුවර රෝහලේ දත්ත අතරේ නොවීය. අක්මා අකර්මණ්‍ය බොහෝ දෙනෙකු සිටියද ඔවුන්ගේ රුධිර ඝන ජයන්තගේ රුධිරය හා නොගැළපුණි. එම නිසා අනෙකුත් තොරතුරු සැලකිල්ලට ගැනීමේදි ඔහුගේ රුධිර ඝනයට ගැළපෙන අක්මා අකර්මණ්‍යතාවෙන් ජීවිත අවදානමේ සිටි රෝගියෙකු කොළඹ ජාතික රෝහලේ සිටින බව දැනගන්නට ලැබිණි. 
 
මෙම අක්මාව අකර්මණ්‍ය රෝගියා හතළිස් පස් හැවිරිදිය. කඩවත ප්‍රදේශයේ පුද්ගලයකු වන ඔහු අක්මා රෝගී තත්ත්වයක් හේතුවෙන් දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබමින් සිටියේය. අවසානයේ ඔහුගේ අක්මාව අකර්මණ්‍ය තත්ත්වයට පත්විය. ඔහුට අක්මාවක් බද්ධ කරනවා විනා ඉන් එහාට ප්‍රතිකාරයක් නොවීය. මේ වෙද්දී ඔහු පසුවූයේ ජීවිතයත් මරණයත් අතර සටනකය. අක්මාවක් ලැබීමේ පුවත කන වැකුණු වහා ඔහු ද ඥාතිහු ද දැඩි සතුටට පත් වුහ. 
 
ඒ සදහා කැමැත්ත පළ කළහ. අනේක වාරයක් පින් දුන්හ. වෛද්‍යවරුන් නිරතුරුවම බලන්නේ තව කෙනෙකුගේ ජිවිතය ගැනය. ජිවිතයක් ගොඩගැනීමෙහිලා ඕනෑම දෙයක් කිරීමට නියම වෛද්‍යවරයාට ඇත්තේ දැඩි වුවමනාවකි. ඒ අනුව ඔවුහු කෙසේ හෝ මෙම කටයුත්ත කිරීමට කතිකා කර ගත්හ. 
 
මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ඒ පිළිබඳ අප හා මෙසේ පැවසීය. 
 
“මෙම මොළය මියගිය රෝගියා පිළිබඳ ගම්පොළින් අප දැනුම්වත් කළා. අපි බලන්නේ කොහොම හරි අපට පුළුවන් උපරිම දේ කරන්නයි. අපේ වෛද්‍යවරුන් දිවා රාත්‍රී නැතිව ඒ වෙනුවෙන් කැපවෙනවා. මට ඔවුන් ගැන තිබෙන්නේ ලොකු විශ්වාසයක්. අපේ රෝහලෙත් දැනට මාස දෙකකට පමණ පෙර ප්‍රථම අක්මා බද්ධය සිදු කළා. දැනට මාසයකට පෙර දෙවන අක්මා බද්ධයද සිදු කළා. දෙකම අති සාර්ථක වුණා. අපේ සැත්කම් පිළිබඳ අපට වගකීමක් සහ විශ්වාසයක් තියෙනවා. ඒ රෝගීන් දැන් සුවෙන් සිටිනවා. ඒ අනුව මේ කටයුත්ත සඳහා ද අවශ්‍ය සියලු දේ සූදානම් කරන්න කිව්වා. මේ කාර්ය සාර්ථකව සිදුවීම ගැන අපට ඇත්තේ විශාල සතුටක්.” 
 
එතැන් පටන් මේ කර්තව්‍යය සිදු කළ අන්දම අපට විස්තර කළේ මහනුවර රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකයේ සම්බන්ධිකාරක වෛද්‍ය අරුණ අබේසිංහ මහතාය. 
 
“මොළය මිය ගිය තරුණයෙකු සිටින බව අපට ගම්පොළ දිසා රෝහලෙන් දැනුම් දුන්නා. අපි ඒ ගමන්ම ක්‍රියාත්මක වුණා. අවශ්‍ය අංශ දැනුවත් කළා. රෝගියා සිටි ගම්පොළ දිසා රෝහලේ අවයව ගැනීමට අවශ්‍ය පහසුකම් නෑ. මහනුවර මහ රෝහලෙන් අවශ්‍ය සියලුම උපකරණ සුදානම් කෙරුණා. අපේ රෝහල් අධ්‍යක්ෂවරයාත් ගම්පොළ රෝහල් අධ්‍යක්ෂවරයාත් නොමද සහායක් ලබා දුන්නා. අවයව බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ වෛද්‍ය චරිත වීරසිංහ මහතා මේ සැත්කම කිරීමට සූදානම් වුණා. උපකරණ සියල්ලත් අරන් අපි ගම්පොළ රෝහළට ගොස් රාත්‍රි දහය පමණ වන විට සැත්කම ආරම්භ කළා. 
 
රෝගියෙකුගෙන් නරක්වූ අක්මාව ඉවත් කිරිමටත් පැය හතරක් විතර යනවා. සාමාන්‍යයයෙන් මෙම ඉවත් කිරීමේ සැත්කම සහ බද්ධ කිරිමේ සැත්කම එකම ශල්‍යාගාරයක සිදු කළ යුතුයි. ඒ අවස්ථාව මෙහිදී අපට තිබුණේ නැ. ඒත් අපි එම අභියෝගය බාර ගත්තා. අපි කොළඹ ජාතික රෝහලේ සිටිය රෝගියා සූදානම් කරන්ට කිවා. සියලු විස්තර හුවමාරු කර ගත්තා. විශේෂඥ වෛද්‍ය චරිත විරසිංහ මහතා අවයව ඉවත් කිරීමේ සැත්කම කළා. ඒ මොහොතේම කොළඹ ජාතික රෝහලේ රෝගියාගේ නරක් වූ අක්මාව ඉවත් කිරීමත් සිදු වුණා. පාන්දර එකට පමණ ගම්පොළින් ඉවත් කළ අක්මාව ඉතා සුරක්ෂිතව රැගෙන කොළඹ ගියා. ඒ යන විටත් කොළඹ රෝගියාට සැත්කම සඳහා සියල්ල සුදානම් කර තිබුණා. අනුරාධපුර රෝහලේ අවයව බද්ධකිරිමේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ජොයෙල් අරුඩ්චෙල්වම් මහතා රාත්‍රී නොබලාම කොළඹට ඇවිත් කොළඹ ජාතික රෝහලේදි රෝගියාට අවයව බද්ධ කිරිමේ සැත්කම සාර්ථකව සිදු කළා. 
 
වකුගඩු දෙක මහනුවර රෝහලේදි වකුගඩු අකර්මණ්‍ය රෝගීන් දෙදෙනෙකුට බද්ධ කළා. විසිතුන් හැවිරිදි තරුණියකට සහ හතළිස් පස් හැවිරිදි පුද්ගලයෙකුට. විශේෂඥ වෛද්‍ය චරිත වීරසිංහ මහතා සහ හරිස්චන්ද්‍ර මහතා ඒ සැත්කම් දෙක සිදු කළා. අක්මාව සහ වකුගඩු බද්ධයට භාජනය වුණු තිදෙනාම සුවෙන් සිටිනවා. මේ සඳහා මහනුවර ගම්පොළ කොළඹ ජාතික රෝහල යන රෝහල් තුනේම අය දැඩි එකමුතු කමිකින් මේ කටයුත්ත කළේ”. 
 
කෙනකු මියගියද ඔහුගේ අවයවයකින් තවත් කෙනකු ජීවත් කරවීම යනු මේ මිහිපිට සිදුවිය හැකි ඉතා උතුම්ම වූ මිනිසත්කමේ මහිමයයි. 
 
එහෙත් එයද දෛවෝපගතව සිදුවන්නකි. මන්ද යත් එලෙස ලැබෙන අවයවවල ගැළපීමක් තිබිය යුතුය. බද්ධ කිරීම් සිදු කළ හැකි වන්නේ එසේ ගැළපුණහොත් පමණක් නිසාය. ගම්පොළ තරුණයාගේ අක්මාවට ගැළපෙන අයෙකු සිටියේ ගව් ගණනක දුරකිනි. 
 
වෛද්‍යවරු රෑ පහන් වෙද්දී ඔහු සොයා ගොස් මරණය වළක්වා ඔහුට ජීවය ලබා දුන්හ. 
 
මීට දායකත්වය සපයන අවයව ප්‍රදානය කරන්නා, ඔහු සිහිසුන්ව සිටියදී ඔහුට පවසන්ට බැරි දේ පවසන ඥාතිහු, වෛද්‍යවරු ඇතුළු මීට සම්බන්ධවන සියල්ලෝම කෙනෙකුට යළි ජීවයක් ලබා දෙන මේ මහඟු පුණ්‍ය කර්මයේ කොටස් කරුවෝ වන්නාහ. 
 
ඉන්ද්‍රාණි තෝරදෙනිය 
ඡායාරූප - රුවන් මීගම්මන


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top