Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
රූමත් දියණිය දූෂණය කර පහරදී මවට අමානුෂික වද හිංසා කොට මරා දැමු අඹු සැමි යුවළකට වසර 20කට පසු ලැබුණු තීන්දුව

- රූමත් දියණිය දූෂණය කර පහරදී මවට අමානුෂික වද හිංසා කොට මරා දැමු අඹු සැමි යුවළකට වසර 20කට පසු ලැබුණු තීන්දුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,618 Views
නිවසේ බාල්කයේ එල්ලා පහර දීලා 
 
දැරියගේ ශරීරය පුළුස්සා, උණු ජලය වක් කරලා 
 
කාන්තාවක් ඝාතනය කොට ඇගේ 13 හැවිරිදි දියණියටද පහර දී දූෂණය කළ අඹු සැමි යුවළක් ඇතුළු තවත් දෙදෙනෙකුට හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා විසින් පසුගිය 30 වන දින දඬුවම නියම කළා. 
 
වසර 20ක් තිස්සෙ විභාග වෙමින් පැවති මේ නඩුවට අදාළ අපරාධය සිදුව තිබුණේ 1998 ජුනි මාසයේ දිනයකදි. කෝරළගේ හීන් මැණිකේ නැමැති කාන්තාව සිය 13 හැවිරිදි දියණියත් සමඟ ඒ වන විට ජිවත් වූයේ මාලබේ සතිපොළ භුමියේ පැරුණි බස් නැවතුම් පොළක. 
 
යාචක වෘත්තියෙන් දිවි ගෙවමින් තම දියණිය හදා වඩා ගනිමින් ඇය ගත කළේ අතිශය දුෂ්කර ජිවිතයක්. දියණිය ප්‍රියමනාප පෙනුමකින් යුක්ත වුණා.

කාලයක් ගත වෙද්දි මාලබේ පොදු වෙළඳසැලේ ව්‍යාපාරික ආයතනයක් පවත්වාගෙන ගිය අඹුසැමි යුවළක් මොවුන් දෙදෙනා එක්ක හිතවත් වෙනවා. 
 
ඒ අනුව ඔවුන් කළේ තලාහේනේ පිහිටි සිය නිවසේ මෙහෙකාරකමට දියණිය රැගෙන ඒමයි. 
 
එතැන් පටන් තම දියණිය රැකබලා ගැනීම පිණිස ඒ යාචක අම්මා මේ නිවසට නිතර ඇවිත් ගියා. කාලය ගත වෙද්දි හොඳින් වැඩුණු රූමත් දියණියට මේ නිවසේ හිමිකරු (ව්‍යාපාරිකයා) වරින් වර දැරිය දූෂණය කරන්න පටන් අරන් තිබුණා. 
 
දූෂණයට ලක් කිරීමෙන් පස්සේ මේ ව්‍යාපාරික යුවළ විසින් බොරු චෝදනාවක් එල්ල කර මවටත් දියණියටත් අමානුෂික ලෙස පහර දී තිබුණේ හේතුවක් නැතුවමයි. සිය නිවසේ තිබූ රුපියල් එක්දහස් පන්සීයක මුදලක් සොරකම් කර ඇති බවත්, එක්තරා දවසක නිවසේ වතුර නලයට වස දැමූ බවත්, මවටත් දියණියටත් එරෙහිව එල්ල කළ චෝදනාවන් වුණා. 
 
මවටත් දියණියටත් අමානුෂික ලෙසින් පහර දී දෙපාවලින් ගැට ගසා නිවසේ බාල්කයක එල්ලා දැඩි ලෙස පහර දුන් ගෙහිමි යුවළ තවත් පුද්ගලයින් දෙදෙනෙකුත් ඒ සඳහා හවුල් කරගත්තා. 
 
ඔවුන්ව ගැට ගැසීම සඳහා ලණුවක් රැගෙනවිත් ඇත්තේ තුන්වැනි විත්තිකරු විසින්. 
 
මෙලෙස අමානුෂික ලෙස පහර දෙමින් විදුලි මීටරයකින් පුලුස්සමින් ඒ තුවාලවලට උණු ජලය වත්කොට දැරීමට නොහැකි වද වේදනාවන්ට ලක් කොට තිබුණේ හොර රහසේ නිවස තුළ රඳවා තබාගෙනයි. 
 
එලෙස අමානුෂික ලෙස පහරදීම් අතරතුර කාන්තාව බිම වැටුණු අතර එළියට ඇදගෙන ගොස් සිරුර බිම දැමුවේ නිවෙස් හිමි කාන්තාව විසින් බව හෙළි වුණා. 
 
ඒ වන විටත් යාචක කාන්තාව මිය ගොස් තිබුණා. ඉන්පසු ඔවුන් සියලු දෙනාම එක්ව මිය ගිය කාන්තාවගේ සිරුරේ කි.ග්‍රෑ. 15ක පමණ ගලක් තබා බැඳ පොහොර උරයකට දමා රැගෙන ගොස් මුල්ලේරියාව ප්‍රදේශයේ ජලාශයකට මුදා හැර තිබෙනවා. 
 
බාල වයස්කාර දැරියටද අමානුෂික අන්දමින් පහර දී තිබුණු අතර ඇගේ මුහුණ ඇතුළු ස්ථාන 16ක පිළිස්සුම් තුවාල ඇති කොට උණුවතුර වක් කොට ඔරොත්තු නොදෙන තරමේ බිහිසුණු ක්‍රියාවක් සිදු කර තිබියදි විත්තිකරුවන්ට ලිහිල් දඬුවම් දීම සුදුසු නොවන බව අධිකරණයේ විනිසුරුවරයා පවසා තිබුණා. 
 
නඩු තීන්දුව අවසානයේදි තලංගම පොලිසියට ද විනිසුරුවරයා විශේෂ ස්තුතියක් පළ කර තිබුණේ එදා මේ නඩුව හරි ආකාරව ක්‍රියාත්මක කිරීම ගැන ප්‍රශංසා කරමින්. 
 
එදා මියගිය තැනැත්තියගේ දේහය මතුපිටට පැමිණ තිබීමත් සමඟ ප්‍රදේශවාසීන් විසින් ඒ බව මුල්ලේරියාව පොලිසියට දැනුම් දීමට පියවර ගත්තා. ඒ අනුවයි සැකකාර අඹුසැමි යුවළ ඇතුළු සියලු දෙනාවම අත්අඩංගුවට ගත් පොලීසිය ඔවුන්ව අධිකරණය හමුවට රැගෙන ගොස් තිබෙන්නේ. 
 
මෙලෙස දඬුවම් හිමිවූයේ කලාහේන, සමනල මාවත පදිංචිකරුවන් වූ මාලබේ පොදු වෙළසැලේ කුකුල් මස් වෙළඳසැලක් පවත්වාගෙන යන මාතර කුලසූරියගේ විජිත ප්‍රේමලාල්, ප්‍රියංගා ශ්‍යාමලී, යන යුවළ හා චමින්ද පෙරේරා නොහොත් ලොක්කා හා මංජුල වසන්ත යන අයයි. 
 
ගොඩට ගත් තම මවගේ සිරුර හඳුනා ගෙන ඇත්තේ දියණිය විසින්. ඒ ඈ අත පැළඳි යමකින් බවද සඳහන්. 
 
අඹුසැමි යුවළ පදිංචි නිවසේ වැසිකිළි කාමරයේ දියණියව අගුළුලා තිබුණු අතර පොලීසිය ඇයව මුදවාගෙන තිබෙනවා. 
 
විනිසුරුවරයා විසින් මියගිය කාන්තාවගේ දියණියට ලක්ෂය බැගින් වන්දි ගෙවන ලෙසද නියෝග කර තිබුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  42 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  411 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  406 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  729 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,949 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  480 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  791 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  589 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  478 Downloads



Top 10 Commenters

Latest Comments

Top