Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
"මාවයි ළමයි දෙන්නවයි තනි කරලා එයා අනියම් පෙම්වතා එක්ක ගියා" බිරිඳව සාහසික ලෙස ඝාතනය කළ සැමියාගේ කෙරුවාව වසර 37කට පසු එළියට - Photos

- "මාවයි ළමයි දෙන්නවයි තනි කරලා එයා අනියම් පෙම්වතා එක්ක ගියා" බිරිඳව සාහසික ලෙස ඝාතනය කළ සැමියාගේ කෙරුවාව වසර 37කට පසු එළියට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,747 Views
නරක් වුණ මළසිරුර තිබුණේ බිත්ති රාක්කයක රඳවලා 
 
ඝාතකයා හොයන්න උදව් වෙන්නේ චුයින්ගම් එකක් 
 
විසි හතර වියේ පසුවන නොවා වොල්ෂ් දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඔස්මන්ඩ් බෙල් කියන්නේ ඇගේ සැමියා. 
 
ඒත් ඔවුන් දෙදෙනා ප්‍රිතීමත් ජිවිතයක් ගත කළේ නම් නෑ. ඒකට හේතුව දෙන්නා අතරේ නිතරම අඬ දබර ඇති වීමයි. මේ අතරේ තමයි නොවා හිටි හැටියේ අතුරුදහන් වෙන්නේ. අසල්වැසියෙක් කියන විදිහට ඇය අවසන් වරට ජිවතුන් අතර ඉඳලා තියෙන්නේ ජූලි 26 වැනිදා. 
 
ඒ දවසෙත් ඇය කා එක්ක හරි අඬ දබර වෙලා හඬා වැටුණු හඬකුත් අසල්වැසියාට ඇහිලා තියනවා.

නොවාගේ අතුරුදහන් වීම ගැන තමන් කිසිම දෙයක් නොදන්නවා කියලයි ඇගේ සැමියා නම් කියන්නේ. 
 
ඒත් ඔහු කියපු තවත් බරපතල කාරණාවක් තිබුණා. නොවාට වෙනත් සම්බන්ධයක් තිබුණු බවත්, ඒ නිසාම නිතර රංඩු සරුවල් ඇතිවුණා කියලත් ඔහු විසින් පොලීසියට කියා තිබුණා. 
 
ඒ නිසා සැමියාගේ නිගමනය වුණේ, අනියම් පෙම්වතා එක්ක තමන්ගේ බිරිඳ ඇමරිකාවට පලා යන්නට ඇති කියලයි. 
 
නොවාගේ අතුරුදහන් වීමෙන් සති තුනකට පස්සේ එංගලන්තයේ බර්මිං හෑම් නගරයට නුදුරු ලයිට් හෝන් මාවතේ පිහිටි නිවෙසකින් දුර්ගන්ධයක් හමන බව අසල්වැසියන් විසින් පොලීසියට පැමිණිලි කිරීමත් සමඟම ඒ පිළිබඳව සොයා බැලු පොලීසිය බිත්ති රාක්කයක රඳවා තිබු නෙවා වොල්ෂ්ගේ මළ සිරුර සොයා ගත්තා. 
 
ඒ වෙනකොටත් මළසිරුර හොඳටම නරක් වෙලා. විශාල දුර්ගන්ධයක් හමමිනුයි තිබුණේ. 
 
ඝාතකයා ගෙල සිරකොට ඈව මරා බිත්ති රාක්කය තුළට දමා දොර වසා එය විවෘත කිරීමට නොහැකි වෙන්න පාවිච්චි කරලා තිබුණේ චුයින්ගම් (බබල්ගම්) එකක්. 
 
නොවාගේ මරණය ගැන පරීක්ෂණ ආරම්භ කරපු පොලීසියට මුල්ම සැකය ඇතිවුණේ ඇගේ සැමියා ගැනයි. ඒකට ආසන්නම හේතුව වුණේ ඔවුන් අතර බහින්බස් වීමක් හා ගුටිබැට හුවමාරුවක් සිද්ධ වුණා කියලා අසල්වාසීන් කියපු දේ. 
 
ඒත් සැමියා කියන්නෙ වෙනමම කතාවක්. ඔහු කියන විදිහට දරුවන් දෙදෙනා තමන් ළඟ නවත්වලා ඈ තමන්ගේ අනියම් පෙම්වතා හා මිතුරන් එක්ව රාත්‍රී සමාජ ශාලාවකට ගිය බව තමයි ඔස්මන්ඩ් (ඇගේ සැමියා) දිගින් දිගටම කිව්වේ. 
 
පොලීසියට සාක්ෂි හොයාගන්න අපහසු අවස්ථාවකදී නිර්නාමික ලිපියකින් තවත් තොරතුරු ලැබුණා. 
 
ඒකෙන් කියවුණේ ඇගේ ඝාතනය සොයාගන්න දින දෙක තුනකට කලින් කුස්සියෙදි ඈ කා එක්ක හෝ බහින්බස් වීමක් ඇති කරගත්තා කියලයි. කොහොම වුණත් පොලීසිය ඇගේ සැමියා සැක කළාට, අවශ්‍ය සාක්ෂි හොයාගන්න බැරිවුණා. 
 
ඒ නිසාම ඔස්මන්ඩ් තමන්ගේ කටයුතු නිදහසේ කරගෙන ගියා. 
 
ඇත්තටම ඔහු ඒ ඝාතනයට වග කිව යුත්තෙක් වුණේම නැහැ. කාලය ඔය විදිහට ගෙවිලා ගිහින් තාක්ෂණයට පින්සිද්ධ වෙන්න මේ මරණයේ පරීක්ෂණ කටයුතු ආයෙමත් පටන් ගත්තා. ඒ වසර 37කට පස්සේ.
 
ඒ අනුව තමයි ඩීඑන්ඒ තාක්ෂණය යොදාගෙන ඔස්මන්ඩ්ගේ චුයින්ගම් එක පරීක්ෂා කරන්න පටන් ගන්නේ. 
 
චුයින්ගම් එක අලවන්න යොදාගත් කෙළ සහ ඔස්මන්ඩ්ගේ කෙළවල ඩීඑන්ඒ ගැළපුණා. 
 
අවසානයේ බිරිඳගේ මරණය සම්බන්ධව ඔස්මන්ඩ්ව අත්අඩංගුවට ගැණුනා. 
 
නොවා වෙන අයෙකු සමඟ සම්බන්ධයක් ඇති කරගෙන සිටීම බලා හිඳිමට නොහැකි වූ තැන ඔහු විසින් ඇගේ ගෙල මිරිකා ඝාතනය කර ඇති බව හෙළි වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  38 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  411 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  729 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,947 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  480 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  791 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  587 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  478 Downloads



Top 10 Commenters

Latest Comments

Top