Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
"දිගටම මම රගපෑවා නම් අද වෙනකොට මගේ පවුල් ජීවිතෙත් අවුල් වෙලා.." - කලකට පසුව වසන්ති ගුණරත්න කියයි - Photos

- "දිගටම මම රගපෑවා නම් අද වෙනකොට මගේ පවුල් ජීවිතෙත් අවුල් වෙලා.." - කලකට පසුව වසන්ති ගුණරත්න කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,599 Views
"අද ඉන්න කලාකරුවෝ කුලිකාරයෝ වගේ දවසේ පඩිය ගන්නේ.."

"දවසක් මගේ ලගට ඇවිත් මුහුණටම බැනගෙන බැනගෙන ගියා.."

තරු සලකුණු කියන්නේ නිර්මාණවලින් දැක්කත් නොදැක්කත් හැමදාම එක සේ ජනප්‍රියත්වයේ රැදීම. වසන්ති ගුණරත්න කියන්නෙත් එහෙම තරුසලකුණක්. සම්පුර්ණයෙන්ම කලාවෙන් ඈත් වූ වසන්ති වර්ෂ 14කින් නිර්මාණයකින් දැක නැහැ. නමුත් ඇයගේ නම ඇසූ පමණින් මෙන්ම රුව දුටු පමණින් ඒ කවුද කියා හදුනා ගන්න පුළුවන්කමක් තිබෙනවා. කලකට පසුව ඇය ගැන ඇය කතා කරන්නේ මෙහෙමයි.

වසන්ති කොහොමද තොරතුරු..?
හොදින් සතුටින් ජිවත් වෙනවා. පවුලේ වැඩ හා ව්‍යාපාර එක්ක කාර්යබහුල වෙලා කිව්වොත් හරි.

වසන්ති ගුණරත්න කියන්නේ රංගන ශිල්පිණියක් බව බොහෝ දෙනෙක් දන්නවා. නමුත් මේ රංගන ශිල්පිණියව වර්ෂ 14 කින් නිර්මාණවලින් දකින්න ලැබෙන්නේ නැහැ එහෙම නේද..?
ඔව්. මම අවුරුදු 14 කින් කිසිම නිර්මාණයකට කලාකටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ. සම්පුර්ණයෙන්ම කලාවෙන් අයින් වෙලා ඉන්නේ. අන්තිමට නිර්මාණයකට සම්බන්ධ වුණේ 2004 වර්ෂයේ. ඒ ලංකාවේ ප්‍රථම මෙගා නාට්‍යට. එහි චරිතය ඉතා ජනප්‍රිය වුණා. ඒත් එක්කම මම කලාවෙන් ඉවත් වුණා.

එයට විවාහ ජීවිතයත් හේතුවක් වුණාද..?
මම කලාවට මුලින්ම සම්බන්ධ වුණේ 99 අවුරුද්දේ. ඉතාම කෙටි කාලයක් තමයි නිර්මාණ සදහා එකතු වුණේ. අවුරුදු හතරක් පහක් වගේ. ඒ කාලය තුල ටෙලි නාට්‍ය 15ක් චිත්‍රපටි හතරක් හා වෙළෙද දැන්වීම් තිහකට වගේ සම්බන්ධ වුණා. සමහර වෙලාවට ඒ චිත්‍රපටි යලි විකාශය වෙනවා. මම වෙළෙද දැන්වීම් නිසාත් අතිශය ජනප්‍රිය වුණා. ඔය ජනප්‍රියත්වයත් එක්කම මම විවාහ වෙනවා. 2000 වර්ෂයේ. විවාහ වුණාට පස්සෙත් ටික කාලයක්  නිර්මාණවලට සම්බන්ධ වුණා සැමියාගේ අවසරය ඇතිව. ඊට පස්සේ සීමා එක්ක තමයි රගපාන්නේ. ඒත් එක්කම ව්‍යාපාර එක්ක කාර්යබහුල වෙනවා. පසුව මම තීරණය කළා කලාවෙන් ඉවත් වෙලා පවුල් ජිවිතයට හා ව්‍යාපාරවලට මුල්තැන දෙන්න. විවාහයත් ඒකට එක හේතුවක් තමයි.

අතිශය ජනප්‍රිය වුනු කාලවකවානුවේම විවාහ නොවී කලාවට මුල් තැන දුන්නා නම් හොදයි කියලා දැන් හිතෙන්නේ නැද්ද..පසුතැවීමක් නැහැ කිව්වොත් ඒක බොරුවක් නේද..?
මම කිසිම විදිහකට පසුතැවෙන්නේ නැහැ. දුකකුත් නැහැ අදටත් කලාවට සම්බන්ධ වෙලා හිටියා නම් කියලා. සමහර විට මම කලාවට සම්බන්ධ වෙලා හිටියා නම් ජනතාවටත් දැකලාම එපා වෙන්න තිබුනා. නිසිකලට නිසි දේ වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි වාසනාව තියෙන්න ඕන කලාව පිහිටන්න ඕන. මට ඒ දෙකමත් තිබුනා. වෙලාවට විවාහ වුනා. දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවයි පුතයි. සැමියා කොහොමත් කැමති නැහැ මම රගපානවට ඒ නිසා අද මම සතුටින් පවුල් ජීවිතය විදිනවා.

කලාවටම සම්බධ කෙනෙක් එක්ක විවාහ වුනා නම් අදටත්  ඔබව දකින්න ලැබෙයි නේද..?
ඒක කියන්න බැහැ. විවාහ වුණාට පස්සේ විවාහ ජිවිතේ ගැන වගකීමක් තියෙනවා. කලාවට සම්බන්ධ කෙනෙක් එක්ක විවාහ වුනා නම් එහි ඇතුලාන්තය ඔහු දන්නවා. ඒ නිසා රංගනයට නිදහසක් ලැබෙයි. කලාවේ ඇතුලාන්තය නොදන්නා කෙනෙක් ප්‍රචාරය වෙලා තියෙන දේවල් එක්ක ඉන්නේ වැරදි මතයක. කලාව ඇතුලාන්තය හොද නැහැ කියලයි හිතන්නේ. නමුත් මම නම් කලාව සුන්දර දෙයක් හැටියටයි දකින්නේ.

ජනප්‍රියත්වය පිටුපස හබා යන බොහෝ තරු විවාහ වුණාට පස්සේ ඉක්මනින්ම දික්කසාද වෙනවා. එහෙම නැතිනම් වෙනත් සම්බන්ධතා පවත්වාගෙන යනවා කියලා කතා පැතිරෙනවා. මේ පසුබිම ගැන ඔබට අද  මොකද හිතන්නේ..?
මම අදටත් කලාව එක්ක සම්බන්ධ වෙලා හිටියා නම් එක්කෝ මම විවාහ නොවී ඉන්න තිබ්බා.නැත්තම් පවුල් ජිවිතේ දෙකඩ වෙලා ඇති. මොකද කාර්යබහුලකම එක්ක එහෙම වෙනවා අපි අහලා තියෙනවා. දකිනවා. ඒ වගේම තමයි හතු පිපෙනවා වගේ නළු නිලියෝ බිහිවෙනවා. අද ඉන්න අය නෙමෙයි හෙට දකින්නේ. කවුද ඉන්නේ කියලා අපි දන්නෙත් නැහැ. අනික කලාකරුවෝ කුලිකාරයෝ වගේ වෙලා. දවසේ ගාණ අරගෙන හවසට ගෙදර යන්නේ. මේවගේ වාතාවරණයක් එදා කලාව තුල මම දැක්කේ නැහැ. මේ හැම දෙයක් එක්කම අද මම කලාව තුල නැති එක ගැන සතුටු වෙනවා. මගේ පවුල් ජීවිතෙත් සාර්ථකයි.

නිර්මාණවලට දැන් ආරාධනා ලැබෙන්නේ නැද්ද..? රසිකයින් එදා වගේම අදටත් ඔබව හදුනා ගන්නවද , ඒ ගැනත් මතක් කරමු..?
මගේ නමට වඩා මගේ කටහඩ ඇහෙද්දී පවා හදුනා ගන්න අය ඉන්නවා. මගේ කටහඩ ඇහිලා පිටිපස්ස හැරිලා බලලා හිනා වෙන කතා කරන අය ප්‍රතිචාර දක්වන අය අදටත් මට මුණගැහෙනවා. අඩු තරමින් කොහේ හරි දැකලා තියෙනවා කියලා හරි කියන්න කෙනෙක් ඉන්නවා. ඒගැන ඇත්තටම සතුටුයි. එදාට සාපේක්ෂව අද ප්‍රතිචාර අඩු වුණත් ලැබෙන ප්‍රතිචාර මට නම් හොදටම ඇති. අදටත් නිර්මාණවලට කතා කරන නිර්මාණකරුවන් ඉන්නවා. ඒ කාලේ එක්තරා නාට්‍යක චරිතයක් නිසා මම ප්‍රේක්ෂකයින්ගෙන් බැණුම් අහලත් තියෙනවා. දවසක් මගේ ලගට ඇවිත් මුහුණටම බැනගෙන බැනගෙන ගියා. ලගට ආවේ ගහන්න කිව්වා. මම හිනා වෙලා ප්‍රතිචාර දැක්වුවා. ඒ ප්‍රතිචාර හරිම සුන්දරයි. සජීවී බවක් දැනෙනවා. චරිතයේ ජිවත් වුනු නිසයි එහෙම ප්‍රතිචාර ලැබුණේ. නමුත් මම කලාවෙන් දැන් සමු අරගෙන ඉවරයි.

ඔබ නිළියක්ව හිටි බව දරුවන් දන්නවද..? ඔවුන්ගේ ප්‍රතිචාර කොහොමද ..?
දරුවෝ දෙන්නා දන්නවා මම රගපෑවා කියලා. ඇතැම් නිර්මාණ යළි දකිද්දී පුතා සතුටු වෙනවා මම දැකලා තියෙනවා. දුව නම් ඒ තරම් ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒ දෙන්නත් කලාවට ලැදියි.

සටහටම කලාවට සමු දුන් වසන්ති රටිනුත් පිට වෙන්න සුදානමක් තියෙනවා කියලා අරංචියි...?
ඔව්. මගේ සැමියා ඉන්නේ විදෙස්ගත වෙලා. ඔහු ඉන්න රටට යනවා දරුවෝ දෙන්නගේ අධ්‍යාපන කටයුතු නිසා. වර්ෂ කිහිපයකට යන්න හිතාගෙන ඉන්නේ. ලබන වර්ෂයේ මුල යනවා.

හර්ෂණී වීරරත්න




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  36 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  411 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  728 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,942 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  477 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  790 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  587 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  477 Downloads



Top 10 Commenters

Latest Comments

Top