Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
"අන්තිමට මගේ දරු පැටියයි මාවයි තනි වුණා" - ඇමති ආරක්ෂක වෙඩි උණ්ඩය බිලිගත් රංගනගේ බිරිඳ ධනුෂිකා හැඬූ කඳුලින් කියූ කතාව - Video & Photos

- "අන්තිමට මගේ දරු පැටියයි මාවයි තනි වුණා" - ඇමති ආරක්ෂක වෙඩි උණ්ඩය බිලිගත් රංගනගේ බිරිඳ ධනුෂිකා හැඬූ කඳුලින් කියූ කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,844 Views
"පුතාට දැන් නිකං සාංකාව වගේ... බලාගත්තු අත බලාගෙන ඉන්නෙ"
"අපි ගොඩාක් බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවත්වුණේ."
"මේ ඝාතනය ගැන සාධාරණ පරීක්ෂණයක් කරලා වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න"

“මගේ මහත්තයගේ ඝාතකයන්ට නිසි දඬුවම් පමුණුවමින් මගේ දරු පැටියට සාධාරණය ඉටුකරන්නැ”යි ඛනිජ තෙල් අමාත්‍යංශයේ පසුගිය 28වැනිදා ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණයෙන් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ රංගන පුෂ්පකුමාර රාජපක්ෂ මහතාගේ බිරිය හඬා වැලපෙමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ගම්පොළ, ගෙලිඔය, කරමඩ විසූ 36 හැවිරිදි රංගන පුෂ්පකුමාර 2007 වර්ෂයේදී ඛනිජ තෙල් සංස්ථා ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවයට එක්ව ඇති අතර පසුව ඛනිජ තෙල් අමාත්‍යාංශයේ සේවයට පැමිණි ඔහු පසුගිය 28 වැනිදා සවස අමාත්‍යංශය වසා දමා සීල් තබා තිබියදී එහි පැමිණි හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග ඇතුළු පිරිවර නිසා ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ නිරපරාදේ ජීවිතයෙන් වන්දි ගෙවූවා.

ඉරිදා දිනයක් වූ එදින අමාත්‍යංශය ඉබි යතුරු දමා වසා තිබියදී පැමිණි එම පිරිස නිසා ඇතිවූ ගැටුමෙන් රංගන පුෂ්පකුමාර ජීවිතයෙන් වන්දි ගෙවද්දී මාලිගාවත්ත, ඛෙත්තාරාමයේ නාලක රුක්මල් පෙරේරා සහ තවත් පුද්ගලයෙක් වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබුවා.

වෙඩි ප්‍රහාරය එල්ල කළායැයි සැක කෙරෙන්නේ අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ පොලිස් දෙපාර්තමේන්තුවේ සාජන්වරයෙක්. ඔහු මේ වනවිට බන්ධනාගාරගත කර තිබෙනවා. හිටපු අමාත්‍යවරයාද කොළඹ අපරාධ කොට්ඨාසයට බාර වීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරිණා.

සිද්ධියේදී ජීවිතයෙන් වන්දි ගෙවූ කුරුණෑගල ගල්ගමුව ඇබෝගම උපන් රංගන කුඩා අවදියේදීම දෙමාව්පියන්ද අහිමිව තම වැඩිමහල් සහෝදරයා සහ නැගණිය සමඟ ඉතාම අසරණ දිවියක් ගත කරමින් ජීවිතයේ ඉදිරියට පැමිණි තරුණයෙක් බව පැවසෙනවා.

පසුව 2015 වර්ෂයේදී ගෙලිඔය, කරමඩ වෙසෙන ආර්. එම්. ධනුෂිකා සමඟ විවාහ වූ ඔහු සිය ස්ථිර පදිංචිය සඳහා ගෙලිඔයට පැමිණ තිබෙනවා.

ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරිනියක ලෙස සේවය කළ ධනුෂිකා සමඟ ඉතාම සතුටින් දිවි ගෙවූ රංගනගේ ජීවිතය තවත් හැඩ කළේ 2016 වර්ෂයේදී උපන් මෙතික තෙදත්විත් පුංචි පුතායි.

කෙතරම් වැඩ රාජකාරි තිබුණත් කෙසේ හෝ සති අන්තයේ නිවෙසට පැමිණෙන රංගන නැති අඩුව මෙතික දරු පැටියාට නම් තදින්ම දැනෙන බව පෙනී යන්නේ දරු පැටියා දුටු විටයි.

“දරුවා හැම තිස්සෙම අහන්නෙ තාත්තා ගැන... අපිට ඒවට දෙන්න උත්තර නැහැ.... පුතාට දැන් නිකං සාංකාව වගේ... බලාගත්තු අත බලාගෙන ඉන්නෙ... එයා රංගන සති අන්තෙ ගෙදර එන බව හොඳටම දන්නවා... මොකද රංගන කියන්නෙ කොහොමහරි හැම සති අන්තෙකම අප බලන්න ගෙදර ඇවිල්ලා යන කෙනෙක්. අන්තිමට ආවේ පසුගිය 22 වැනිදා... කරුමෙට එයාට මේ සතියේ එන්න ලැබුණේ නෑ... මහත්තයා මටයි මගේ දරු පැටියටයි පණ වගේ ආදරෙන් හිටියේ. අපි ගොඩාක් බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවත්වුණේ. අපි දෙන්නා එකතුවෙලා අමාරුවෙන් හරිහම්බ කරගෙන නිවෙසක් තනන්න ගත්ත විතරයි මේ අපරාධය වුණේ... අන්තිමට මගේ දරු පැටියයි මාවයි තනි වුණා... මේ ඝාතනය ගැන සාධාරණ පරීක්ෂණයක් කරලා වැරැදිකරුවන්ට නිසි දඬුවම් පමුණුවන්නැයි මම සියලුම බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා”යැයි සිය ස්වාමියාගේ වියොවින් තැවෙන ධනුෂිකා පවසනවා.

තම බිරියට දරුවාට මෙන්ම පවුලේ සෑම දෙනාටම පණ මෙන් ආදරය කළ රංගන ගැන එකම සොහොයුරිය නයෝමි සඳමාලි පවසා ඇත්තේ මෙවන් කතාවක්.

“ඇයි මගේ අයියව වෙඩි තියලා මරලා දැම්මෙ... එයා මොකක්ද කළ වරද... රත්තරන් අයියා තමයි අපේ පවුලට ශක්තියක් වුණේ... මොන තරම් වැඩ රාජකාරි අධිකව ගෙලිඔය ජීවත් වුණත් අයියා අපිව බලන්න ඇබෝගමට අනිවාර්යයෙන්ම ඇවිල්ලා යනවා... ඒ වගේම ගමේ කාගේහරි මරණයක් මඟුලක් තිබුණොත් අයියා ඇවිල්ලා යනවාමයි... අන්තිමට අපට අයියා හමුවුණේ පසුගිය 21 වැනිදා වාරියපොළ තිබුණ මඟුල් ගෙදරට ආ වෙලේ... අපේ අයිය වෙනුවෙන් සාධාරණය ඉටුකරන්න... ඒ වගේම තවත් මේ ආකාරයේ නිරපරාදේ මිනිස් ජීවිත විනාශ වෙන දේශපාලන ක්‍රමය අවසන් කරන්නැයි අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.”

පසුගිය බදාදා මළහිරු බැස යන සන්ධ්‍යාවේ දේශපාලනඥයන් ප්‍රභූවරුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවූ රංගනගේ අවමංගල කටයුතු සියල්ල මේ වන විට අවසානය. එහෙත් ඔහුගේ ඝාතකයන් ගැන නිසි පරීක්ෂණ සිදුකොට දඬුවම් පැමිණවීම බලධාරීන්ගේ යුතුකමයි.

අමිල මලවිසූරිය






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,665 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,826 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,926 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  26,400 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,169 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  237,442 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,139 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,392 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,223 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,431 Downloads



Top 10 Commenters

Latest Comments

Top