යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (17) පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී උණසුම් තත්ත්වයක් ඇතිවුණා. ඊයේ උදෑසන දිස්ත්‍රික් සංවර්ධන කමිටුව රැස්වුණේ එහි සම සභාපතිවරුන් වන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන්.
සංවර්ධන කමිටු රැස්වීම ආරම්භ කරමින් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් රැස්ව සිටි පිරිස ඇමතූ අතර ඉන් අනතුරුවයි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සභාව අමතනු ලැබුවේ. එහිදී අමාත්‍යවරයා උතුර පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය විවේචනය කර තිබෙනවා.
ඊට පළාත් මහ ඇමතිවරයා සහ දෙමළ සන්ධාන නියෝජිතයන්ගෙන් විරෝධය එල්ලවීමත් සමඟයි මෙම උණසුම් තත්ත්වය ඇතිවුණේ.
මෙම උණසුම් තත්ත්වය අතරතුර දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් දෙසට කිසිවෙකු ජල බෝතල් ප්‍රහාරයක් එල්ල කර පළාගොස් තිබෙනවා. එම ප්‍රහාරයෙන් උතුර පළාත් සභාවේ කෘෂිකර්ම ඇමති පී. අයින්කරනේෂන් සහ පළාත් සභා මන්ත්‍රී සර්වේෂ්වරන් ඇතුලූ තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් සඳහන් කළේ. මෙම සිද්ධියත් සමඟ යාපන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අතරමග නතර කෙරුණා.
සිද්ධියෙන් අනතුරුව පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්දාද වෙන වෙනම මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා කියා සිටියේ මෙම සිද්ධියේදී තම පක්ෂයේ සාමාජිකයන් 8 දෙනෙකුද තුවාල ලැබූ බවයි.
එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න...